මේ වසරේ Apple සමාගමේ events තවමත් නිමා වී නොමැති අතර ඊයේ දිනයේ Apple සමාගම විසින් ඔවුන්ගේ මීළඟ event එක ගැන තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කලා.

මේ අනුව ඔවුන්ගේ මීළඟ event එක වන iPad Pro සහ Mac event එක මෙම මස, එනම් ඔක්තෝම්බර් 30 වැනිදා Brooklyn වලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර මෙහිදී අලුත් iPad Pro tablet මාදිලි සහ Mac පරිඝනක මාදිලි වල වැඩිදියුණු කිරීම් ගැන දැනගැනීමට අවස්ථාව ලැබෙනවා.

මෙවර ඔවුන්‍ෙගේ tagline එක බවට පත්ව තිබෙන්නේ “there’s more in the making,” යන වැකිය වන අතර ඔවුන්ගේ එළිදැක්වීම් පිළිබඳව ඉඟියක් ලබා ගැනීම සඳහා ‍මීට අදාල invites වලට පහත ආකාරයේ විවිධ designs එකතු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙහිදී එළිදැක්වීමට නියමිත අලුත් iPad Pro එක සිහින් bezels වලින් සහ FaceID පහසුකමින් යුක්ත වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනු ලබන අතර එය එසේ වුවහොත් FaceID තාක්ෂණය iPhone එකකින් ඔබ්බට යන පළමු අවස්ථාව මෙය ‍ලෙස සනිටුහන් වෙනවා.

එමෙන්ම දීර්ඝ කාලයක සිට බළාපොර‍ොත්තු වූ MacBook Air මාදිලියට අයත් අලුත් laptop පරිඝනකයක් ද මේ අතරට එක් වනු ඇති බවත් iOS වල අලුත් version එක වන 12.1 සංස්කරණයත් මේ event එකේදී එළිදක්වනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය මෙන්ම 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.