Gaming Devices නිෂ්පාදනය කරන සමාගම් අතර පෙරමුණේ සිටින සමාගමක් ලෙස Razer සමාගම හදුන්වා දෙන්න පුලුවන්. Gaming laptops, gaming console වැනි වැනි ඔවුන්ගේ නිෂ්පාදන අතරින් කැපී පෙනෙන device එකක් ලෙස ඔවුන්ගේ Razer phones හදුන්වා දෙන්න පුලුවන්.

මුල්ම Razer phone එක හදුන්වා දෙනු ලබන්නේ 2017 නොවැම්බර් මාසයේදී වන අතර එය ලොව පුරා Mobile Gamers ලා අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූවා.

කෙසේ නමුත් මෙසේ තම පාරිභෝගිකයන් අතරට යාමේදී අඩුපාඩු කිහිපයක් මතුවූ අතර මෙහි වූ අැතැම් අඩුපාඩු මගහරවමින් අලුත්ම තාලයේ අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙමින් මීට දින කිහිපයකට පෙර ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදනය වන Racer phone 2 හදුන්වා දෙනු ලැබුවා.

බොහෝ mobile gamers ලා smartphone එකක game එකක් play කරනවිට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව ලෙස අදාල device එකේ බැටරිය ඉතාම ඉක්මණින් බැසයාම (Battery Low) වගේම Mobile phone එක රත් වීම පෙන්වා දෙන්න පුලුවන්.

එම ගැටලු වලට සාර්ථක විසදුමක් සපයමින් අලුත්ම Razer phone 2 වලට 4,000mAh සහිත දිගු කාලයක් භාවිතාකළ හැකි බැටරියක් වගේම device එක රත්වීමට පිළියමක් ලෙස vapor chamber cooling system එකක් එනම් වාෂ්ප බලයෙන් බැටරිය සිසිල් කරන ක්‍රමෙව්දයකුත් හදුන්වා දී තිබීම විශේෂයි.

Vapor Chamber Cooling System එක ගැන

මෙහි ඉදිරිපසින් බැලූ බැල්මට වෙනසක් නොපෙනෙන නමුත් Razer phone හා Razer phone 2 අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම පෙන්වා දෙන්න පුලුවන්.

ප්‍රධාන වශයෙන් පිටුපස අාරවරණය සදහා Razer phone හි තිබූ අැලුමිනියම් අාවරණය වෙනුවට මෙවර glass අාවරණයක් එකතු කළ අැති අතර wireless charging පහසුකම ලබාදීම එහි එක් අරමුණක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

එ් වගේම පෙර Razer phone එකෙහි එක් පසෙක තිබූ කැමරා මධ්‍යට ගෙන එ්මටත් වගේම වර්ණ ගැන්විය හැකි Razer logo එකකුත් devices එකෙහි පිටපසට එකතු කර තිබෙනවා.

එමෙන්ම මෙහි අැති එකිනෙකට වෙනස්  වර්ණ 16.8 million භාවිතා කරමින් Screen එක දෙස නොබලා තමන්ට ලැබුණු Notification එක හදුනා ගැනීමටත් මේ හරහා හැකියාව ලබාදෙනවා.

එමෙන්ම IP67 ප්‍රමිතිය ලත් water සහ dust resistance පහසුකම වගේම Wireless charging පහසුකමත් මෙහි අන්තර්ගත වෙනවා. එ් වගේම මෙහි default launcher එක ලෙස සාමාන්‍යයෙන් අපි Google Play Store හරහා මිලදී ගන්නා Nova Launcher Prime edition එක අන්තර්ගත කර තිබෙනවා.

Snapdragon 845 processor chip set එකකින් බලගැන්වෙන මේ Racer phone 2 එක සතුව 8GB Ram එකක් වගේම 64GB of storage එකක් අන්තර්ගත වන අතර මොවුන් සිය වෙබ් අඩවියේ සදහන් කළ අැති අාකාරයට 128GB storage සහිත තවත් මාදිලියක් ද හඳුන්වා දීමට ඔවුන් සූදානම් වෙනවා.

Gaming phone එකක් නිසාවෙන් 64GB of storage ප්‍රමාණවත් නොමැති බව බහුතරයක් දෙනා කරන චෝදනාවන් තිබුණ ද SD Card එකක් භාවිතයෙන් මෙය 1 TB දක්වා වැඩි කර ගැනීමේ හැකියාව සහිතයි.

මේ Razer phone වල පළමු මාදිලියෙහි තිබුණු විශාල අඩුපාඩුවක් ලෙස එහි camera එක පෙන්වා දිය හැකි වන්නේ ලොව පුරා Razer Phone භාවිතා කරන්නන් විසින් මෙහි camera එකේ ඇති quality එක සම්බන්ධව පැමිණිලි කිරීමයි.

කොහොම නමුත් මේ Razer Phone 2 එක හරහා camera අත්දැකීම වැඩිදියුණු කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර මෙහි පසුපසට 12 mega-pixel camera දෙකක් අන්තර්ගත කර තිබෙන අතර මෙයට wide-angle (f/1.75) lens එකක් සහ 2x telephoto (f/1.75) lens එකක් ඇතුලත් වෙනවා.

එසේම මෙම camera වලින් ලබා ගන්නා ඡායාරූප වල තත්ත්වය ඉහළින් තබා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන්ම වැඩිදියුණු කරන ලද updates ලබා දීමටත් ඔවුන් පොරොන්දු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Razer වෙබ් අඩවිය, androidauthority වෙබ් අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.