Techie, එහෙමත් නැතිනම් TechNews.LK සේවාව භාවිතා කිරීමේදී මුහුණදීමට සිදු වන ගැටළු සහ විසඳුම් පිළිබඳව මෙන්ම, නිතර අසන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු.

Frequently Asked Questions
  • Techie iOS app එකක් තියෙනවා ද?
    නැහැ. Techie native apps දැනට ලබා දී තිබෙන්නේ Android සහ Windows යන platform වලට පමණක් වන අතර, ඔබ iOS පරිශීලකයෙකු නම් අපගේ Techie Lite app එක භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.
  • මට Techie Push Notifications ලැබෙන්නේ නැත්තේ ඇයි?
    Huawei, Xiaomi, Oppo, Vivo වගේ ගොඩක් modify කරපු Android සංස්කරණයක් තිබෙන ජංගම දුරකථන වල මේ ගැටළුව දකින්න ලැබෙන අතර ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි පියවර මේ පිටුව හරහා ඉදිරිපත් කර තිබෙනවා.

    මීට අමතරව ඔබ Telegram භාවිතා කරන්නේ නම්, අපගේ TechNews.LK Telegram Channel එක හරහා push notifications ලබාගැනීමටත්, අලුත්ම Instant View පහසුකම හරහා ඉතාමත් පහසුවෙන් ලිපි කියවීමටත් හැකියාව තිබෙනවා.
  • TechNews.LK සේවාවට අයත් නිළ Domain names මොනවාද?
    - technews.lk
    - techie.lk
    - ටෙක්නිව්ස්.ලංකා
    - ටෙකී.ලංකා
    - tnw.page.link (sub paths only)
    ඉහත සඳහන් domain name වලින් හෝ, අපගේ නිළ සමාජ ජාල ගිණුම් වලින් හැර අනෙකුත් domain names හරහා ලබාදෙන නිවේදන හෝ content කිසිවක් සඳහා TechNews.LK වෙබ් අඩවිය හෝ Codeaffinity Technologies ආයතනය කිසිඳු වගකීමක් නොගන්නා බව කරුණාවෙන් සළකන්න.

  • TechNews.LK එකේ author කෙනෙක් වෙන්න අපිටත් පුළුවන්ද?
    ඔව්. ඒක හරිම සරළ process එකක්. ඒ වෙනුවෙන් තිබිය යුතු සුදුසුකම් මෙන්ම අනුගමනය කළ යුතු පියවර ගැන විස්තරාත්මකව ඔබටත් ඉඩක් පිටුවේ සඳහන් කර තිබෙනවා.
  • TechNews.LK කතෘවරුන් හට මුදල් ගෙවීමක් සිදු කරනවාද?
    නැහැ. සාමාන්‍යය ලිපි සඳහා මුදල් ගෙවීමක් සිදු නොකරන නමුත් author level එක අනුව විවිධ ත්‍යාග ලබාදීමට කටයුතු කරනු ලබන අතර, sponsored articles ලිවීම සඳහා ඔබව තෝරා ගැනෙනු ලැබුවහොත් ඊට අදාල මුදල එම කතෘවරයාට ගෙවනු ලබනවා.
  • TechNews.LK වෙත අප ලබාදෙන ලිපි පල⁣වන ආකාරය කෙසේද?
    අදාල කතෘවරයා විසින් ලිපියක් ලියා අවසන් වූ පසුව, එය අපගේ editorial team එක විසින් review කිරීමක් සිදු කරනු ලබනවා.

    එහිදී ලිපියෙහි භාශා විලාශය, අක්ෂර වින්‍යාසය, කරුණු වල නිරවද්‍යයතාවය වැනි කරුණු තහවුරු කිරීමට කටයුතු කරනු ලබන අතර වෙනත් වෙබ් අඩවි වලින් copy කළ ලිපි හඳුනාගෙන එවැනි ලිපි ඉවත් කරනු ලබනවා.

    බොහෝ විට මේ review process එක Techie Editor කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් review වාර දෙකක් සිදු කිරීමෙන් අනතුරුව, ලිපිය සම්පූර්ණ නම් එය publish කිරීමට කටයුතු කරනු ලබනවා.
  • මම YouTube Channel එකක්/Blog එකක්/Facebook Page එකක් කරගෙන යනවා. ඒ සඳහා මට TechNews.LK එකේ content භාවිතා කරන්න පුලුවන් ද?

    ඔව්. TechNews.LK සේවාවේ පළ කරනු ලබන සියළුම ලිපි පහසුවෙන් copy කරගැනීම සඳහා දැනටමත් පහසුකම් ලබාදී ඇති අතර එය ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයකට නිදහසේ භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

    කොහොම නමුත් අදාල ලිපියේ කතෘවරයාට හෝ TechNews.LK වෙබ් අඩවියට ඒ සඳහා credits ලබාදීම අනිවාර්යය වන බව මතක තබාගත යුතු වෙනවා.
  • TechNews.LK ලිපි වල තියෙන කරුණු වැරදියි. ඒවා report කරන්නේ කොහොමද?
    අපගේ Correction policy එක අනුව, යම්කිසි පරිශීලකයෙකු විසින් වැරැද්දක් පෙන්වාදීමට කටයුතු කළහොත්, ඒ පිළිබඳව සොයා බලා, හැකි ඉක්මණින් නිවැරදි කිරීමට අප බැඳී සිටිනවා.

    ඒ සඳහා වහාම අදාල author වරයා හරහා හෝ සෘජුවම පහත සඳහන් මාර්ග වලින් අපව සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.

  • TechNews.LK වෙබ් අඩවිය සම්බන්ධ කරගන්නේ කොහොමද?
    මේ සඳහා අපගේ නිළ Facebook පිටුව, නිළ Twitter ගිණුම හෝ අපගේ About page එකේ ඇති chat පහසුකම භාවිතා කළ හැකි අතර, [email protected] යන අපගේ email ලිපිනය භාවිතා කරමින් අප සමඟ සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව ලබා දී තිබෙනවා.