Under Display Camera තාක්ෂණය හා එය වැඩිදියුණු වන ආකාරය මෙන්ම Xiaomi, Oppo, Samsung සහ Visionox ඇතුළු විවිධ සමාගම් ඒ සම්බන්ධයෙන් ලබා ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මීට පෙර ලිපි කීපයකින්ම අපි ඔබව දැනුවත් කර තිබෙන බව ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ වන තෙක් කිසිදු ප්‍රමුඛ පෙලේ ජංගම දුරකථන නිෂ්පාදකයකුටම මෙම තාක්ෂණය ඇතුලත් උපාංගයක් වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වීමේ පසුබිම තුළ එම අභියෝගය සාර්ථකව ජය ගන්නා පළමු සමාගම බවට ZTE සමාගම පත්වන බවට ඇඟවෙන පුවතක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

Under Display Camera එකක් සහිත ලොව පළමු Smart ජංගම දුරකථනය එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වන බව මේ වන විට වාර්තා වී තිබෙනවා.

ZTE to launch the world’s first 5G smartphone with under-display camera on September 1, 2020
/PRNewswire/ -- ZTE Corporation (0763.HK/000063,SZ), a major international provider of telecommunications, enterprise and consumer technology solutions for the...

ZTE Axon 20 5G ලෙස නම් කර ඇති මෙම උපාංගය අඟල් 6.92ක හා 1080×2460 resolution එකක් සහිත HD+ සුවිසල් තිරයකින් සමන්විත වන බව වාර්තා වන අතර එය කිසිඳු punch hole එකක් හෝ Notch එකක නැති full view තිරයක් වෙනවා .

එමෙන්ම පිටුපස 64MP + 8MP + 2MP හා 2MP සහිත Quaid Camera Setup එකක් තිබෙන අතර Under Display selfie කැමරාව 32MP ක් ලෙස සඳහන් වෙනවා .

මෙම ජංගම දුරකථනයේ base version එක 6GB RAM එකකින් සහ 64GB storage එකකින් සමන්විත වන මෙම මාදිලිය Android 10 ඔස්සේ බල ගැන්වෙන අතර 4120mAh බැටරිය Rapid Charging සඳහා ද සහාය දක්වනවා.

Under Display Camera තාක්ෂණය සහිත Display මහා පරිමාණයෙන් නිපදවීමට චීනයේ Visionox සමාගම සූදානම් වෙයි
අප මීට පෙර කිහිප වතාවක් ඔබව දැනුවත් කර ඇති පරිදි ජංගම දුරකථනයේ තිරය වේගයෙන්නව්‍යකරණය වෙමින් ඇති අතර අද වනවිට එය සමස්ත දුරකථන මුහුණතම ආවරණය කිරීමට සමත් වීතිබෙනවා. ලොව ප්‍රථම වරට Display එකට ඇතුලතින් Selfie Camera එකක් අන්තර්ගත කිරීමට Oppoසමාගම සමත් වෙයිපසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන නිෂ්පාද…

චීනයේ Visinox සමාගම විසින් Under Display Camera තාක්ෂණය සහිත තිර මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. බොහෝ දෙනා අනුමාන කරන්නේ මේ Visinox සමාගම විසින් නිපදවන තිර ZTE සමාගම විසින් භාවිතා කරනු ඇති බවයි.

මීට වසර ගණනාවකට පෙර විශාල Bezel සහිත කුඩා තිර සමඟ පැමිණි ජංගම දුරකථන, Essential සමාගම නිකුත් කල Essential PH1 ජංගම දුරකථනය සමඟින් හඳුන්වා දුන් notch එකක් සහිත පුළුල් තිරය සමඟ විශාල වෙනසකට ලක් වූ අතර අද වන තෙක්ම භාවිතා වන්නේ එම තිර ආකෘතියේ විවිධ හැඩයන් වන බව දැකගත හැකි වෙනවා.

මේ නිසා ZTE සමාගමේ මෙම නවතම Under Display Camera තාක්ෂණය සහිත උපාංගයද පෙරලිකාර උපාංගයක් බවට අනිවාර්යෙන්ම පත් වනු ඇති අතර ZTE මෙන්ම වෙනත් ජංගම දුරකථන නිෂ්පාදකයින්ද මෙම තාක්ෂණය සහිත උපාංග නුදුරේදීම වෙළඳපොලට ගෙන එනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.