Telegram යනු කවදත් තම පරිශීලකයන් හට නැවුම් අත්දැකීම් ගෙන එන සමාගමකි. මෙවර ද තම පරිශීලකයන් හට කිසිදා අත් නොවිඳි වෙනස්ම සේවාවන් කිහිපයක් ගෙන ඒමට Telegram ආයතනය කටයුතු කර ඇත. මෙම ලිපියෙන් අපි ඉහත සඳහන් සේවාවන් මොනවාදැයි යන්න වැඩිදුරටත් සොයා බලමු.

Telegram තුල තමන්ට කැමති Username එකක් ලබා ගත හැකි බව මේ වන විටත් ඔබ දන්නවා ඇති. සමහරක් අවස්ථාවල දී අපට අවශ්‍ය Username එක වෙනත් පරිශීලකයකු සතු වේ නම් එය ලබා ගැනීම තරමක් අපහසු කටයුත්තකි. නමුත් දැන් Fragment සේවාව හරහා ඔබට අවශ්‍ය Usernames වෙන්දේසියට තබා ඇත්නම් ලංසුවක් තබා එය මිලදී ගැනීමට හැකියාව ඇත. තවද ඔබ සතුව ඇති Short Recognizable Usernames (ex : @Bank @Crypto @Human) වෙන්දේසියට තැබීමට ද හැකියාව ඇත.


මොකක් ද මේ Fragment ?

‌Fragment යනු Free Decentralized Platform එකකි. මෙමගින් සියලු Collectibles Usernames වෙන්දේසිය හා ගණුදෙනු කටයුතු මෙහෙයවන අතර Telegram සමාගම සහ Fragment සේවාව අතර ඇති කරගෙන තිබෙන හවුල්කාරීත්වය නිසා තම සේවාවක Usernames වල සම්පූර්ණ අයිතිය පරිශීලකයන් හට ලබා දෙන පලමු Messenger Platform එක බවට Telegram පත්විය.

Telegram Usernames වෙන්දේසි කිරීම හෝ ඒවාට ලංසු ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය මූලික සුදුසුකම් ලෙස ආරක්ෂිත (The Open Network) TON Wallet එකක් හිමි දිගුකාලීන Telegram පරිශීලකයෙකු වීම වැනි කරුණු දැක්විය හැක.

Fragment සේවාව තුලදී TON නමින් හදුන්වන Cryptocurrency වර්ගය සමග Usernames සම්බන්ධ ගණුදෙනු සිදුකරන නිසාවෙන් මුදල් වල ආරක්ෂාවට ඔබට TON Wallet එකක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය වේ.

වැදගත්ම කරුණ නම් ඔබ සතු Usernames වෙන්දේසියට ඉදිරිපත් කිරීම නොමිලේ සිදු කළ හැකි වුවත් ඔබට අවශ්‍ය Username එකක් සදහා ලංසු ඉදිරිපත් කිරීමට ඔබ සතුව දැනට TON Coin නොමැති නම් ඒවා මිලදී ගැනීමට සිදු වීමයි. මේ වන විට TON Coin 1 = USD 2.4 ක් පමණ වේ.

ඔබගේ Telegram ගිණුම සහ TON Wallet එක Fragment සේවාව සමග සම්බන්ධ කිරීමෙන් පසුව ඔබට Usernames වෙන්දේසිය හා ලංසු ඉදිරිපත් කිරීම කළ හැක. මෙහිදී සති දෙකකට වඩා පැරණි Usernames පමණක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කළ හැකිය. තවද ඔබ අපේක්ෂා කරන අවම ලංසුවේ අගයද ඇතුලත් කළ හැකිය.

ප්‍රථම ලංසුව ඉදිරිපත් වන තෙක් වෙන්දේසිය සදහා ඇතුළත් කළ Usernames, Fragment සේවාව තුල රැදී පවතී. යම් හෙයකින් ලංසුවක් ඉදිරිපත් වුවහොත් එම ප්‍රථම ලංසුව ඉදිරිපත් වූ දින සිට සතියක කාලයකින් එම Username එක සදහා වන වෙන්දේසිය අවසන් වී අදාළ පාර්ශ්වයන් හට මුදල් ලැබීම හා Usernames අයිති වීම සිදු වේ. තමන් ඉදිරිපත් කරන ලද ලංසුවට වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් වුවහොත් ස්වයංක්‍රීයවම තමන් ලංසු තැබූ TON Coin ප්‍රමාණය නැවත තමාගෙ Wallet එකට එකතු වෙයි.

💡
දැනට තිබෙන වාර්තා අනුව වැඩිම මිලකට වෙන්දේසිය වූ Username එක @News වන අතර එය සදහා ඉදිරිපත් වූ වැඩිම ලංසුව TON 994,000 කි එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.42 ක් පමණ වේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Fragment වෙබ් අඩවිය සහ Telegram බ්ලොග් අඩවිය භාවිතා කළ හැක.