OnePlus 8T ජංගම දුරකතනය ඔක්තෝබර් 14 වැනි දිනට එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙවර OnePlus 8T Pro මාදිලියක් නිකුත් නොකරන බව OnePlus සමාගම විසින් මේ වනවිටත් තහවුරු කර තිබෙනවා.

මෙවර OnePlus 8T Pro මාදිලියක් නිකුත් නොකරන බව OnePlus ප්‍රධානියා වන Pete Lau නිවේදනය කරයි
OnePlus සමාගමේ මීළඟ ජංගම දුරකථනය වන OnePlus 8T ජංගම දුරකථනය මීළඟ ඔක්තෝබර් මස 14වැනි දින එළිදැක්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම්වන ලකුණුOnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePl…

කෙසේ වෙතත්, OnePlus 8T ජංගම දුරකතනයත් සමඟ තවත් නිෂ්පාදනයන් ගණනාවක්ම හඳුන්වාදීමට නියමිතව ඇති අතර පසුගියදා නිළ OnePlus Nord Instagram ගිණුම හරහා post එකක් පල කරමින් නව Nord ජංගම දුරකතනයක්ද එළිදැක්වීමට සූදානම් බව OnePlus සමාගම ඉඟි කරනු ලැබුවා.

OnePlus සමාගම විසින් නව Nord smartphone එකක් එළිදැක්වීමට සූදානම් බව ඉඟි කරයි
OnePlus සමාගම විසින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මුදලකට මිලදී ගැනීමට හැකිදුරකථනයක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව මීට පෙර ලිපියක් හරහාදැනුවත් කරනු ලැබුවා. OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nordඑළිදැක්වීමට කටයුතු කරයිOnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජ…

මේ වනවිට OnePlus සමාගම විසින් ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා tweet එකක් නිකුත් කරමින්, ඔක්තෝබර් 1 වනදා OnePlus World ලෙස හඳුන්වන යමක් එළිදැක්වීමට සූදානම් බව සඳහන් කර තිබෙනවා.

OnePlus සමාගම විසින් මෙසේ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන්නේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කිරීම් රාශියක් තිබෙන අතර මෙය පසුගිය මාසයේදී සිංගප්පූරුවේ IMDA ආයතනය විසින් තහවුරු කරන ලද OnePlus Watch එක වනු ඇති බව බොහෝමයක් දෙනා අනුමාන කරනවා.

තවත් සමහරු පවසන්නේ එය global store එකක් වියහැකි බව වන අතර OnePlus USA Twitter ගිණුම හරහා මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඉහත tweet එකෙහි දක්වා ඇති පරිදි, OnePlus සමාගම සිය රසිකයන් සඳහා යම් ආකාරයක virtual space එකක් නිර්මාණය කර ඇති බව පෙනෙන අතර GizmoChina වෙබ් අඩවිය අනුමාන කරන්නේ මෙය එක්තරා ආකාරයක VR platform එකක් විය හැකි බවත්, OnePlus සමාගම ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකතනය එළිදැක්වීම සඳහා මෙය භාවිතා කිරීමට අදහස් කරනු ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.