බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් මේ වන විට Under display selfie camera තාක්ෂණය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් පසු වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

බොහෝ දෙනෙක් සැක පළ කළේ මෙම වසරේ නිකුත් වීමට නියමිත Apple iPhone 12 Series එක තුළ හෝ Samsung Note 20 Series එක තුළ හෝ මෙම තාක්ෂණය සහිත උපාංග දැකිය හැකි වනු ඇති බවයි.

කෙසේ නමුත් මේ වන විට එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇති අතර ඇපල් සමාගම සුපුරුදු front notch එක හා Samsung සමාගම punch hole කැමරා තාක්ෂණය මේ වසරේදීත් රැගෙන එන බව බොහෝ අය උපකල්පනය කරනවා.

එය එසේ තිබියදී under display selfie camera තාක්ෂණය පළමු වරට වෙළඳපොලට ඉදිරිපත් කරන්නේ Xiaomi සමාගම ද යන සැකය ඇති කරවමින් සමාගම ඉල්ලුම් කළ Patent බලපත්‍රයක් පිළිබඳව තොරතුරු LetsGoDigital වෙබ් අඩවිය හෙළිදරව් කොට තිබෙනවා.

එහි පෙන්නුම් කරනු ලබන්නේ Xiaomi Mi 10 වැනි උපාංගයක under display camera තාක්ෂණය ක්‍රියා කරන ආකාරයයි.

මෙම උපාංගය සාමාන්‍ය පරිදි ඇති විට ඇති විට තිරයේ කිසිදු punch hole එකක් හෝ notch එකක් පෙන්නුම් නොකරන නමුත් camera app එක හෝ කැමරාව අවශ්‍ය වන වෙනත් app එකක් open කළ විට තිරයට යටින් පිහිටුවා ඇති කැමරා එක on වී අදාල ඡායාරූපය ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

Xiaomi සමාගම මෙන්ම Samsung, Oppo වැනි සමාගම්ද under display selfie camera තාක්ෂණය සම්බන්ධයෙන් යම් යම් patent බලපත්‍ර වලට මේ වනවිට හිමිකම් කියන නමුත් මෙම තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීම තවමත් අභියෝගයක් වන්නේ කැමරාවට මතුපිටින් ඇති display එක නිසා camera sensor එකට ලැබෙන ආලෝකය අඩු වීම නිසා ලබාගන්නා ඡායාරූප අඳුරුවීම ඇති ඉඩකඩ වැඩි වීමයි.

මේ නිසා Xiaomi සමාගමේ හි උප සන්නාමයක් වන Redmi හි කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන Lu Weibing මහතා ද මීට මාස ගණනාවකට පෙර සඳහන් කළේ under display selfie camera තාක්ෂණය සාමාන්‍ය පාරිභෝගික භාවිතයට පැමිණීමට තව බොහෝ කාලයක් ගත වනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ TomsGuide වෙබ් අඩවිය භාවිතා කල හැක.