වෙළඳපොලට නිකුත් කරනු ලැබූ ඇතැම් iPhone 11 ජංගම දුරකථන වලට තත්ත්වයෙන් බාල display අන්තර්ගත කර ඇති බව Apple සමාගම විසින් පිළිගෙන ඇති අතර, ඒ සඳහා free repair program එකක් ආරම්භ කිරීමට ද කටයුතු කරනු ලබන බව මේ වන නිවේදනය කර තිබෙනවා.

මෙම display අන්තර්ගත වන devices වල තාක්ෂණික දෝෂ ඇතිවන ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත් මේවායේ display module එකේ දුර්වලතාවයක් නිසාවෙන් ඇතැම් ඒකක touch කිරීමේදී ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ ගැටළුව පවතින්නේ iPhone 11 මාදිලි වල පමණක් බවත්, iPhone 11 Pro සහ iPhone 11 Pro Max යන මාදිලි වල හිමිකරුවන් හට මෙයින් කිසිඳු බළපෑමක් සිදු නොවන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබත් iPhone 11 ජංගම දුරකථන හිමියෙකු නම්, පහත වෙබ් පිටුවට ගොස් ඔබගේ iPhone එකේ serial number එක ඇතුලත් කිරීමෙන් මෙම ගුණාත්මක බවින් අඩු display ගැටළුවට ඔබගේ ජංගම දුරකථනයට බළපාන්නේ ද නැද්ද යන්න දැනගත හැකි වෙනවා.

iPhone 11 Display Module Replacement Program for Touch Issues - Apple Support
iPhone 11 Display Module Replacement Program for Touch Issues

මෙම ගැටළුවට ඔබත් මුහුණදෙන්නේ නම් එය අලුත්වැඩියා කරදීමේ කටයුතු නොමිලයේ සිදු කරදීමට Apple සමාගම මේ වන විට කටයුතු කරනු ලබන නමුත් මේ සඳහා ඔබට ඔබගේ ජංගම දුරකථනය Apple Authorized Service Provider කෙනෙකු ළඟට ගෙන යා යුතු වෙනවා.

එමෙන්ම ඔබගේ ජංගම දුරකථනයේ screen එක දැනටමත් crack වී තිබෙන්නේ නම්, මෙම free repaid program එක සඳහා සුදුසුකම් ලැබීමට හැකියාව නොලැබෙනු ඇති බවත්, ඒ සඳහා යම්කිසි මුදලක් අය කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙම ගැටළුවට මුහුණදී තිබෙන්නේ 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට 2020 වර්ෂයේ මැයි මාසය දක්වා නිෂ්පාදනය කරනු ලැබූ iPhone 11 ඒකක "සුළු ප්‍රමාණයක්" පමණක් බව ද Apple සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය සහ Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.