Flagship smartphones කොයි තරම් තිබුණත් Gaming වෙනුවෙන්ම නිර්මාණය කළ smartphone තවමත් තිබෙන්නේ කිහිපයක් පමණයි.

ඒ අතරින් Razer Phone එක, Razer Phone 2 එක, Nubia Red Magic Mars එක, ASUS ROG Phone එක වගේම Xiaomi Black Shark ජංගම දුරකථනයටත් ප්‍රධාන තැනක් හිමි වෙනවා.

එමෙන්ම මේ Xiaomi Black Shark ජංගම දුරකථන මාලාවේ මේ වන විට ජංගම දුරකථන දෙකක් වෙළඳපොලට නිකුත් කර ඇති අතර මේ වන විට තවත් Black Shark gaming smartphone එකක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

Xiaomi සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂකවරයෙකු වන Wang Teng Thomas විසින් Weibo වෙබ් අඩවිය හරහා post එකක් නිකුත් කරමින් මේ ගැන සඳහන් කර තිබුණු අතර මේ Black Shark රසිකයන් හට තම අදහස් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඒ මගින් ඉල්ලා සිට තිබෙනවා.

කොහොම වුණත් මේ පිළිබඳව තවමත් වැඩි තොරතුරක් වාර්ථා නොවන නමුත් මේ වන විටත් මෙම device එක prototype අවධියේ පසු වන බව අනුමාන කරනවා. එමෙන්ම මෙය gaming phone එකක් නිසා දැනට පවතින හොඳම chipset එක ලෙස සැළකෙන Qualcomm Snapdragon 855 SoC එකත්, අඩු තරමින් 8GB හෝ RAM එකකුත් මේ ජංගම දුරකථනයට ඇතුලත් වනු ඇත බවට අනුමාන කෙරෙනවා.

Xiaomi සමාගම ඔවුන්ගේ පැරණි schedule එකට අනුවම මෙම device එක එළිදැක්වීමට කටයුතු කරන්නේ නම්, මෙම වසරේ අප්‍රේල් මාසය වන විට මෙය එළිදැක්වීමට කටයුතු කරනු ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.