Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමට නියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Apple සමාගම විසින් ඔවුන්ගේ “One More Thing” event එක නොවැම්බර් 10 වැනි දින පවත්වන බව නිවේදනය කරයි
Apple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 11.30 ට“One More Thing” නමින් තවත් virtual event එකක් පවත්වන බවට නිවේදනය කර තිබෙනවා. Apple EventOne more thing. Join us for a special Apple Event on November 10,2020 at 10 a.m. PST.Apple [https://www.apple.com/apple-events/]මෙම …

බොහෝ දෙනා මේ event එක එනතුරු බළා සිටියේ Apple සමාගමේ නවතම processor එක වන Apple Silicon chips අන්තර්ගත වන devices මෙහිදී එළිදක්වනු ඇති බව අනුමාන කළ නිසාවෙන් වන අතර, බළාපොරොත්තු වූ පරිදිම Apple M1 chip එක අන්තර්ගත වන MacBook Air, MacBook Pro සහ Mac mini පරිගණක මෙන්ම තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක් මේ අතරට එක්ව තිබුණා.

මේ දක්වා Apple සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ mac පරිගණක වල අන්තර්ගත වුණු Intel processors (x64) වෙනුවට හඳුන්වාදුන් Apple සමාගම විසින්ම නිෂ්පාදනය කරනු ලබන Apple Silicon family එකේ පළමු සාමාජිකයා වන M1 chip (ARM) එකට මෙහි විශේෂ අවධානයක් යොමු වී තිබුණා.

මේ M1 chip එක 5nm process එක යටතේ desktop පරිගණකයක් සඳහා නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම CPU එක වන අතර මෙය ප්‍රධාන වශයෙන් performance cores 4කින් සහ power efficient cores 4ක් ලෙස octa-core design එකකින් සමන්විත වෙනවා.

මේ දක්වා ලොව නිෂ්පාදනය කර ඇති watt එකක් සඳහා වැඩිම කාර්ය්‍යක්ෂමතාවයක් ලබාදෙන CPU එක මෙය වන බව Apple සමාගම පෙන්වා දෙන අතර, සාමාන්‍යය CPU එකකට ලබාදෙනු ලබන විදුලියෙන් හතරෙන් එකක ප්‍රමාණයකට එම කාර්ය්‍යක්ෂමතාවයම ලබාගැනීමට මේ හරහා හැකියාව ලැබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම chip එක සතුව ඇති graphic processor එකත් cores 8කින් සමන්විත වන අතර එක විට threads 25,000ක් පමණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින මෙය, ලොව වේගවත්ම Integrated graphic processor එක වන බව ද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මීට අමතරව 16-core Neural Engine එකක්, universal memory architecture එකක්, Apple සමාගම විසින්ම නිර්මාණය කරන ලද USB 4 වලට සහාය දක්වන Thunderbolt controller එකක්, image signal processor එකක්, media encode/decode engines සහ තවත් security features කිහිපයක් ද මෙම CPU එකට අන්තර්ගත වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර මෙකී සියළුම කොටස් motherboard එක පුරාවට විවිධ ස්ථාන වල වෙන වෙනම සවිකර තිබීම වන අතර මේ හරහා මෙය තනි chip එකක් ලෙස නිර්මාණය කරන්නට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම සියළුම processors එකම ස්ථානයක තිබෙන නිසාවෙන් cache memory ආදිය භාවිතා කිරීමේදී මේ දක්වා එකම දත්ත එකිනෙකට වෙනස් memory pool වල copy කර තබාගැනීමේ ක්‍රමය වෙනුවට, මේ සියළුම කොටස් සඳහා shared memory pool එකක් ලෙස memory එක access කිරීමේ හැකියාව ලැබෙන බව ද ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම මෙම chip එක සමඟින් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන ආකාරයට macOS Big Sur මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇති බව ද Apple සමාගම පෙන්වාදුන් අතර, මේ හරහා macOS එකට, MacBook Air, MacBook Pro මෙන්ම Mac mini පරිගණක වලට එකතු වූ අලුත් පහසුකම් සහ වැඩිදියුණු කිරීම් පිළිබඳව තොරතුරු තවත් ලිපියක් හරහා ඉක්මණින්ම ඔබ වෙත ගෙන ඒමට අපි බළාපොරොත්තු වන්නෙමු.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.