Google Meet free tier එක භාවිතා කරන පරිශීලකයන් හට unlimited Meet calls ලබාගැනීමට දී තිබූ කාලසීමාව දීර්ඝ කරයි

කතුවරයා
Sanka Maduranga
Save කරන්න
Share කරන්න

    Google සමාගම විසින් Google Meet සේවාව පසුගිය කාලයේදී ඕනෑම පුද්ගලයෙකු හට සීමිත කාලසීමාවක් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ අතර එම කාලසීමාව සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වන බව අප ඔබව මින් පෙර ලිපියකින් දැනුවත් කළා.

    සැප්තැම්බර් 30 වැනි දින සිට Google Meet free tier එක භාවිතා කරන්නන්ගේ meetings මිනිත්තු 60කට සීමා කිරීමට Google සමාගම සූදානම් වෙයි
    මෙම වසරේ අප්‍රේල් මාසයේදී ලොව පුරා ඇතිවූ වසංගත තත්ත්වය නිසාවෙන් Google සමාගම විසින් ඔවුන්ගේ Google Meet සේවාව ඕනෑම පුද්ගලයෙකු හට සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Google meet සේවාව ඕනෑම අයෙකු සඳහා නොමිලේ ලබාදීමට Google සමාගම කටයුතු කරයිGoo…

    ඒ අනුව සැප්තැම්බර් මස 30 වැනිදායින් පසුව Google Meet free tier එක භාවිතා කරන පරිශීලකයන් හට meeting එකක් පැවැත්වීමට හැකියාව ලබා දී තිබුණේ පැයක කාලසීමාවක් සඳහා පමණයි.

    මේ වන විට Google සමාගම විසින් free tier එක භාවිතා කරන පරිශීලකයින් සඳහා unlimited Meet calls ලබාගැනීමේ හැකියාව 2021 මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වන අතර ඔබ free tier එක භාවිතා කරනු ලබන පරිශීලකයෙකු නම් ඔබට තවමත් පෙර ලෙසටම unlimited Meet calls ලබාගැනීමට හැකියාව තිබෙනවා.

    Unlimited Meet calls ලබාගැනීම සඳහා වන කාලසීමාව දීර්ඝ කිරීමට අමතරව, Google සමාගම විසින් Android සහ iOS භාවිතා කරන Google Meet පරිශීලකයන් සඳහා noise cancellation පහසුකමක්ද හඳුන්වා දීමට කටයුතු කළ අතර මීට පෙර මෙම විශේෂාංගය ලබාදී තිබුණේ Google Meet Desktop පරිශීලකයන් සඳහා පමණයි.

    Google Meet වෙත Background Noise cancellation පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
    මේ වන විට ජනප්‍රිය වීඩියෝ communication සේවාවක් වන Google Meet සේවාව, Google සමාගම විසින් හදුන්වා දෙන ලද්දේ 2017 වසරේදීයි. ඔන්න දැන්, මෙය හඳුන්වා දී වසර තුනකට පසු Google සමාගම විසින් Google Meet වෙත AI හැකියාවෙන් බලගැන්වෙන noise cancellation option එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා. …

    කෙසේවෙතත්, Android සහ iOS භාවිතා කරන Google Meet පරිශීලකයන් සඳහා ලබා දී ඇති noise cancellation පහසුකම තවමත් ලබාගැනීමට හැකියාව තිබෙන්නේ G Suite Enterprise සහ G Suite Enterprise for Education tiers භාවිතා කරන පරිශීලකයන් සඳහා පමණක් වෙනවා.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය (1),(2) භාවිතා කළ හැක.