Help & Support
Techie, එහෙමත් නැතිනම් TechNews.LK සේවාව භාවිතා කිරීමේදී මුහුණදීමට සිදු වන ගැටළු සහ විසඳුම් පිළිබඳව මෙන්ම, නිතර අසන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු.
TechNews.LK එකේ author කෙනෙක් වෙන්න අපිටත් පුළුවන්ද?
ඔව්. ඒක හරිම සරළ process එකක්. ඒ වෙනුවෙන් තිබිය යුතු සුදුසුකම් මෙන්ම අනුගමනය කළ යුතු පියවර ගැන විස්තරාත්මකව contribute පිටුවේ සඳහන් කර තිබෙනවා.
TechNews.LK කතෘවරුන් හට මුදල් ගෙවීමක් සිදු කරනවාද?
නැහැ. සාමාන්‍යය ලිපි සඳහා මුදල් ගෙවීමක් සිදු නොකරන නමුත් author level එක අනුව විවිධ ත්‍යාග ලබාදීමට කටයුතු කරනු ලබන අතර, sponsored articles ලිවීම සඳහා ඔබව තෝරා ගැනෙනු ලැබුවහොත් ඊට අදාල මුදල එම කතෘවරයාට ගෙවනු ලබනවා.
TechNews.LK වෙත අප ලබාදෙන ලිපි පලවන ආකාරය කෙසේද?
අදාල කතෘවරයා විසින් ලිපියක් ලියා අවසන් වූ පසුව, එය අපගේ editorial team එක විසින් review කිරීමක් සිදු කරනු ලබනවා.
එහිදී ලිපියෙහි භාශා විලාශය, අක්ෂර වින්‍යාසය, කරුණු වල නිරවද්‍යයතාවය වැනි කරුණු තහවුරු කිරීමට කටයුතු කරනු ලබන අතර වෙනත් වෙබ් අඩවි වලින් copy කළ ලිපි හඳුනාගෙන එවැනි ලිපි ඉවත් කරනු ලබනවා.
බොහෝ විට මේ review process එක Techie Editor කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් review වාර දෙකක් සිදු කිරීමෙන් අනතුරුව, ලිපිය සම්පූර්ණ නම් එය publish කිරීමට කටයුතු කරනු ලබනවා.
මම YouTube Channel එකක්/Blog එකක්/Facebook Page එකක් කරගෙන යනවා. ඒ සඳහා මට TechNews.LK එකේ content භාවිතා කරන්න පුලුවන් ද?
ඔව්. TechNews.LK සේවාවේ පළ කරනු ලබන සියළුම ලිපි පහසුවෙන් copy කරගැනීම සඳහා දැනටමත් පහසුකම් ලබාදී ඇති අතර එය ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයකට නිදහසේ භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
කොහොම නමුත් අදාල ලිපියේ කතෘවරයාට හෝ TechNews.LK වෙබ් අඩවියට ඒ සඳහා credits ලබාදීම අනිවාර්යය වන බව මතක තබාගත යුතු වෙනවා.
TechNews.LK ලිපි වල තියෙන කරුණු වැරදියි. ඒවා report කරන්නේ කොහොමද?
අපගේ Correction policy එක අනුව, යම්කිසි පරිශීලකයෙකු විසින් වැරැද්දක් පෙන්වාදීමට කටයුතු කළහොත්, ඒ පිළිබඳව සොයා බලා, හැකි ඉක්මණින් නිවැරදි කිරීමට අප බැඳී සිටිනවා.
ඒ සඳහා වහාම අදාල author වරයා හරහා හෝ සෘජුවම පහත සඳහන් මාර්ග වලින් අපව සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
TechNews.LK වෙබ් අඩවිය සම්බන්ධ කරගන්නේ කොහොමද?
මේ සඳහා අපගේ නිළ Facebook පිටුව, නිළ Twitter ගිණුම භාවිතා කළ හැකි අතර, [email protected] යන අපගේ email ලිපිනය භාවිතා කරමින් අප සමඟ සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව ලබා දී තිබෙනවා.