පසුගිය ජනවාරි 12 වැනිදා WhatsApp වලට fingerprint authentication ක්‍රමයක් එකතු කිරීමට WhatsApp ආයතනය සූදානම් වන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් iOS මත WhatsApp භාවිතා කරන්නන් හට biometric ආරක්ෂක ක්‍රමවේද හරහා තම WhatsApp messages ආරක්ෂා කරගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව ඔබගේ iPhone මාදිලියට අනුව Face ID හෝ Touch ID පහසුකම භාවිතා කරමින් මෙම ආරක්ෂක උපක්‍රමය activate කළ හැකි වන අතර 9to5Mac වෙබ් අඩවිය ප්‍රකාශ කරන අන්දමට මෙම පහසුකම WhatsApp 2.19.20 සංස්කරණයේ සිට ලබා දී තිබෙනවා.

Settings –> Account –> Privacy වල තිබෙන Screen Lock කියන option එක on කිරීම හරහා මෙය enable කරගැනීමේ අවස්ථාව තිබෙන අතර මේ හරහා chat එකින් එක lock කිරීමේ පහසුකමක් ලබා දෙන්නේ නැති නමුත් phone එක unlock කර ඇති අවස්ථාවකදී පවා WhatsApp වෙත ඇතුලු වීමට මෙම ආරක්ෂක ක්‍රමයක් භාවිතා කළ යුතු වෙනවා.

කොහොම නමුත් මෙහිදී ඔබ notification settings ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, message previews පහසුකම on කර තිබුණහොත් වෙනත් කෙනෙකුට මේ ආරක්ෂක ක්‍රමය නොමැතිව අදාල message එක කියවීමට හා reply කිරීමට notification එක හරහා අවස්ථාව ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව WhatsApp calls answer කිරීම සඳහා ද මේ ආරක්ෂක ක්‍රමය අවශ්‍යය නොවන බව දැනගන්නට ලැබෙනවා.

කලින් සඳහන් කළ ආකාරයට මේ පහසුකම තවමත් ලබා දී ඇත්තේ iOS මත WhatsApp භාවිතා කරන්නන් හට පමණක් වන අතර ඉදිරි සති කිහිපය ඇතුලත Android වලට ද මේ පහසුකම ලැබේවි යැයි අනුමාන කළ හැක.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.