One plus පවුලට අලුතින් එකතු වීමට නියමිත OnePlus 6T ජංගම දුරකථනය ගැන පසුගිය ලිපියකින් ඔබව දැනුවත් කලා මතක ඇති.

ඉතින් මේ Event එක පැවැත්වීමට නියමිත වෙලා තිබුනේ ‍මේ මස 30 වැනිදා වන නමුත් Apple සමාගම ඔවුන්ගේ iPad Pro and Mac event එක October 30 වැනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමග OnePlus සමාගම සිය Event එක පැවැත්වීමට තිබූ දිනය වෙනස් කිරීමට තීරණයක් ගෙන ඇති බව OnePlus සමාගමේ CEO වන Pete Lau විසින් OnePlus forum එකෙහි ලිපියක් පළකරමින් කියා සිටියා.

මේ Event ද්විත්වයම එකම දිනයේ New York හි පැවතුනහ‍ොත් ඇතිවිය හැකි ගැටලු පිලිබදව පෙන්වා දෙන මොහු ලිපිය මගින් කියා සිටියේ අපහසුවෙන් හෝ මෙම තීරණය ගත් බවත් OnePlus 6T Event එක ඔක්ත‍ොම්බර් 29 දිනයේදී පෙර වේලාවටම, එනම් ඔවුන්ගේ වෙලාවෙන් උදෑසන 11 ට පැවැත්වීමට තිරණය කර තිබෙන බවයි.

එමෙන්ම මේ වනවිට මෙම Event එක සදහා 1,000 අධික පිරිසක් ටිකට් පත් මිලදී ගෙන ඇති අතර ඇතැමුන් සිය ගුවන් ගමන් සදහා අවශය ටිකට් පත්ද ලබාගෙන අවසානයි. මේ පිළිබදව සිය කණගාටුව පලකරමින් Pete Lau කියා සිටියේ ගුවන් ගමන් වෙනස් කිරීමට අවශය නම් ඒ් සදහා යන ගාස්තුවද එමෙන්ම එදිනට සහභාගී වීමට නොහැකි පුද්ලයන් හට ටිකට් පත ලබාගැනීමට වියදම් වූ ගාස්තුව නැවත ලබා දීමට ඔවුන් සූදානම් බවයි.

ඉතින් මේ අලුතින්ම නිකුත් වීමට නියමිත OnePlus 6T එකේ අප පසුගිය ලිපි වලින් සදහන් කල ආකාරයටම optical in-display fingerprint scanner එකක් වග‍ේම ඉතාමත් කුඩා notch දැකගත හැකිවන බව බොහෝ දෙනා විශ්වාස කරන අතර ලොව පුරා OnePlus ලෝලීන් මේ event එක ආරම්භ වන තුරු නොයිවසිල්ලෙන් බලා සිටිනවා.

OnePlus හි නිළ YouTube Channel එක හරහා මේ event එක සජීවීව විකාශය කිරීමට ද ඔවන් කටයුතු සූදානම් කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් 29 වැනිදා රාත්‍රී 7:30 ට මෙය ආරම්භ වීමට නියමිත වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus forum එක, OnePlus වෙබ් අඩවිය සහ theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.