Gaming වෙනුවෙන්ම performance ඉලක්ක කරලා Razor සමාගමෙන් gaming smartphone එකක් නිර්මාණය කළා මතක ඇති. අපිට දැකගන්න ලැබුනා Xiaomi සමාගමෙන් මූලිකව invest කරන BlackShark කියලා සමාගමකිනුත් gaming smartphone එකක් review කළා gaming සදහා අවශ්‍ය විශේෂ performance එක්ක.

සාමාන්‍යයෙන් දැනට දකින high-end ඇතුළු හැම smartphone එකකම වගේ භාවිතා වෙන graphic processor (GPU) එක ඒ phone එකේ chipset එක ඇතුලෙම in-bult තියෙන GPU එකයි. ඒ කිව්වේ උදාහරණයක් විදියට Snapdragon 845 chipset එක තියෙන smartphone එකක් අපි ගත්තොත් ඒකෙ භාවිතා වෙන්නේ ඒ chipset එකේම තියෙන graphic processor එකයි. නමුත් ඇත්තටම අපි මේ BlackShark phone එක ගත්තොත් මේකේ කතන්දරේ නම් ඊට වඩා ටිකක් වෙනස්. අපි මේ smartphone වලින් චුට්ටකට ඈත් වෙලා high-end TV එකක් වගේ ගත්තොත් දන්නවනේ ඒවගේ භාවිතා වෙනවා කියලා ඉහල තත්වයේ performance සදහා වෙනම design කරපු graphic processors. උදාහරණයක් විදියට high-end Sony TV වල එන X1, Samsung TV වල එන Q engine මේ වගේ processors. මෙන්න මේ වගේම BlackShark phone එකෙත් ඇතුලේ අන්තර්ගත වෙනවා Snapdragon 845 chipset එකට අමතරව අපිට ඉහල තත්වයේ performance දෙන්න වෙනම dedicated mobile graphic processor එකක්. මේකේ තියෙන මේ dedicated mobile processor එක ගැන කතාකලොත් මේ processor එක Pixelworks සමාගමේ professional grade එකේ කියන්න පුළුවන් third generation Iris processor එකක්. මේ GPU එකෙන් BlackShark phone එකට මූලිකව ලැබෙන වාසි කිහිපයක් බැලුවොත්,

  • True clarity එකක් ලැබෙනවා display එකෙන්, smooth ඒවගේම blur free චලනයන් සදහා videos වලට ඒ වගේම games වලට ඉහල තත්වයේ experience එකකට.
  • True colors ලබාදෙනවා display එකට මේකෙන් බිලියන 1ක් විතර දක්වා accurate ඒවගේම vibrant colors සදහා
  • ඒවගේම මේකෙන් අපි ඇත්තට දකින color එකක සහ display එකේ පෙන්වන එම color එකේම වෙනස අදුරගන්න සෑහෙන්න අපහසු වෙන තරමටම display එකට in-line color calibration එකක් දෙනවා.

මෙන්න මේ දේවල් ටිකත් එක්ක BlackShark ලගේ නම් මේ dedicated graphic processor එක භාවිතා කරන්න මූලිකම හේතුවක් වෙලා තියෙන්නේ ඉතාම ඉහල තත්වයේ smooth gaming experience එකක් මේ phone එකෙන් දීම තමයි. ඒවගේම BlackShark ලා සෑහෙන්න විශ්වාසෙන් කියනවා display එකේ viewing වලදී සාමාන්‍ය smartphone වල සහ මේකේ මේ GPU එක අතර කෙනෙක්ට තේරෙන තරම් විදියේ quality එකේ වෙනසක් තියෙනවා කියලත්.

Pixelworks Iris processor එක ගැන වැඩි විස්තර

දැනට තියන ගොඩක් smartphone වල heat dissipation system වල අපිට ඉහලම තත්වයෙන් දකින්න ලැබෙන්නේ copper cooling pipes එහෙම නේ. නමුත් මේ BlackShark smartphone එකේ අපිට දකින්න ලැබෙනවා මීට වඩා ටිකක් advance ඒ වගේම effective cooling system එකක්. ඒ තමයි මේකේ තියෙන්නේ true liquid cooling system එකක් මේක BlackShark ලා කියන විදියටනම් ඇත්තටම water cooling system එකක්. ඒ කියන්නේ මේ cooling system එක ඇතුලේ ඇත්තටම liquid අඩංගු වෙනවා. ඉතිං එයාලා කියන විදියට මේ true liquid cooling system එකෙන් phone එකේ වර්ග මිලිමිටර් 600ක ප්‍රමාණයක් ආවරණය කරනවා ඒ වගේම මේකට හැකියාවක් තියෙනවා phone එකේ heat එක 8°C වලින් විතර අඩුකරලා තියාගන්නත්. ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ gaming device වගේ ඉහල peroformance අවශ්‍ය device එකකදී ඉහල තත්වයේ cooling system එකක් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් chipset එක thermal throttling දක්වා ගෙනියන්නේ නැතුව smooth experience එකක් ලොකු වෙලාවක් user ට දෙන්න. අන්න ඒක තමයි මේ වගේ ඉහල ඝනයේ true liquid cooling system එකක් මේ වගේ device එකකට අවශ්‍ය වෙන්නේ.

මේ BlackShark phone එකේ software පැත්ත ගත්තොත් මේකේ තියෙනවා වෙනම Blackshark Shark Space කියලා gaming mode එකක් ඒකටම වෙනම hardware key එකක් එක්කම phone එකේ side එකේ. මේකෙදි වෙන්නේ ඇත්තටම අපි game එකක් play කර කර හිටියොත් ඒකට priority දීලා අනිත් calls, messeges මේ වගේ හැම දේකින්ම අපිට බාදා නොකරන එක. ඒවගේම තමයි මේ gaming mode එකේම high-performance mode එකකුත් අඩංගු වෙනවා අපිට gaming වලදී උපරිම experience එකක් ලබා දෙන්නත් hardware වල power එක උපරිම අවශ්‍ය විදියට වැයකරලා.

ඒවගේම තමයි මේකේ තියන විශේෂ design එක සහ gamepad එකත් අපිට අමතක කරන්න බැහැ gaming phone එකක් විදියට. මේ phone එක ඇත්තටම design කරලා තියෙන්නේ අපේ අතට හොද grip එකක් ලබා දෙන්න සහ ඉහල gaming experience එකක් දෙන්න gamepad controller එක මේ phone එකට attach කිරීම මගින්.

මේ විශේෂ දේවල් එක්ක ඒ වගේම 4000mAh වගේ ටිකක් විශාල battery එකක් එක්ක මේ phone එක BlackShark ලා නිර්මාණය කරලා තියෙන්නේ gaming වලදී ඉහලම තත්වේ performance එක්ක හොදම experience එකක් ගන්නම තමයි අනිත් සාමාන්‍ය high-end smartphone වලින් වත් ගන්න අමාරු විදියට.ඒවගේම අවශ්‍ය අයට මේකේ 8GB RAM එකක් සහ 128GB storage එකක් එක්ක version එකකුත් තියෙනවා. ඒවගේම මේකේ සෑහෙන්න හොද තත්වේ stereo speakers දෙකකුත් සහ gaming වලට අවශ්‍ය විදියට mic's එහෙමත් මේකේ අඩංගු වෙනවා. ඉතිං මේකට කලින් ගිය අව්රුද්දේ ආපු Razor phone එකේ එහෙම අපිට දකින්න ලැබුණු දෙයක් තමයි camera එක සෑහෙන්න දුර්වල මට්ටමක තමයි තිබුනේ. නමුත් දැනට පේන විදියට මේ BlackShark phone එකේ නම් එහෙම ප්‍රශ්න මුකුත් නැහැ වගේ. හොදම දේ තමයි මේ phone එකේ තියන price එක. මෙච්චර ඉහල තත්වයේ performance තියෙන gaming device එකක් විදියට මේ phone එකේ 6GB 64GB version එකේ price එක වෙන්නේ චීන yuan 3000ක් විතර.ඒ අනුව අනිවාරෙන්ම එක දෙයක්නම් කියන්න පුළුවන්, ඒ තමයි මේ BlackShark phone එක ගෙවන ගානට නම් උපරිම වටින phone එකක් කියන දේ.

මේකේ design කරන product video එක නම් දැනට chinese වලින් විතරයි තියෙන්නේ අවශ්‍ය කෙනෙකුට බලන්න පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.

blackshark.com