OnePlus සමාගම විසින් මේ වසරේ නිකුත් කිරීමට නියමිත මීළඟ smartphone එක ගැන මේ වන විට ගොඩදෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියනවා.

මේ phone එක OnePlus 6T බව මේ වෙනකොට හැම දෙනාම දන්නා කාරණයක් වන අතර මෙයට අවධානය යොමු වෙන්න හේතු කිහිපයක් තියෙනවා.

ඔයාලට මතක ඇති දැනට ටික කාලයකට කලින් Vivo සමාගම විසින් In-display fingerprint sensor එකක් නිෂ්පාදනය කළා. අන්න ඒ වගේ මේ OnePlus 6T එකෙත් මතුපිටින් පේන්නට fingerprint sensor එකක් නැහැ. මේ වෙනුවට display එකට යටින් තමයි මේ fingerprint sensor එක පිහිටලා තියෙන්නේ. මෙම තාක්ෂණය OnePlus සමාගම විසින් "Screen Unlock" යන නමින් හඳුන්වනු ලබනවා.

මෙහිදී display එක මත ඇඟිලි සලකුණක රූපයක් දිස් වෙන අතර එම රූපය මත ඇඟිල්ල තැබූ විට display එකට යටින් ඇති fingerprint sensor එක මගින් අපගේ ඇඟිලි සලකුණ හදුනා ගන්නවා.

හැබැයි මේ අලුත් ක්‍රමය නිසා phone එකේ ඝණකම .45 mm වලින් පමණ වැඩි වෙනවා කියලයි සදහන් වෙලා තියෙන්නේ. දැනටමත් Vivo සමාගමේ smartphone කිහිපයක මෙම In-Display fingerprint sensor තාක්ශණය භාවිතා වෙනවා.

ඇත්තටම OnePlus සමාගම මෙම තාක්ශණය එළි දැක්වීමට අදහස් කරේ OnePlus 5T දුරකතනයත් එක්ක වුනත් මෙම තාක්ශණයේ තිබුන සුලු සුලු වෙනස්වීම් නිසා 6T දුරකතනය වෙනකම් පරක්කු කරන්න සිදු වුණු බව OnePlus සමාගම විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මීට අමතරව පසුගිය සතියේ OnePlus 6T එකේ packaging එකක් leak වෙලා තියනවා. එහි දැක්වෙන ආකාරයට මේ smartphone එකේ notch එක ඉතාමත් කුඩා ආකාරයට සකසා තිබෙනවා. මෙය Oppo සමාගමේ F9 දුරකථනයට මදක් සමාන වන අතර බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ Water drop notch යන නමිනුයි.

මීට අමතරව මේ OnePlus 6T smartphone එක OnePlus ජංගම දුරකථනයක් ඇමෙරිකාවේ සේවා සපයන්නෙකු හා එකතු වී අලෙවි කරනු ලබන පළමු smartphone එක වෙනවා. US සේවා සපයන්නෙකු වන T-Mobile ආයතනය හා එකතු වී මෙම කටයුතු සිදු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.