Apple සමාගම විසින් ඔවුන්ගේ iPad Pro සහ Mac event එක ඔක්තෝම්බර් 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙන බව මීට කලින් ලිපියකින් අපි සඳහන් කලා මතක ඇති.

ඒ වගේම මෙවර ඔවුන්‍ෙගේ tagline එක බවට පත්ව තිබෙන්නේ “there’s more in the making,”යන වැකිය වන අතර ඔවුන්ගේ එළිදැක්වීම් පිළිබඳව ඉඟියක් ලබා ගැනීම සඳහා ‍මීට අදාල invites වලට විවිධ designs වලින් යුතු ඔවුන්ගේ logo එක එකතු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

ඉතින් මේ event එක වෙනුවෙන් අලංකාර custom apple logos විශාල ප්‍රමාණයක් නිර්මාණ කිරීමට ඔවුන් කටයුතු කර තිබෙන අතර event එකට සහභාගී වන සෑම කෙනෙකුටම අදාල invitation එකට, එකිනෙකට වෙනස් ආකාරයේ logos එකතු කිරීමට කටයුතු කර ඇති බව පෙනී යනවා.

මේ වන විට නිකුත් වී ඇති Custom Logos ප්‍රමාණය 370ක් පමණ වන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා macobserver වෙබ් අඩවිය භාවිතා කළ හැක.