Xiaomi සමාගමේ under-display camera තාක්ෂණය පිළිබඳව Patent බලපත්‍රයක් පිළිබඳව තොරතුරු අන්තර්ජාලයට නිකුත්වූ බව මීට මාස කිහිපයකට පෙර ඔබව දැනුවත් කලා මතක ඇති.

Under Display Camera තාක්ෂණය පිළිබඳව Xiaomi සමාගමේ Patent බලපත්‍රයක් ගැන තොරතුරු අන්තර්ජාලයට එකතු වෙයි
බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් මේ වන විට Under display selfie camera තාක්ෂණයපිළිබඳව ඉතාමත් උනන්දුවෙන් පසු වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. බොහෝ දෙනෙක් සැක පළ කළේ මෙම වසරේ නිකුත් වීමට නියමිත Apple iPhone 12 Series එක තුළහෝ Samsung Note 20 Series එක තුළ හෝ මෙම තාක්ෂණය සහිත උපාංග දැකිය හැකි වනු ඇතිබවයි.…

මේ වන විට under-display camera තාක්‍ෂණයෙන් සමන්විත smartphones විශාල වශයෙන් නිශ්පාදනය කිරීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව Xiaom සමාගම විසින් ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනය කර තිබෙනවා.

මෙය තාක්‍ෂණිකව Xiaomi සමාගම විසින් නිපදවා ඇති තුන්වන පරම්පරාවේ under-display camera තාක්ෂණය බව එම සමාගම පවසන අතර ඔවුන් නිපදවූ පළමු හා දෙවන අනුවාදයන් තවමත් මහා පරිමාණ consumer devices ලෙස නිකුත් කිරීමට කටයුතු කර නැහැ.

Xiaomi සමාගම විසින් සිය YouTube channel එකෙහි පළ කරන ලද වීඩියෝවක සාම්ප්‍රදායික hole-punch notch එකක් සමඟ under-display camera තාක්‍ෂණය සසඳන අවස්‍තාවක් දැකගත හැකි වෙනවා.

Xiaomi සමාගමට අනුව, එහි නවතම තාක්‍ෂණය ක්‍රියාත්මක වන්නේ එක් එක් pixel එකක් සෑදීම සඳහා ඒකාබද්ධ වන රතු, කොළ සහ නිල් පැහැති dots ඇති display එකෙහි sub-pixels වල ඇති හිඩැස් හරහා selfie camera එකට ආලෝකය ලබාගැනීමට ඉඩ දීමෙනි.

මොවුන් පවසන්නේ කැමරාවට ඉහළින් ඇති තිරයේ pixel density එක සහ අනෙකුත් ප්‍රදේශවල ඇති තිරයේ pixel density එක සමාන බැවින් තිරයට යටින් ඇති selfie කැමරාව “පරිපූර්ණ ලෙස සැගවීමට” හැකි බව වන අතර, මෙම selfie කැමරාව front-facing cameras සඳහා වඩාත් ගැලපෙන බව Xiaomi සමාගම පෙන්වා දෙනවා.

A diagram from Xiaomi shows how its new under-display tech compares to other versions. Image: Xiaomi

කැමරාවට ඉහළින් ඇති screen area එක display එකෙහි “brightness, color gamut සහ color accuracy” සඳහා අනුරූප විය යුතු බව පැවසුවද, Xiaomi සමාගමේ blog සටහනෙහි panel එක OLED හෝ LCD ද, නැතහොත් කුමන ආකාරයේ panel එකක් ද යන්න පිළිබඳව හෝ එහි resolution එක පිළිබඳව සඳහන් වන්නේ නැහැ.

Selfie කැමරාව පරිපූර්ණ ලෙස සැගවීමට හැකියාව පවතින බව Xiaomi සමාගම විසින් ප්‍රකාශ කළද, එහි promotional video එකෙහි 29 වැනි තත්පරයේදී පෙන්වන දර්ශනයට අවධානය යොමු කලහොත් display එක පිටුපස කුඩා චතුරස්‍රාකාර සෙවනැල්ලක් ඇති බව දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

Seen at the 29 second mark of the promotional video.

නමුත් Ice Universe විසින් Twitter වෙත පළ කරන ලද Images වල selfie කැමරාව තිබෙන ස්ථානය තරමක් දුර්වර්ණ වූවත්, එය රවුම් හැඩයක් ගනු ලබනවා.

Smartphone නිෂ්පාදකයින් විසින් ටික කලක් තිස්සේ under-display cameras පිළිබඳව ඉඟි ලබා දී ඇති නමුත් තවමත් මෙම තාක්‍ෂණය නිසි ලෙස වාණිජකරණය වී නොමැති බවක් දැකගත හැකි වෙනවා.

Xiaomi සහ Oppo යන සමාගම් දෙකම පසුගිය වසරේ ජුනි මාසයේදී මෙම තාක්‍ෂණය හඳුන්වා දුන් අතර Oppo එම මාසයේ MWC Shanghai හි ක්‍රියාත්මක වන prototype devices එකක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.

ලොව ප්‍රථම වරට Display එකට ඇතුලතින් Selfie Camera එකක් අන්තර්ගත කිරීමට Oppo සමාගම සමත් වෙයි
පසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ අවධානය යොමු වී තිබුණුප්‍රධානතම සාධකය වූයේ screen-to-body ratio එක[https://www.ubergizmo.com/what-is/display-to-body-ratio/] වැඩිම ජංගම දුරකථනයනිර්මාණය කිරීම කෙරෙහි බව ඔබ දකින්නට ඇති. කොහොම නමුත් මෙහිදී පැන නැගුණු විශාලතම ගැටළුව වූයේ screen-to-bo…

කෙසේ වෙතත්, Engadget වෙබ් අඩවිය විසින් එකල වාර්තා කළේ Oppo සමාගම හඳුන්වාදුන් මේ device එකේ ක්‍රියාකාරීත්වය පරිපූර්ණ නොවන බවත් කැමරාවට ඉහළින් ඇති තිරය ප්‍රදේශය තිරයේ සෙසු කොටස් වලට වඩා pixels ප්‍රමාණය අඩු කර ඇති බවත්ය.

ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දින එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වෙයි
Under Display Camera තාක්ෂණය හා එය වැඩිදියුණු වන ආකාරය මෙන්ම Xiaomi[/xiaomi-under-screen-camera-patent/], Oppo[/oppo-unveils-the-worlds-first-under-screen-selfie-camera/], Samsung[/samsung-phone-with-under-display-camera-coming-next-year/] සහ Visionox[/in-display-selfie-camera-solution-is-now-in…

මේ අතර ZTE සමාගම විසින් අගෝස්තු මාසයේදී ප්‍රකාශ කල පරිදි ඔවුන් සැප්තැම්බර් 1 වන දින ZTE Axon 20 5G නමින් හඳුන්වන under-display camera එකක් සහිත smartphone එකක් හඳුන්වාදීමට සූදානම් වන අතර කෙසේ වෙතත්, එම උපාංගය චීනයෙන් පිටත නිකුත් කරනු ලබන්නේ ද නැද්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Xiaomi blog අඩවිය, The Verge වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.