ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කල අතර මෙම කාල සීමාව ඇතුලත ByteDance සමාගම විසින් TikTok හි එක්සත් ජනපදයේ ව්‍යාපාර කොටස ඇමරිකානු සමාගමක් වෙත විකුණා දැමීමට කටයුතු නොකළහොත්, එය ඇමරිකාව තුළ තහනම් කරනු ලබන බවට එම නියෝගයෙහි සඳහන් වුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි
ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කරසිටියේ එක්සත් ජනපදයේ TikTok ව්‍යාපාරය විකිණීම හෝ අත්හිටුවීම සඳහා දින 45ක කාලසීමාවක් ByteDance සමාගම වෙත ලබා දෙන බව වන අතර ඒ පිළිබඳව මින් පෙර ලිපියක් මඟින්අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති. Microsoft ස…

මෙහිදී TikTok හි එක්සත් ජනපදයේ ව්‍යාපාර කොටස මිලදී ගැනීම සඳහා Microsoft සමාගම ByteDance සමාගමත් සමග සාකච්ජා කරන බවත්, ඊට අමතර Twitter සමාගමට ද TikTok හි එක්සත් ජනපදයේ ව්‍යාපාර කොටස මිලදී ගැනීමට අදහසක් පවතින බවත් අපි මීට පෙර ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Microsoft සහ Twitter සමාගම් ද්විත්වයට අමතරව Oracle සමාගම ද මේ වන විට TikTok සේවාව මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව Financial Times වෙබ් අඩවිය විසින් පෙන්වා දෙනවා.

Subscribe to read | Financial Times
News, analysis and comment from the Financial Times, the worldʼs leading global business publication

කැලිෆෝනියානු software corporation එකක් වන Oracle සමාගම මේ වන විටත් ByteDance සමාගමත් සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇති බවත්, එය TikTok සේවාවේ කොටස් අත්පත් කර ගැනීම සඳහා General Atlantic සහ Sequoia Capital වැනි ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් වාර්තා කරනවා.

Microsoft සමාගම මෙන්ම සමාගමේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත ව්‍යාපාරය කෙරෙහි එය උනන්දුවක් දක්වන බව වාර්තා වන නමුත් ByteDance සමාගම එවැනි ක්‍රියාමාර්ගයකට අකමැති වන අතර, ඇමෙරිකානු ව්‍යාපාර කොටස් පමණක් අලෙවි කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා.

කෙසේ නමුත් ByteDance සමාගම TikTok සඳහා තවමත් ප්‍රසිද්ධියේ මිලක් නියම කර නොමැති අතර TikTok සේවාවේ සාර්ථකත්වය නිසා එය 2018 දී ලොව වටිනාම startup එක බවට පත් වුණා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Financial Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.