ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් වෙන් වුණු, community powered, එහෙමත් නැතිනම් මේ හරහා ප්‍රයෝජන ලබන පිරිස විසින්ම බල ගන්වනු ලබන publishing platform එකක් විදිහට 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී technews.lk වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබුවා.

ආරම්භයේ පටන්ම අපගේ අවධානය යොමු වූයේ පරිශීලකයාගේ කියැවීමේ අත්දැකීමට බාධා වන දේවල් වලින් තොර, අත්‍යාවශ්‍යය පහසුකම් වලින් පමණක් සමන්විත, නිරවද්‍යය කරුණු ඇතුලත්, තත්ත්වයෙන් උසස් media platform එකක් සිංහල භාශාවෙන් භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කිරීම වන අතර මේ දක්වා අප බළාපොරොත්තු වූ එම ගුණාත්මක බව රැක ගැනීමට හා පවත්වාගෙන යෑමට සමත් වී ඇති බව විශ්වාස කරනවා.

අද වන විට ශ්‍රී ලංකාවේ #1 media platform එක ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නටත්, පාසැල් සිසුවාගේ සිට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දක්වා විහිදුණු අති-දක්ෂ කතෘ මඩුල්ලකගේ පෝෂණය ලබන්නටත් technews.lk වෙබ් අඩවිය සමත් වී තිබෙන බව නිහතමානී සතුටකින් යුතුව ප්‍රකාශ කළ හැකිව තිබෙනවා.

2020 වර්ෂයේ BestWeb.LK තරඟාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Media, Sport & Entertainmentවෙබ් අඩවියට හිමි සම්මානය දිනාගැනීමට technews.lk වෙබ් අඩවිය සමත් වෙයි.
2019 වර්ෂයේ SLT Zero One Awards තරඟාවලියේ Media and Publishing යන category එක යටතේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය දිනාගැනීමට technews.lk වෙබ් අඩවිය සමත් වෙයි.
2019 වර්ෂයේ BestWeb.LK තරඟාවලියේ ශ්‍රී ලංකාවේ හොඳම Media, Sports & Entertainment Website එකට අදාල silver award එක හිමි කරගැනීමට technews.lk වෙබ් අඩවිය සමත්  වෙයි.

Techie media platform එක

  1. News - අලුත්ම තාක්ෂණික පුවත්
  2. TechRoom - තාක්ෂණික යෙදවුම් පිළිබඳව ගැඹුරින් විග්‍රහ කෙරෙන ලිපි
  3. Community - Techie Community එක
  4. Live - Tech event සඳහා සජීවී තොරතුරු විකාශය කිරීම්

වශයෙන් ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වන අතර Techie app එක හරහා News, TechRoom සහ Live යන sections භාවිතා කිරීමටත්, Techie Community app එක හරහා Community එක භාවිතා කිරීමටත් Android පරිශීලකයන් හට මේ වන විට අවස්ථාව තිබෙනවා.

Techie on Android | iOS | Windows

එමෙන්ම technews.lk වෙබ් අඩවිය හරහා publish කරනු ලබන සෑම ලිපියකම ගුණාත්මක බව රැකගැනීම සඳහා එහි ඇති කරුණු වල නිරවද්‍යයතාවය, සරළ බව සහ භාශා විලාසය පිළිබඳව editor වරුන් විසින් review කිරීමක් සිදු කරනු ලබන අතර සෑම ලිපියකම ඇති කරුණු අවම වශයෙන් sources ද්විත්වයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හරහා නිරවද්‍යයතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් publish කිරීමට කටයුතු කරනු ලබනවා.


වෙබ් අඩවියේ අන්තර්ගතය මෙන්ම එය භාවිතා කරන්නාට ලැබෙන user experience එක පිළිබඳවත් අපගේ විශේෂ අවධානය නිරන්තරයෙන් යොමු කරනු ලබන අතර coding session වලදී technology stack එක තෝරා ගැනීමේ සිට essential පහසුකම් පමණක් තෝරාගෙන එය නිර්මාණය කිරීම සඳහා ඇති best practices අනුගමනය කිරීමටත්, fonts, font sizes, column sizes මෙන්ම වර්ණ තෝරාගැනීමේදී පවා සියුම් ලෙස ඒවා අධ්‍යයනය කර පරිශීලකයාගේ කියැවීමේ රුචිය වර්ධනය කිරීමට තුඩු දෙන ලෙස optimize කිරීමටත් අපි සැලකිළිමත් වී සිටින්නෙමු.

GTmetrix Live Performance Report | Google PageSpeed Score

දැනට භාවිතයේ පවතින latest technology stack එකක් හරහා පණගැන්වෙන technews.lk media platform එක නිර්මාණය කිරීමේදී ලිපියක් load වීමට ගත වන කාලය අවම කිරීමේ සිට, එය කියැවීම, copy කිරීම, share කිරීම මෙන්ම අවශ්‍යය නම් එය මුද්‍රණය කිරීමේ දී වුවද පරිශීලකයා හට best possible user experience එක ලබාදීමට අපි පියවර ගෙන තිබෙනවා.

ඔබ ලිපියක් copy කරන්නේ නම්, ලිපිය ලියන ලද කතුවරයාට එම කර්තව්‍යය වෙනුවෙන් කැප කරන ලද කාලයට හා මහන්සියට හිමි විය යුතු ගෞරවය, එහෙමත් නැතිනම් credits ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු. - Updated at: 11/12/2021

වසර කිහිපයක් මුළුල්ලෙහි technews.lk අද තිබෙන තත්ත්වයට ගෙන එන ගමන අතරතුරදී අත්වැරදීම් සිදුවී තිබිය හැකි අතර ඔබගේ දැක්මට අනුව යම්කිසි අඩුපාඩුවක් තිබෙන්නේ නම් ඒ පිළිබඳව අපව දැනුවත් කිරීමට කටයුතු කරන්නට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතරම ඔබගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනාවන්ද [email protected] යන email ලිපිනය හෝ අපගේ Facebook පිටුව ඔස්සේ අප වෙත යොමු කිරීමේ හැකියාව තිබෙනවා.


Ownership and Funding Information
OwnershipTechNews.LK is operated by Codeaffinity Technologies, a privately owned companyincorporated in Sri Lanka. Codeaffinity is also the owner of the followingsocial media accounts. * Facebook page - TechNews.LK - Tech News සිංහලෙන් [https://www.facebook.com/si.technews.lk] * Twitter acc…
Ownership & Funding Information