ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදයේ TikTok ව්‍යාපාරය විකිණීම හෝ අත්හිටුවීම සඳහා දින 45ක කාල සීමාවක් ByteDance සමාගම වෙත ලබා දෙන බව වන අතර ඒ පිළිබඳව මින් පෙර ලිපියක් මඟින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති.

Microsoft සමාගම විසින් TikTok මිලදීගැනීමේදී ඇමෙරිකානු රජයට එම මුදල් වලින් 30%ක් පමණ ගෙවිය යුතු බව Donald Trump ප්‍රකාශ කරයි
TikTok app එක ඉන්දියාව වැනි රටවල් වල තහනම් කිරීමට ද කටයුතු කර ඇති පසුබිමක් තුළඑම සේවාව මිලට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව මුල් කරගත් තාක්ෂණික දැවැන්තයෙකු වනMicrosoft සමාගම සූදානම් වන බවට පසුගියදා වාර්ථා වුණා. Microsoft සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය මුල දී සිය අප්‍රසාදය පළ කළද නවතම වාර්ථ…

එලෙස නියෝග කර තිබූ දින 45ක කාල සීමාව දින 90ක් දක්වා දීර්ඝ කරමින් ජනාධිපති Trump විසින් පසුගිය සිකුරාදා දින විධායක නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර මේ අනුව සැප්තැම්බර් 20 වැනි දින සිට නොවැම්බර් 12 වැනි දින දක්වා එම කාළසීමාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කරමින් Trump පරිපාලනය කියා සිටියේ ByteDance ආයතනය විසින් “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට හානි කිරීමට තර්ජනය කරන පියවර ගත හැකි” බවට “විශ්වාසදායක සාක්ෂි” ඇති බවයි.

මෙම දින 90 ක කාලසීමාව තුළ ByteDance සමාගම විසින් සියලුම එක්සත් ජනපද පරිශීලකයන්ගේ දත්ත විනාශ කළ යුතු වන අතර, දත්ත මකා දැමූ බවට ByteDance සමාගම විසින් එක්සත් ජනපදයේ විදේශ ආයෝජන කමිටුවට "ලිඛිතව සහතික කිරීම" ද අවශ්‍යය වෙනවා.

එහිදී ByteDance සමාගම විසින් 2017 වර්ෂයේදී දී මිලදී ගත් TikTok වල මූලික app එක වූ Musical.ly වෙතින් ලබාගත් දත්ත ද විනාශ කිරීමට සිදු වෙනවා.

දින 45 ක කාලයක් තුළ ByteDance සමාගම සමඟ “එක්සත් ජනපදයේ අධිකරණ බලයට යටත්ව ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේපලක් සම්බන්ධයෙන් වන ඕනෑම ගනුදෙනුවක් තහනම් කළ හැකි” විධායක නියෝගයකට Trump විසින් අත්සන් තැබීමෙන් සතියකට පමණ පසුව මෙම පියවර ගෙන තිබෙන අතර මෙමගින් TikTok සේවාවේ අනාගතය පිළිබඳ තීරණයක් ගැනීමට ByteDance සමාගමට තවත් අමතර කාලයක් හිමි වී තිබෙනවා.

TikTok සේවාව තම එක්සත් ජනපද ව්‍යාපාරය, ඇමරිකාව පදනම් කරගත් සමාගමකට විකුණාදැමීමෙන්, සිදුවිය හැකි තහනම වළක්වා ගතහැකි ඇති අතර දින 45 ක් ඇතුළත එක්සත් ජනපදයේ TikTok සේවාව මිලදීගැනීමට Microsoft සමාගම ByteDance සමාගම සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

පසුගිය සිකුරාදා දින විධායක නියෝගය මේ ආකාරයේ ගණුදෙනුවකට බලපාන්නේ කෙසේද යන්න පැහැදිලි නැති නමුත් Microsoft සමාගම ප්‍රකාශ කර සිටින්නේ “2020 සැප්තැම්බර් 15 වැනි දිනට පෙර” සාකච්ඡා අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

මීට අමතරව Twitter සමාගම විසින්ද TikTok සේවාව අත්පත් කර ගැනීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.