OnePlus සමාගමේ මීළඟ ජංගම දුරකථනය වන OnePlus 8T ජංගම දුරකථනය මීළඟ ඔක්තෝබර් මස 14 වැනි දින එළිදැක්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු
OnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනයපිළිබඳව බොහෝ තොරතුරු[https://9to5google.com/2020/09/14/oneplus-8t-design-leak-gallery/] පසුගිය දිනකිහිපය පුරාවටම අන්තර්ජාලය ඔස්සේ දැකගැනීමට අවස්ථාව ලැබුණා. මේ වනවිට වාර්තා වන නවතම තොරතුරු වලට අනුව OnePlus 8T ජංගම දුරකථනය එළ…

කොහොම නමුත් මේ වන විට වාර්ථා ‍වන තොරතුරු අනුව මෙම වසරේදී OnePlu 8T Pro මාදිලියක් නිකුත් නොකිරීමට OnePlus සමාගම තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

OnePlus සමාගමේ නිර්මාතෘ Liu Zuohu (Pete Lau) විසින් ඔහුගේ නිළ Weibo ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර ඇති අතර මෙලෙස Pro level ජංගම දුරකථනයක් බළාපොරොත්තුවෙන් සිටින්නේ නම් OnePlus 8 Pro ජංගම දුරකථනය වෙත යොමු වන ලෙස ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන්ම පසුගිය වසරේදී නිකුත් කළ OnePlus 7T Pro ජංගම දුරකථනය OnePlus 7 Pro ජංගම දුරකථනයෙන් වැඩි වෙනසක් නොවූ නිසා විවිධාකාරයේ දෝෂාරෝපණයන්ට මුහුණදීමට OnePlus සමාගමට සිදු වුණ අතර, මෙවර එම තත්ත්වය ඇති නොවීම සඳහා පරෙස්සම් වීමට OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.

‍මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ Phone Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.