බොහෝ දෙනක් social media තුල Blue Verification Badge එක ගැනීමට උනන්දුවක් දක්වන නිසාවෙන් අප විසින් මීට පෙර අවස්ථාවකදි Facebook Page එකට හෝ Profile එකට Blue Verification Badge එක ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook Page එකට හෝ Profile එකට Blue Verification Badge එක ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැනගනිමු
සැම දිනකම පාහේ බොහෝ දෙනෙකු අප වෙත යොමු කරන ප්‍රශ්න වලින් එකක් වන්නේ ”කොහොමද අපේFacebook Page එකට හෝ Profile එකට Blue Verification Badge ලබාගන්නේ” යන්නයි. කොහොම නමුත් Facebook හි

Facebook වලට පසුව නිරන්තරෙයන් බොහොදෙනා Instagram ගිණුම verify කර ගැනීමට උනන්දුවක් දක්වන අතර මෙම ලිපිය අධ්‍යනය මඟින් Instagram ආයතන විසින් දක්වා ඇති පරිදි Instagram ගිණුමට blue verification badge එක ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබට දැන ගැනීමට හැකිවෙයි.

Facebook වල මෙන් Instagram වලද blue verification badge එක ලබාගැනීමට අවශ්‍යය සුදුසුකම් සපුරාලීම මදක් අපහසු වුවත්, එය සිදු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් සරලයි.


Instagram help center එකෙහි ඇති මේ පිළිබඳව වන නිළ සටහන අනුව ඔබගේ ගිණුම verify කිරීමට, එහෙමත් නැත්නම් blue verification badge එක ලබාදීමට පෙර පහත සඳහන් නිර්ණායක ඔබ සම්පුර්ණ කර තිබෙනවාද යන්න ඔවුන් විසින් පරික්ෂා කර බලනවා.

  • අව්‍යාජ විම - ඔබේ Instagram ගිණුම සැබෑ පුද්ගලයෙකු හෝ ඔබේ business page එක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක් හෝ ආයතනයක් නියෝජනය කළ යුතුය.
  • Uniqueness - ඔබගේ ගිණුම, එය අදාල වන පුද්ගලයා හෝ ආයතනයට අදාල ලෙස සකස් කර තිබිය යුතු වන අතර, Instagram විසින් මඟින් Funny Memes, Rap Videos වැනි general pages සඳහා verification Badge එක ලබා නොදේ.
  • සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රසිද්ධියක් තිබිය යුතු වීම - ඔබේ account එක සුප්‍රසිද්ධ, බොහෝ විට අනෙකුත් පුද්ගලයින් විසින් Facebook හරහා search කරනු ලැබූ, පුද්ගලයෙකු, වෙළඳ නාමයක් හෝ ආයතනයක් නියෝජනය කළ යුතුය.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ඔබ විසින් verification ඉල්ලිමට පෙර ඔබගේ ගිණුමේ ඇති username එක පිළිබඳ සැලකිල්ලක් දක්වන්න, Instagram ගිණුම verified වූ පසු ඔබට username එක වෙනස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔබ විසින් Instagram ගිණුමට verification ඉල්ලිමේදි ඔබ විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළහොත් ඔබගේ ගිණුම Instagram වලින් ඉවත් කිරීමට ඔවුන් විසින් කටයුතු කරන බවටද සඳහන් කර තිබෙනවා. එම නිසා ඔබ විසින් මේ සඳහා නිවරදි විස්තර පමණක් ඉදිරිපත් කරන ලෙසට අප නිර්දේශ කරනු ලබනවා.


Verification request කිරීමේ පියවර

ඔබගේ Instagram ගිණුම blue badge verification එක ලබා ගැනීමට සුදානම් වූ පසු ඔබ විසින් පහත පියවර අනුගමනය කළ යුතු වෙනවා.

  1. ප්‍රථමයන් Instagram iOS හො android app එකකින් verification badge එක ලබා ගැනිමට අවශ්‍ය ගිණුමට log වන්න.
  2. ඔබගේ profile එකට යාම සඳහා පහල දකණු කෙරවලේ ඇති profile icon එක click කරන්න.
  3. ඉන්පසු, ඉහල දකුණු කෙලවෙරහි ඇති ඉරි තුනක icon එක click කර setting වෙත පිවිසෙන්න.
  4. Account වෙත ගොස්, Request verification යන්න තෝරන්න.
  5. ඉන්පසු ඔබගේ සම්පුර්ණ නම ඇතුලු එහි ඉල්ලා ඇති විස්තර නිවැරදිව ලබාදෙන්න.
  6. විස්තර නිවැරදිව සම්පුර්ණ කිරිමෙන් පසු, submit button එක click කර ඔබගේ ඉල්ලීම Instagram වෙත යොමු කරන්න.
Verification request කිරීමේ පියවර
මතක තබා ගන්න:
  • ඔබගේ ගිණුම verification ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබුවද, මෙසේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් ඔබගේ ගිණුම verified වන බවට Instagram ආයතනය විසින් සහතික නොවේ.
  • ඔබ එක් වරක් verification ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 30ක් ඇතුලත නැවත නැවත ඉල්ලීම් කිරිමෙන් ඔබගේ ගිණුම verified නොවන අතර ඔබ දින 30ක් ඇතුලත කිහිප වතාවක් මේ සඳහා ඉල්ලුම් කර ඇත්නම් Instagram විසින් ඔබ විසින් ඉල්ලුම් කරන ලද නව ඉල්ලිම් අවලංගු කරයි.
  • Verified වූ පසු ඔබගේ username එක වෙනස් කිරීමට හැකියාවක් නොලැබෙන ඇති verification badge එක වෙනත් ගිණුමකට මාරු කළ නොහැක.

Instagram blue verification badge එක ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර පසු ඉලඟට සිඳු වන්නේ කුමක්ද?

Instagram ආයතනය විසින් ඔබේ ඉල්ලිම review කරපසු verified කරනවාද නැද්ද යන්න තීරණය ඔබට notification එකක් මඟින් දන්වනු ලබනවා. සාමාන්‍යයෙන් මෙම ක්‍රියාව සඳහා උපරිම වශයෙන් දින 30ක කාලයක් ගතවිය හැක.

ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්නම් නැවතත් දින 30කින් පසු ඔබට නැවත verification request කිරීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.

එමෙන්ම Instagram හට ඔබ verified වුවත් verified badge එක අවශ්‍ය ඕනැම මොහොතක ඉවත් කිරීමේ හැකියාවද, ඔබ Instagram හි Community Guidelines හෝ Terms උල්ංලගණය කලහොත් ඔබගේ ගිණුම් disable කිරීමටද හැකියාව තිබෙන බව මතක තබා ගන්න.


Verified badge එක සල්ලි වලට ලබාගත හැකිද?

Facebook හො Instagram blue verification badge එක කිසිසේත්ම මුදලට ලබාගත නොහැකි අතර verified badge එක විකිණීමට ඉදිරිපත් වන කිසිවෙකු සමඟ කිසි විටෙකත් සම්බන්ධ නොවන්න යැයි Meta සමාගම විසින් සඳහන් කර ති‍බෙනවා.

තවදුරටත් ඔවුන් සඳහන් කර ඇත්තේ එසේ විකිණීමෙන් verification badge එක ලබාගත් ඕනෑම ගිණුමකට අදාල badge එක ඉවත් කරනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Instagram help වෙබ් අඩවිය භාවිතා කළ හැක.