Fortnite game එක සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ Epic Games ආයතනය සහ Apple සමාගම අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහ Apple සමාගම් කටයුතු කරයි
පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතුකිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Fortnite mobile game එක දැන් Google Playstore හරහාද නිකුත් කිරීමට Epic ආයතනයකටයුතු කරයිFortnite [https://www.epicgames.com/fortnite/en-US/home] පළමුවරටAndro…

මේ තත්ත්වය හමුවේ මෙම ආයතන ද්විත්වය නඩු මගට බැසීමට කටයුතු කරනු ලැබූ අතර, පසුගිය 27 වැනි සිකුරාදා දින  Epic Games ආයතනයේ Developer account එක සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඉදිරියේදී Fornite මෙන්ම Infinity Blade ඇතුළු Epic games ආයතනයේ කිසිඳු app එකක් AppStore එක හරහා download කරගැනීමේ හැකියාව නොලැබෙනු ඇති අතර Epic games ආයතනයට iPhone හෝ iPad වැනි Apple devices සඳහා apps නිර්මාණය කිරීමේ හැකියාව ද අහිමි වී යනවා.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Apple සමාගම ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් තිස්සේ Epic games ආයතනයත් සමඟින් වැඩකටයුතු සිදු කරගෙන ගිය නමුත්, උසාවිය විසින් යෝජනා කළ පරිදි මෙම නඩු කටයුතු සිදු වන අතරතුරදී Apple ආයත‍නයේ නීතිරීති වලට Epic Games ආයතනය අනුකූල ‍නොවූ නිසාවෙන්, අවාසනාවන්ත ලෙස මෙම තීරණය ගැනීමට ඔවුන් හට සිදු වූ බවයි.

අනෙකුත් developer වරුන් හට අසාධාරණයක් සිදු කරමින්, තම පරිශීලකයින්ව ද ඇපයට තබා Epic games ආයතනය සිදු කරමින් සිටින ක්‍රියාවලිය පිළිබඳව තමන් කනගාටු වන බවත්, ඉදිරියේදී නැවතත් Epic games ආයතනය සමඟින් කටයුතු කිරීමට Apple සමාගම බළාපොරොත්තුවෙන් සිටින බවත් Apple සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කොහොම නමුත් වෙනත් Developer account එකක් හරහා පවත්වාගෙන යන Epic games ආයතනයේ Unreal Engine එකට තවමත් කිසිඳු බළපෑමක් සිදු කර නොමැති බව ද වාර්ථා වෙනවා.

දින 14ක් ඇතුලත App Store guidelines වලට අනුගතව නැවතත් තමන්ගේ apps update කරන ලෙස Epic games ආයතනයට දැනුම්දීමට Apple සමාගම කටයුතු කර ඇති බවත්, සෑම iOS developer කෙනෙකුටම පොදු වන එම නීති වලට අනුකූලව අදාල දින 14 අවසානයේ මෙම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අතර AppStore එකේ නිළ Twitter ගිණුම හරහා PUBG promote කිරීම සඳහා නිවේදනයක් නිකුත් කිරීමට ද Apple සමාගම කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.