iPhone 12 Series එක සමඟ box එක තුළ power adapter එක හා earbuds ලබා නොදීමට ඇපල් සමාගම තීරණය කිරීමත් සමඟ ලොව පුරා සිටින ඇපල් පාරිභෝගිකයන් හට iPhone 12 devices එක වෙනම මිලදී ගැනීමටත්, power adapter හා earbuds වෙනම මිලදී ගැනීමටත් සිදු වී තිබෙනවා.

iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන ලකුණු
මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එකනොමිලයේ ලබා නොදීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. MacRummors[https://www.macrumors.com/2020/06/28/kuo-no-charger-in-iphone-12-box/], TheVerge[https://www.theverge.com/2020/6/28/21306499/2020-iphones-no-power-adapter-earpods-new-ipads-20w-charger…

නමුත් ප්‍රංශය තුළ ඇති නීති-රීති හමුවේ Apple සමාගමට ප්‍රංශය වෙත යවන devices සමඟ earbuds ලබාදීමට මේ වන විට සිදු වී තිබෙන අතර, මේ හා සමාන සිදුවීමකට බ්‍රසීලය සම්බන්ධයෙන් මුහුණදීමට ද Apple සමාගමට මේ වන විට සිදු වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

බ්‍රසීලයේ සාවෝ පාවුලු ප්‍රාන්තයට වෙත යවනු ලබන iPhone 12 devices සමග charging adapter ලබාදීමට ඇපල් සමාගමට සිදුවනු ඇති බව මේ වන විට වනවිට වාර්තා වෙමින් තිබෙන අතර එයට හේතුව නම්, බ්‍රසීලයේ public consumer protection agency එක, එහෙමත් නැතිනම් රාජ්‍ය පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් power adapter එක ඉවත් කරන ලද්දේ කුමන පදනමකින්ද හා එය පරිසර හිතකාමී වන්නේ කෙසේද යන්න පිළිබඳව Apple සමාගමෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමයි.

Apple සමාගම විසින් මෙයට සිය සුපුරුදු පිළිතුර වන "පාරිභෝගිකයන් සතුව දැනටමත් අවශ්‍ය තරම් Charger තිබීම හා කාබන් විමෝචනය අවම කිරීම" යන කරුණු පෙන්වා දී ඇතත්, බ්‍රසීලයේ මෙම ආරක්ෂණ අධිකාරිය එම කරුණු පිළිගත නොහැකි බව පෙන්වා දී තිබෙනවා.

Power adapter එක device එකට අත්‍යවශ්‍ය උපාංගයක් බවත්, එය නොමැතිව iPhone 12 අලෙවි කි‍රීමේ අවස්ථවෙ ලබා දීම බ්‍රසීලියානු පාරිභෝගික ආරක්ෂණ නීති සංග්‍රහයට පටහැනි බවත්, පෙට්ටියෙන් චාජර් එක ඉවත් කිරීම පරිසරයට කිසිදු ආකාරයකින් උපකාරී වනු ඇති බවට සමාගම ප්‍රමාණවත් සාක්ෂි සපයා නැති බවත් හා මීට අමතරව, තෙවන පාර්ශවීය චාජර් මිලදී ගත් පාරිභෝගිකයින් හට ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දෙන බවට Apple සමාගම සහතික වී නැති බව යනු කරුණු පදනම් කරගෙන බ්‍රසීල රාජ්‍ය පරිභෝගික ආරක්ෂණ අධිකාරි විසින් මෙම තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙය ඉදිරියේදී එය සාවෝ පාවුලු ප්‍රාන්තයට පමණක් සීමා නොකර, සමස්ත රට පුරා ක්‍රියාත්මක වන ලෙස අවශ්‍ය කටයුතු සිදු කිරීමටද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව ප්‍රංශයේදී සිදුවූවාක් මෙන්, බ්‍රසීලය වෙත නිකුත් කරන iPhone 12 devices සමඟ power adapter එක ලබාදීමට Apple සමාගමට සිදුවනු ඇති බව අනුමාන කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.