OnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනය පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය දින කිහිපය පුරාවටම අන්තර්ජාලය ඔස්සේ දැකගැනීමට අවස්ථාව ලැබුණා.

මේ වනවිට වාර්තා වන නවතම තොරතුරු වලට අනුව OnePlus 8T ජංගම දුරකථනය එළිදැක්වීමේ දිනය ඔක්තෝබර් 14 වැනි දිනට යෙදී ඇති බව විශ්වාසදායක tipster කෙනෙකු වන Ishan Agarwal සහ MySmartPrice වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා.

එමෙන්ම OnePlus India නිළ Twitter ගිණුම මගින් පල කල tweet එකක් මගින් OnePlus 8T ජංගම දුරකතනය ඉක්මනින්ම පැමිණෙන බව මෙන්ම, ඒ පිළිබඳව දැනුවත් වීම සඳහා event page එකක්ද ඉදිරිපත් ඇති අතර එමගින් පරිශීලකයින්ට ඒ පිළිබඳව දැනුම්දීම සඳහා ලියාපදිංචි වීමටත් හැකියාව තිබෙනවා.

මෙම event එක සඳහා ලියාපදිංචි වන පුද්ගලයින් හට OnePlus 8T 5G ජංගම දුරකථනයකට, OnePlus Bullets Wireless සඳහා නොමිලේ vouchers සහ accessories සඳහා discount vouchers ඇතුළු සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව එම වෙබ් අඩවියෙහි සඳහන් වෙනවා. එමෙන්ම මේ සඳහා ලියාපදිංචි වීමට හැකියාව ලබා දී තිබෙන්නේ ඉන්දියාවෙහි සිටින පුද්ගලයන් සඳහා පමණක් වන බවද සඳහන් කලයුතු වෙනවා.

මෙම event page එක මගින් OnePlus සමාගමෙහි brand ambassador වන Robert Downey Jr. සිටින teaser video එකක්ද ඇතුළත් කර තිබෙන නමුත් එම video එක මඟින් device එක පෙන්වන්නේ නොමැති වුවත් OnePlus 8T 5G device එක ඉක්මනින් නිකුත් කිරීමට සූදානම් බව සනාථ කරනු ලබනවා.

මෙම වසර මුලදී සාමාන්‍යය OnePlus 8 series එක එළිදැක්වූවා සේම, OnePlus 8T launching event එකද අන්තර්ජාලය හරහා පමණක් පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇත.

OnePlus 8T දුරකථනය පිළිබඳව දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව මෙම ජංගම දුරකතනය බලගැන්වෙන්නේ Qualcomm Snapdragon 865 chipset එකකින් වන අතර 8GB/12GB RAM සහ 128GB/256GB internal storage variants වලින් මෙම දුරකථනය ලබාගත හැකි වෙනවා.

ඊට අමතරව 120Hz refresh rate එකක් සහිත 6.55-inch FHD+ flat AMOLED display එකක්ද මෙහි අන්තර්ගත වනු ඇති අතර, in-screen fingerprint reader එකක් සහ 32MP punch-hole selfie camera එකක්ද දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

දුරකථනයේ පසුපස 48MP (wide) + 16MP (ultra-wide) + 5MP (macro) + 2MP (depth) ලෙස quad-camera module එකක් අන්තර්ගත වන බව වාර්තා වෙනවා. එමෙන්ම 65W fast charging සඳහා සහාය දක්වන 4,500mAh battery එකක්ද OnePlus 8T දුරකථනයට අන්තර්ගත වන බවට සඳහන් වෙනවා.

ඊට අමතරව OnePlus 8T දුරකථනයේ design එක OnePlus 8 series එකට වඩා තරමක් වෙනස් මුහුණුවරකින් පැමිණෙන බවටද තොරතුරු වාර්තා වන අතර, එය OnePlus Nord සහ Samsung Galaxy S20 series එකෙහි design එකට බොහෝදුරට සමාන වනු ඇත.

OnePlus 8T ජංගම දුරකථනයෙහි දැනට නිකුත් වී ඇති නිළ නොවන specifications පිළිබදව වැඩිදුර විස්තර ඔබට මෙම link එක මගින් දැනගැනීමට හැකියාව තිබෙන නමුත්, ඉහත සඳහන් සියලු තොරතුරු මේ වන විට අන්තර්ජාලය ඔස්සේ නිකුත් වූ නිළ නොවන තොරතුරු බව නැවතත් සඳහන් කලයුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය (1), (2), MySmartPrice වෙබ් අඩවිය සහ 9to5googleවෙබ් අඩවිය භාවිතා කළ හැක.