Google සහ Apple යන සමාගම් දෙක විසින් පසුගිය දිනයක තමන් ගේ App Stores වලින් Fortnite ක්‍රීඩාව ඉවත් කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහ Apple සමාගම් කටයුතු කරයි
පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතුකිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Fortnite mobile game එක දැන් Google Playstore හරහාද නිකුත් කිරීමට Epic ආයතනයකටයුතු කරයිFortnite [https://www.epicgames.com/fortnite/en-US/home] පළමුවරටAndro…

Epic Direct Payment නම් වූ payment method එක තම game එක තුළට එකතු කිරීමට Epic Games ආයතනය කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රීඩාව Google Play Store සහ Apple App store තුලින් ඉවත් කිරීමට හේතු වූ අතර මේ හේතුවෙන් Android සහ iOS පරිශීලකයන් හට Fortnite ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබුණු නමුත් දැන් Fortnite ක්‍රිඩාව Samsung දුරකථන භාවිතා කරන්නන් හට ක්‍රීඩා කිරීමට හැකියාව ලබාදී ති‍බෙනවා.

Epic Games - Galaxy Store
Install the Epic Games App to download Fortnite and Battle Breakers on Android. Fortnite: requir...

ඔබට Fortnite සඳහා ගැලපෙන Galaxy ජංගම දුරකථනයක් හෝ tablet එකක් ඇත්නම්, ඉහත link එක ඔස්සේ මෙම game එක download කරගත හැකි අතර, මෙය 8.2GB පමණ size එකකින් යුතු වෙනවා.

කොහොම නමුත් මෙම game එක සෑම Galaxy smartphone එකක් සමඟම compatible නොවන අතර, මෙය play කිරීම සඳහා performance හොඳ hardware අවශ්‍යය වන බවද මතක තබාගත යුතු වෙනවා.

Samsung Galaxy Store එකෙහි Fortnite තවමත් ඇති ආකාරය

තවද Samsung පරිශීලකයන් හට Fortnite download කිරීමේ දී Fortnite Mega Drop නමින් V-Bucks සහ සත්‍ය මුදල් සදහා 20%ක් දක්වා වට්ටම් ලබාදීමට Epic Games ආයතනය කටයුතු කර තිබෙනවා.

Mega Drop

කොහොම නමුත් මේ හරහා ලබාගන්නා Fortnite game එක තුළ සිදු කරනු ලබන මිලදීගැනීම්, එනම් in-game purchases සිදු කළ නොහැකි බව වාර්ථා වන අතර එලෙස මිලදීගැනීමක් සිදු කිරීමට උත්සාහ කරනු ලබන විට "product does not exist in this store" ලෙස message එකක් පෙන්වනු ලබන බව ද වාර්ථා වෙනවා.

කොහොම නමුත් මෙම ගැටළුව ඉක්මණින්ම විසඳීම සඳහා Epic Games ආයතනය කටයුතු කරනු ඇති අතර Galaxy ජංගම දුරකථනයක් නොමැති Android පරිශීලකයින් හට සුපුරුදු පරිදි ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා game එක තවමත් download කරගැනීමේ හැකියාව තිබෙනවා.

මේ පිළිබද වැඩි විස්තර සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.