OnePlus සමාගම විසින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මුදලකට මිලදී ගැනීමට හැකි දුරකථනයක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව මීට පෙර ලිපියක් හරහා දැනුවත් කරනු ලැබුවා.

OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nord එළිදැක්වීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය වන OnePlus Nord ජංගම දුරකථනය AREvent එකක් [/the-oneplus-nord-will-be-officially-revealed-on-july-21st/] හරහාමෙම මස 21 වැනි දින එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළාමතක ඇති. OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event …

OnePlus Nord ලෙසින් හැදින්වුණු මෙම ජංගම දුරකථනය නිකුත් කර මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර Nord ජංගම දුරකථනය නිකුත් කිරීමට පෙර, Nord යනු එක් උපාංගයක් නොව, smartphone lineup එකක් බව OnePlus සමාගම විසින් සඳහන් කරනු ලැබුවා.

මේ වනවිට OnePlus Nord නිළ Instagram ගිණුම හරහා post එකක් පළ කරමින් OnePlus සමාගම ඉඟි කරනු ලබන්නේ ඉක්මනින්ම ඊළඟ OnePlus Nord දුරකථනයද නිකුත් කිරීමට සූදානම් බවයි.

View this post on Instagram

#ComingSoon

A post shared by OnePlus Nord (@oneplus.nord) on

මීට සති කිහිපයකට පෙර, OnePlus සමාගම විසින් දැරිය හැකි මුදලකට එක්සත් ජනපදය සඳහා OnePlus Nord N10 5G නමින් ජංගම දුරකථනයක් නිකුත් කිරීමට සූදානම් බව අනාවරණය වූ අතර බොහෝ විට මෙම Instagram post එක මගින් ඉඟි කරනු ලබන්නේ ඉහත සඳහන් කළ ජංගම දුරකථනය වීමට හැකියාව තිබෙනවා.

දැනට වාර්තා වී ඇති නිළ නොවන තොරතුරු වලට අනුව, Nord N10 5G ජංගම දුරකථනයෙහි 90Hz refresh rate එකක් සහිත 6.49-inch FHD+ display එකක් ඇති අතර මෙය Snapdragon 690 5G processor එකකින් සමන්විත වෙනවා මෙන්ම, 6GB RAM එකක් සහ 128GB storage එකකින් සමන්විත වන බව වාර්තා වෙනවා.

මෙහි camera එක දෙසට අවධානය යොමු කිරීමේදී, මෙය 64MP primary camera එකක් සහිත පළමු OnePlus දුරකථනය වනු ඇතැයි වාර්තා වන අතර ඊට අමතරව 8MP ultrawide camera එකක් සහ 2MP portrait සහ macro යන lens දෙකක් ද Nord N10 5G device එකට අන්තර්ගත වන බව වාර්තා වෙනවා.

මෙහි අනෙකුත් specifications පිළිබඳව තොරතුරු කිසිවක් තවමත් වාර්තා වී නැති අතර මිල ඇමරිකානු ඩොලර් 400 කට අඩු යැයි සඳහන් වන බැවින් OnePlus සමාගම බොහෝ දුරට මෙම නව දුරකථනය Pixel 4a සහ iPhone SE 2020 devices ඉලක්ක කරගෙන නිකුත් කරනු ඇති බවට අනුමාන කිරීමට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ My Smart Price වෙබ් අඩවිය භාවිතා කළ හැක.