ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් TikTok ආයතනය ජාතික ආරක්ෂාවට තරජනයක් යැයි ප්‍රකාශ කරමින් එය ඇමෙරිකාව තුළ තහනම් කිරීමට හෝ, ඇමෙරිකානු සමාගමක් විසින් මිලදීගැනීම යන options වලින් එකක් තෝරාගැනීමට බළ කරන විධායක නියෝගයක් නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි
ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කරසිටියේ එක්සත් ජනපදයේ TikTok ව්‍යාපාරය විකිණීම හෝ අත්හිටුවීම සඳහා දින 45ක කාලසීමාවක් ByteDance සමාගම වෙත ලබා දෙන බව වන අතර ඒ පිළිබඳව මින් පෙර ලිපියක් මඟින්අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති. Microsoft ස…

පසුව ඒ සඳහා ලබාදී තිබුණු කාලය යම් ප්‍රමාණයකින් දීර්ඝ කර තිබුණු අතර, Microsoft, Twitter සහ Oracle වැනි ආයතන මේ TikTok ආයතනය මිලදීගැනීමට ඉදිරිපත් වී තිබුණා.

කොහොම නමුත් මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රජය විසින් ලබාදුන් මෙම තීරණයට විරුද්ධව ඇමෙරිකාවේ TikTok, Inc. ආයතනය විසින් ඇමෙරිකානු ෆෙඩරල් උසාවිය තුළ නඩුවක් ගොණු කිරීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Why we are suing the Administration
Today we are filing a complaint in federal court challenging the Administration’s efforts to ban TikTok in the US. As a company we have always focused on transparency, so we want to explain why we are

TikTok සේවාව හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොකොට, කිසිඳු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් නොකර ඇමෙරිකානු ව්‍යවස්ථාවන් වල වගන්ති උල්ලංඝනය කරමින් මෙම විධායක නියෝගය නිකුත් කර ඇති බව TikTok ආයතනය පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම චෝදනාව එල්ල කිරීමෙන් අනතුරුව ඒ සඳහා පිළිතුරු ලබාදීමට TikTok ආයතනයට කිසිඳු අවස්ථාවක් ලබා නොදුන් බව ද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

Donal Trump ගේ මෙම විධායක නියෝගය සිදු කිරීමට පෙර සිටම Microsoft සමාගම TikTok ආයතන මිලදීගැනීමට සූදානමින් සිටි නමුත්, මෙලෙස සිදු වන ගණුදෙනුව හරහා ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාරයට එම ගනුදෙනුවෙන් විශාල මුදලක් අයකර ගැනීමට ද උත්සුක වීම නිසාවෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හැරුණු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පසුගිය වසර කිහිපය පුරාවට මිලියන 100ක් පමණ වූ ඇමෙරිකානුවන් TikTok සේවාව ආදරයෙන් වැළඳගත් බවත්, ඒ හරහා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය විදහාදැක්වීම මෙන්ම නව ආදායම් මාර්ග විවෘත කරගැනීම සඳහා අත්වැලක් දුන් බවත්, ඇමෙරිකාව තුළ සෘජු රැකියා 1,500කට අධික ප්‍රමාණයක් දැනටමත් ලබාදීමට කටයුතු කර ඇති බව මෙන්ම ඉදිරියේදී California, Texas, New York, Tennessee, Florida, Michigan, Illinois, සහ Washington යන ප්‍රදේශ වල නව රැකියා අවස්ථා 10,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට සැළසුම් කර තිබුණු බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වැනි දින පාලනාධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ විධායක නියෝගය හේතුවෙන් ඉහත සඳහන් කළ සියළුම දෙනා අපහසුතාවයට පත්වන බවත් TikTok ආයතනය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ TikTok Newsroom වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.