Qualcomm සහ Apple සමාගම වසර ගණනාවක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කළ සමාගම් ද්විත්වයක් නොවන බව සහ, එකිනෙකාට විරුද්ධව නඩු ගණනාවක් පවතින සමාගම් ද්විත්වයක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

Qualcomm සමාගමේ රහස් සොරාගෙන Intel සමාගමට ලබා දුන් බව කියමින් Qualcomm සමාගම Apple සමාගමට විරුද්ධව නඩු පවරයි
Qualcomm [https://en.wikipedia.org/wiki/Qualcomm] සහ Apple[https://en.wikipedia.org/wiki/Apple_Inc.]කියන්නේ දීර්ඝ කාලයක සිටම එකිනෙකා අතරහොඳ හිතා දිනාගෙන සිටි සමාගම් දෙකක් නොවන බව මේ වන විට බොහෝ දෙනෙක් දන්න කාරණයක්. මේ ගින්නට අළුතින් පිදුරු දමමින් Qualcomm සමාගම විසින් Apple සමාගමට විරුද්ධව තවත්න…
Patent බළපත්‍ර උල්ලංඝනය කිරීම නිසා Apple සමාගමට ඩ‍ොලර් මිලියන 31ක මුදලක් ගෙවීමට නියම වෙයි
Apple [https://en.wikipedia.org/wiki/Apple_Inc.] සහ Qualcomm[https://en.wikipedia.org/wiki/Qualcomm] සමාගම් අතර පවතින ගැටළුව ආරම්භ වී වසරගණනාවක් ගත වුවත් පසුගිය වර්ෂයේදී හදිසියේම එය ඉතාමත් උත්සන්න තත්ත්වයකට පත් වූවා[/qualcomm-accuses-apple-of-stealing-their-secrets-and-giving-them-to-intel/] මතක…

කොහොම නමුත් පසුගිය වසරේදී Intel සමාගම ඔවුන්ග‍ේ 5G modem නිෂ්පාදන ව්‍යාපාරය නතර කර දැමීමත් සමඟින්, (5G components ලබාගැනීම උදෙසා) මෙලෙස පැවති නඩු බොහෝමයක් සමථයකට පත් කරගෙන එකඟතාවයකට පැමිණීමට මොවුන් කටයුතු කරනු ලැබුවා.

Qualcomm හා Apple සමාගම් අතර තිබූ නඩු ඉවත් කරගෙන එකඟතාවයකට පැමිණීමට කටයුතු කරයි
Apple සමාගම [https://en.wikipedia.org/wiki/Apple_Inc.] හා Qualcomm සමාගම[https://en.wikipedia.org/wiki/Qualcomm] අතර Patent බළපත්‍ර වෙනුවෙන් පවරා තිබූනඩු වෙනුවෙන් එකඟතාවයකා පැමිණි බව Apple සමාගම විසින් ඔවුන්ගේ නිළ Newsroom වෙබ්අඩවිය හරහා ප්‍රකාශයක්[https://www.apple.com/newsroom/2019/04/qualcomm…

මේ අතර පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම Apple Silicon chip එක එළිදැක්වීමත් සමඟින්, නැවතත් මෙම තත්ත්වය උණුසුම් වන්නේ Apple සමාගම විසින් තම සමාගමේ උපාය මාර්ග copy කරනු ලබන බව Qualcomm සමාගම ප්‍රකාශ කිරීමත් සමඟයි.

AnandTech වෙබ් අඩවියට අදහස් දක්වමින් Qualcomm සමාගමේ නියෝජිතයෙකු ප්‍රකාශ කර ඇත්තේ Apple සමාගම දැන් මේ සිදු කරමින් සිටින ක්‍රියාවලිය ඔවුන් වසර ගණනාවක් තිස්සේ ඉතාමත් සාර්ථකව සිදු කරමින් සිටින බවයි.

Qualcomm සමාගම පසුගිය වසර දෙක - තුන ඇතුලතදී නිෂ්පාදනය කරනු ලැබූ chips අනුකරණය කරමින් Apple සමාගම ඔවුන්ගේ M1 chip එක නිර්මාණය කර ඇති බවත්, SoC, එහෙමත් නැතිනම් multimedia, AI capability, camera capability වැනි සියළුම පහසුකම් අන්තර්ගත කර (System on Chip) chips නිෂ්පාදනය කිරීම ඔවුන් හට අලුත් දෙයක් නොවන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට Microsoft සමාගම සහ Qualcomm සමාගමේ සහයෝගීතාවය මත ARM මත පදනම් වුණු Microsoft SQ1 සහ SQ2 යන generation ද්විත්වයකට අදාල chipset ද්විත්වයක් නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා Microsoft Surface lineup එක තුළ දැනට භාවිතයේ පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia News වෙබ් අඩවිය සහ AnandTech වෙබ් අඩවිය භාවිතා කළ හැක.