වර්ථමානය වන විට ලංකාවේ කළාකරුවන් හට තමන්ගේ නිර්මාණ රසිකයන් අතරට ගෙන යාමට, එහෙමත් නැතිනම් ඒවා අලෙවි කිරීමට හරිහැටි මාධ්‍යයක් නොමැති වීම අපේ Music industry එකට ලොකු අඩුවක් වෙලා තිබුණු දෙයක්.

අනෙක් අතට රසිකයන් හට හොඳ තත්ත්වයේ ගීත මිලදීගැනීමට හෝ තමන් කැමති කළාකරුවාට සහයෝගයක් ලබා දීමට හැකියාවක් නොමැති වීම නිසාවෙන් බොහෝ වෙලාවට අපේ රටට සේවා සපයන්නේ නැති Spotify වැනි සේවාවන් විවිධ ක්‍රම භාවිතා කර ලබා ගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා.

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට නව්‍ය අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් ආරම්භ කල Hikka Music වෙබ් අඩවිය මගින් ශ්‍රීලාංකීය කළාකරුවන් හට තම නිර්මාණයන් රසිකයන් අතරට පහසුවෙන් ලබා දීමට සහ සංගීත ලෝලීන් හට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සංගීතය රස විදීමට ඉඩ සලසා ඇති බව මෙහි නිර්මාණකරුවන් පවසා සිටිනවා.

මෙය හුදෙක් තවත් එක් සංගීතමය වෙබ් අඩවියක් නොව, රසිකයින් හට ගුණාත්මක, රසවත් සහ හරවත් ගීතමය රසාස්වාදයක් ලබාදීමේ අරමුණින් හා කළාකරුවන් හට තම නිර්මාණයන් එළිදැක්වීමට ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් වේදිකාවක් ලබාදීමේ අරමුණින් මෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින digital music කර්මාන්තයට ප්‍රමිතියක් එක් කර කළාකරුවන්ට තම නිර්මාණයන් හී වටිනාකම තහවුරු කර දීමේ අරමුණින් නිර්මාණය කල වෙබ් අඩවියක් බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කළාකරුවන් සදහා වන hikka music හි විශේෂාංග

ලාංකීය කළාකරුවන් හට මේ hikka music හරහා තම නිර්මාණ ඉතා පහසුවෙන් රසිකයින් සමඟ බෙදා ගැනීමට පහසුකම සලසා ඇති අතර මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් ඔවුන්ගේ නිර්මාණ upload කිරීමේ පහසුකම ලබා ගත හැක.

කළාකරුවෙකු ලෙස මෙයට මූලිකව සම්බන්ධවීමේදී අනන්‍යයතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලියක් හරහා යාමට මෙන්ම, මේ හරහා ලබා දෙන ගීත වල ප්‍රමිතිය තහවුරු කිරීම උදෙසා සියළුම නිර්මාණ මහජනයාට විවෘත කිරීමට පෙර hikka music කාර්ය්‍යමණ්ඩලය විසින් පරීක්ෂා කර බලනු ලබනවා.

එම නිසා නියමිත ප්‍රමිතීන්ට අනුව තම නිර්මාණයන් මෙම වෙබ් අඩවියට එක් කිරීමට වගබලා ගත යුතු වන අතර නිර්මාණයන් එක් කිරීමෙන් පසුව තම මිතුරන් සමග බෙදා ගැනීමට, වෙනත් වෙබ් අඩවි තුල අඩංගු කිරීමට පහසුකම්ද ලබා දී තිබේ.

තවද එක් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ, නුදුරු අනාගතයේ දී මෙම වෙබ් අඩවියෙන් ලබන ආදායම හරහා කළාකරුවන් හට තම නිර්මාණ වලට එහි වටිනාකම ගෙවීමට ද මෙහි නිර්මාණකරුවන් සූදානම් වෙන බවත් ඒ සඳහා අවශ්‍යය කටයුතු මේ වන විටත් පරීක්ෂණ මට්ටමේ පවතින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

රසිකයින් සදහා මෙහි ඇති විශේෂාංග

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගීත බෙදාගැනීමේ වෙබ් අඩවිය වන Hikka Music හි රසිකයින් සදහා ද සුවිශේෂී විශේෂාංග රැසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ගීත රසවිදීමේ ගුණාත්මක බව ඉහළ නැංවීම සදහා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් ගීත ලබා දීමටද, කළාකරුවන්ගේ අවසරය ලබා දී ඇති ගීතයන් බාගත කර ගැනීමටද, තමන් කැමති ගීත පසුව රසවිදීමට ගීත ලැයිස්තු ගත කර තබා ගැනීමේ පහසුකම ද රසිකයින් සඳහා ලබා දී තිබෙනවා අතර මිතුරන් සමග පණිවිඩ හුවමාරු කරගැනීමටද මේ හරහා හැකියාව ලැබෙනවා.

මෙවැනි විශේෂාංග රැසක් දැනටමත් ලබා දී ඇති මෙම වෙබ් අඩවිය නුදුරේදීම Android සහ iOS උපාංගයන්ට හා තවත් විශේෂාංග රාශියක් සමග වැඩි දියුණු කිරීමටත් මෙහි නිර්මාණකරුවන් සැලසුම් කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා hikkamusic වෙබ් අඩවිය, ඔවුන්ගේ නිළ Facebook පිටුව භාවිතා කළ හැකි අතර ඔවුන් සම්බන්ධ කරගැනීම සඳහා [email protected] email ලිපිනය භාවිතා කළ හැක.