පසුගිය වසරේ Huawei සමාගම වෙත පනවා තිබූ වෙළඳ තහනමෙන් පසුව, එක්සත් ජනපද රජය විසින් එක්සත් ජනපද සමාගම් සමඟ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑම සඳහා Huawei සමාගමට තාවකාලික බලපත්‍රයක් (temporary general license එකක්) ලබා දීමට කටයුතු කල අතර එම බලපත්‍රය පසුගිය වසර තුළදී කිහිප වතාවක් දීර්ඝ කරනු ලැබුවා.

කොහොම නමුත් එහි අවසාන කාලසීමාව මේ මස මුලදී අවසන් වූ අතර එම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුවූයේ නැති අතර, ඉන්පසුව එක්සත් ජනපද රජය විසින් Huawei සමාගම සඳහා යොදවා ඇති සීමාවන් තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අනුව Huawei සමාගම සමඟ ව්‍යාපාරයක් කිරීමට කැමති සියලු පාර්ශවයන් තම ගනුදෙනු සඳහා බලපත්‍ර (temporary general license) අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව නිවේදනය කරනු ලැබුවා.

මෙම නව අවශ්‍යතාවයන්ට අනුකූලව තායිවානයේ MediaTek සමාගම විසින් දැන් Huawei සමාගම වෙත chips සැපයීමට එක්සත් ජනපදයේ අවසරය සඳහා ඉල්ලුම් කර තිබෙන අතර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එක්සත් ජනපද රජයේ නවතම සීමා කිරීම් හේතුවෙන් MediaTek සමාගම වඩාත් දරුණු ලෙස පීඩාවට පත්විය හැකි බවයි.

ප්‍රමුඛ පෙලේ ඇමරිකානු chip නිශ්පාදකයෙකු වන TSMC සමාගම Huawei සමාගමට තවදුරටත් chips සැපයීම අත්හිටුවයි
Huawei සමාගමට පනවා ඇති වෙළඳ තහනම තවත් වසරකට දීර්ඝ කිරීමට ඇමරිකාව විසින් ගත්තීරණයත් සමඟින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei සමාගමට, සිය උපාංග වලට chipsetලබාගැනීමට නොහැකිවීමේ ගැටළුවකටද මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇති වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙලේ chip නිශ්පාදනය කරන ඇමරිකානු සමාගමක් වන TSMS (Taiwa…

Huawei සමාගම සඳහා Kirin chipsets නිෂ්පාදනය කරන TSMC සමාගම, එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් මැයි මාසයේදී නව නීතිරීති වෙනසක් ප්‍රකාශයට පත් කළ විගසම චීන සමාගමෙන් නව ඇණවුම් ලබා ගැනීම නැවැත්වීමට කටයුතු කල අතර සැප්තැම්බර් 15 න් පසු එය Huawei සමාගම වෙත chips සැපයීම සිදු නොකරන බව ද තහවුරු කර තිබේ.

Trump පරිපාලනය විසින් Huawei සමාගම සඳහා පනවා ඇති නවතම සීමාවන් මගින් එක්සත් ජනපද තාක්‍ෂණය තෙවන පාර්ශවයන්ගෙන් මිලදී ගැනීමට ඉඩ දී ඇති සියලුම අඩුලුහුඩුකම් වසා දැමීමට සමත් වී ඇති අතර මේ හරහා Huawei සමාගමට දැඩි බලපෑමක් ඇති කිරීමට මෙයට හැකියාව ලැබී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.