OnePlus සමාගමේ අලුත්ම smartphone එක වන OnePlus 6T එක මේ මාසයේ අග දි එළිදැක්වීමට නියමිත අතර මේ වන විටත් ඒ ගැන බොහෝමයක් තොරතුරු නිළ සහ නිළ නොලත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් OnePlus 6T එකේ fingerprint sensor එක display එකට යටින් ඇතුලත් කිරීමට OnePlus සමාගම කටයුතු කර තිබෙන බව මීට කලින් ලිපියක් හරහා ඔබව දැනුවත් කරන්නට කටයුතු කලා මතක ඇති. මේ අලුත් fingerprint scanners එක ගැන විස්තර කිරීමට මේ වන විට OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වන විට in-display fingerprint scanners වර්ග ultrasonic සහ optical වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි වන අතර මෙහි ultrasonic වර්ගයේ scanners වලදී සිදු වන්නේ ultrasonic sound waves භාවිතා කරමින් අදාල ඇඟිල්ලෙහි 3D image එකක් නිර්මාණය කිරීමයි. බොහෝ වෙලාවට මේ තාක්ෂණය භාවිතා කරමින් මවගේ ගර්භාශයේ සිටින දරුවා scan කර බැලීමට භාවිතා කරවා ඔබ දැක ඇති.

Optical scanners වලදී සිදු වන්නේ screen එක හරහා ලබා දෙන ආලෝකය භාවිතා කර අදාල ඇඟිල්ලෙහි සාමාන්‍යය ඡායාරූපයක් ලබා ගැනීම වන නමුත් මේ වන විට මේ තාක්ෂණය ද ඉතාමත් සාර්ථක මට්ටමක පවතිනවා.

කොහොම නමුත් OnePlus සමාගම සනාථ කරන ආකාරයට මේ තාක්ෂණයන් ද්විත්වය අතරින් OnePlus 6T එකට අන්තර්ගත කර තිබෙන්නේ optical scanner ක්‍රමය වන අතර Oppo සහ Vivo යන සමාගම් විසින් නිෂ්පාදනය කළ ජංගම දුරකථන වල අඩංගු වන්නේ ද මේ optical scanner තාක්ෂණයයි.

මේ වන විට OnePlus 6T එක ගැන දැනගන්නට ලැබෙන තොරතුරු අනුව Qualcomm Snapdragon 845 chipset එකක්, 6/8GB RAM එකක්, 64/128/256GB storage එකක්, 16+20MP dual camera පද්ධතියක් සහ 3,700 mAh battery එකක් මෙයට අන්තර්ගත වෙනවා.

මීට අමතරව අඟල් 6.4ක ප්‍රමාණයේ display එකක් සහ water drop notch එකකින් සමන්විත වන මේ OnePlus 6T ජංගම දුරකථනය මීළඟ නොවැම්බර් මස 6 වැනිදා වන විට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර xda-developers වෙබ් අඩවිය හා ndtv වෙබ් අඩවිය හරහා දැනගැනීමට හැකියාව තිබෙනවා.