Apple සමාගම හා Qualcomm සමාගම අතර Patent බළපත්‍ර වෙනුවෙන් පවරා තිබූ නඩු වෙනුවෙන් එකඟතාවයකා පැමිණි බව Apple සමාගම විසින් ඔවුන්ගේ නිළ Newsroom වෙබ් අඩවිය හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව Apple සමාගම විසින් Qualcomm සමාගමට (මේ වන තුරු ප්‍රසිද්ධ කර නොමැති) මුදල් ප්‍රමාණයක් ගෙවීමට එකඟ වී ඇති අතර තවත් වසර 6ක් දක්වා වන patent බළපත්‍ර සඳහා වන එකඟතාවයක් මෙන්ම එම කාළය දක්වා chipset සැපයුම් කිරීම සඳහා වන එකඟතාවයකට ද පැමිණ තිබෙන බව වාර්ථා වෙනවා.

මේ වන විට Intel සමාගම විසින් ජංගම දුරකථන සඳහා 5G Modem නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම අතහැරදැමීමට තීරණය කළ බව නිළ වශයෙන් නිවේදනය කර තිබෙන අතර, Smart home devices හා පරිගණක සඳහා පමණක් 4G හා 5G Modem නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Apple සමාගමේ ප්‍රධානතම chipset සැපයුම්කරුවන් දෙදෙනා වන Intel හා Qualcomm සමාගම් අතරින් Intel සමාගම ජංගම දුරකථන සඳහා 5G Modem නිෂ්පාදනය කිරීම නවතා දැමූ විට Apple සමාගමට ඉතිරි වන එකම option එක Qualcomm සමාගම හා එකඟ වීම බව පැහැදිළි වෙනවා.

Qualcomm සමාගම හා Apple සමාගම අතර සිදු වූ මේ ඉක්මන් එකඟතාවට හේතුව Intel සමාගම විසින් 5G Modem නිෂ්පාදනය අතහැර දැමීම බව බොහෝ දෙනා අදහස් දක්වනවා. කොහොම වුණත් මේ එකඟතාවය හරහා 5G තාක්ෂණය සහිත iPhone ජංගම දුරකථන වෙළඳපොලට ලඟාවීම ඉක්මන් වනු ඇති බවට ඉඟියක් පළ කෙරෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom එක, Engadget වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.