ඔබ mobile app developer කෙනෙක් නම්, මේ වන විටත් Google AdMob සේවාව ගැන දන්නවා ඇති.

Google සමාගම විසින් mobile app develop කරන්නන් හට තමන්ගේ mobile apps හරහා ads පෙන්වා මුදල් ඉපයීමේ හැකියාව ලබාදෙන මේ AdMob සේවාව ලොව පුරා ලොකු කුඩා සියළුම app developer වරුන්ගේ ප්‍රියතම සේවාවන්ගෙන් එකක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

Google AdMob - Mobile App Monetization
Earn more from your mobile apps using in-app ads to generate revenue, gain actionable insights, and grow your app with easy-to-use tools.

කොහොම නමුත් මේ දක්වා මේ AdMob සේවාව සඳහා mobile app එකක් නොතිබුණු අතර, තමන්ගේ දෛනික ආදායම් තත්ත්වය පිළිබඳව විස්තර දැනගැනීම සඳහා එහි වෙබ් අඩවියට යෑමට සිදු වුණා.

Google AdMob - Apps on Google Play
Google AdMob makes it easy to earn revenue from your apps, with in-app ads. And now you can keep AdMob at your fingertips. Use AdMob mobile to quickly access important user and performance metrics - all from your mobile phone. With AdMob mobile, you can:● See how your apps are performing● Get use…

මේ වන විට මෙම ගැටළුවට පිළිතුරක් ‍ලබාදෙමින් Google සමාගම විසින් මේ AdMob සේවාව සඳහා mobile app එකක් ඔවුන්ගේ Google Play Store එකට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙය early access ලෙස Android පරිශීලකයින් හට මේ වන විට ලබාගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.

Google Material theme එකට අනුව නිර්මාණය කර ඇති මෙම app එක හරහා Today, yesterday, 7 days, සහ 28 days වශයෙන් ඔබගේ සියළුම apps වලට අදාල ඔබගේ ආදායම බලාගත හැකි අතර ඊට අදාල රටවල් වැනි අනෙකුත් තොරතුරු ද දැකගත හැකි වෙනවා.

Google Play Store එකේ සඳහන් වන ආකාරයට මෙය පසුගිය අගෝස්තු මස 23 වැනි දින අවසාන වශයෙන්  update කර ඇති අතර, මෙය තවමත් Early Access තත්ත්වයේ පවතින app එකක් නිසාවෙන් නිතර නිතර අලුත් පහසුකම එකතු කිරීමට Google සමාගම කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.