WhatsApp සතුව දැනට තිබෙන storage usage පහසුකම හරහා අදාල chats සඳහා වෙන වෙනම ඒවායේ ඇති දත්ත වල ප්‍රමාණය, එනම් එම chat එකක size එක MB කොපමණක්ද යන්න පෙන්වනු ලබනවා.

මෙම පහසුකම තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බවට මේ වන විට වාර්තා වී ඇති අතර ඒ අනුව Storage Usage option එක සහිත UI එක redesign කිරීම හරහා නව පහසුකම් කිහිපයක් එක් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම නව UI එක මගින් storage usage එක නව section කිහිපයකට වෙන්කර ඇති අතර පළමු section එක තුළ සමස්ත storage usage එක එක පෙන්වන ප්‍රස්තාරයක් දක්වා තිබෙනවා.

මෙයින් WhatsApp app එක විසින් ඔබේ දුරකථනයේ storage එක භාවිතා කර ඇති ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

දෙවන section එක තුළ forward and large file ලෙස නව අංග දෙකක් හඳුන්වා දී ඇති අතර ඒ තුළ forward කල හා WhatsApp තුළ ඇති large file වෙන වෙනම පෙන්වීම සිදු කරනු ලබනවා.

ඒ ඔස්සේ තමන්ට අවශ්‍ය නොවන forward කරන ලද හෝ විශාල files පහසුවෙන් delete කර ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ හරහා සිය දුරකතනයේ storage එක වඩා පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන බව WhatsApp සමාගම පෙන්වා දෙනවා.

අවසන් section එක තුල සාමාන්‍ය පරිදි chat list එක හා ඒවායේ size එක වැඩිම එකේ සිට අඩු එක දක්වා ලෙස අවරෝහණ පිලිවෙලට පෙන්වනු ලබන අතර ඒ ඔස්සේ සාමාන්‍ය පරිදි specific chat එකක් select කරගැනීමට හා delete කිරීමට හැකියාව ලබා දෙනවා.

කොහොම නමුත් තවමත් මෙම පහසුකම් රැගත් නව UI එක තිබෙන්නේ development level එකේ වන අතර, වාර්තා වන පරිදි මෙම නව පහසුකම සියලුම iOS හා Android පරිශීලකයින්ට ඉතාම ඉක්මනින් ලබාදීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.