ජංගම දුරකථන ලොව මෑතක සිට ඇති වූ පෙරළිය ගැනත් විශේෂයෙන් Smart ජංගම දුරකථන සමඟ තිරය වෙනස් වූ ආකාරය අපි ඔබව මීට කලින් දැනුවත් කළා.

එහිදී අප සුප්‍රකට Samsung සමාගම reverse notch එකක් සහිත තිරයක් වෙනුවෙන් patent බලපත්‍රයක් ලබාගැනීමට සූදානම් වන බව සඳහන් කළ නමුත් එවැනි notch එකක් සහිත දුරකථනයක් වෙළඳපොලට පැමිණීමේ සම්භාවිතාව ඉතාමත් අවම බවත් අප පෙන්වා දුන්නා මතක ඇති.

Reverse Notch එකක් සහිත තිරයක් සඳහා Samsung සමාගම Patent බලපත්‍රයක් ලබාගැනීමට කටයුතු කරයි
ජංගම දුරකථන නිශ්පාදන සමාගම් අතර ඇති තරඟය වැඩි වීමත් සමඟ විවිධ නව්‍යකරණයන් සහිතදුරකථන එළිදැක්වීම වුණා. ජංගම දුරකථන වල තිරය විශාල කිරීමට උත්සුක වීම එලෙස නව්‍යකරණය වූ ප්‍රධානම අංගයක්ලෙස සැළකිය හැකි අතර ඒ සඳහා විවිධ ආකාරයේ උපක්‍රම යොදාගැනීමට සහ අත්හදාබැලීමට බොහෝජංගම දුරකථන නිෂ්පාදකයින් කටයුතු කරනු ල…

කොහොම නමුත් මේ වන විට Samsung සමාගම විසින් under-display, එහෙමත් නැතිනම් ජංගම දුරකථනයේ තිරයට ඇතුලතින් පිහිටා ඇති selfie camera එකක් සහිත device එකක් වෙළඳපොලට හඳුන්වාදීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්ථා වෙනවා.

මෙය Galaxy S series එකේ හෝ Galaxy Fold හෝ නොවන, වෙනත් ජංගම දුරකථන මාලාවක් යටතේ එළිදක්වනු ඇති බවත්, ලබන වසරේ සිට මසකට ඒකක 30,000 ගණනේ නිෂ්පාදනය කිරීමට සැළසුම් කර තිබෙනවා.

Display එක transparent ලෙස නිර්මාණය කල ද එහි පවතින OLED Panel එක හරහා ආලෝකය පැමිණෙන විට, එහි ආලෝකය මගින් අදාල ඡායාරූපයේ වර්ණ වලට බළපෑමක් ඇති කරනු ලැබීම වැනි ගැටළු ඇතුළුව විවිධ තාක්ෂණික ගැටළු කිහිපයක් තවමත් Samsung සමාගමට ඇති බව වාර්ථා වෙනවා.

මෙම ගැටළුව මගහරවාගෙන මේ හරහා ලබාගන්නා ඡායාරූප වල වර්ණ විකෘති වීම අවම කරගැනීම සඳහා අලුතින් algorithm එකක් නිර්මාණය කිරීමට ඔවුන් මේ වන විට කටයුතු කරනු ලබනවා.

කෙසේ වෙතත් නව්‍යකරණයන් සඳහා සුවිසාල මුදලක් කැප කරන Samsung වැනි සමාගමක් මෙවැනි ආකාරයේ තිරයකින් යුතු උපාංගයක් සාර්ථකව නිකුත් කිරීමට සමත් වුවහොත් එය සැබවින්ම ජයග්‍රහණයක් වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.