සැම දිනකම පාහේ බොහෝ දෙනෙකු අප වෙත යොමු කරන ප්‍රශ්න වලින් එකක් වන්නේ "කොහොමද අපේ Facebook Page එකට හෝ Profile එකට Blue Verification Badge ලබාගන්නේ" යන්නයි.

කොහොම නමුත් Facebook හි Blue Verification Badge (එය Profile එකක් හෝ Page එකක් වුවත්) එක ලබාගැනීමට අවශ්‍යය සුදුසුකම් සපුරාලීම මදක් අපහසු වුවත්, එය සිදු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් සරලයි.

Facebook සමාගම විසින් Blue Verification Badge එක ලබාදීමේ අරමුණ වි ඇත්තේ යම් කිසි Page එක හෝ Profile එක නියෝජනය කරන්නේ අදාල public figure එකක්, celebrity කෙනෙක් හෝ global brand එකක් යන්න තහවුරු කිරීමයි. මෙම Badge එක මඟින් වෙනත් කිසිඳු බලයක් හෝ අමතර පහසුකමක් අදාල Page එකට හෝ Profile එකට ලැබෙන්නේ නැත.

මෙම ලිපියෙන් මම මේ Blue Verification Badge එක ලබා ගැනීමට අනුගමනය කළ යුතු පියවර පිළිවෙලින් ලයිස්තු ගත කර තිබෙනවා.


ඔබ verification contact form එක සොයන්නේ නම් එයට මෙම Link එක ඔස්සේ පිවිසිමට හැකියාව පවතිනවා.

එය තවමත් ඔබ සිටිනා රටට ක්‍රියාත්මක නොවන්නේ නම්, ඔබගේ රට ඒ සඳහා තවමත් සුදුසුකම් නොලබා ඇති අතර මම link එක 2021 ජනවාරි 14 වන විටත් එක්සත් ජනපදය ඇතුල සුදුසුකම් ලද රටවල් සඳහා ක්‍රියාත්මත තත්වයේ පවතිනවා.

ඔබගේ profile එක හෝ business page එක Blue Badge verification එක ලබා ගැනීම සඳහා සුදානම් කරන්නේ කෙසේද?

අවාසනාවන්ත ලෙස මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි Facebook ආයතන මඟින් සෑම Facebook profile එකක්ම හෝ page එකක්ම verify කර ගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ.

Facebook ආයතනය විසින් ප්‍රකාශ කරන්නේ ඔබ අනිවාර්යෙන් verification එක ලබාගැනීම සඳහා පහත සඳහන් අවශ්‍යතාවන් සපුරාලිය යුතු බවයි.

  1. අව්‍යාජ විම - ඔබේ profile එක සැබෑ පුද්ගලයෙකු හෝ ඔබේ business page එක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක් හෝ ආයතනයක් නියෝජනය කළ යුතුය.
  2. Uniqueness - ඔබගේ ගිණුම හෝ page එක, එය අදාල වන පුද්ගලයා හෝ ආයතනයට අදාල ලෙස සකස් කර තිබිය යුතු වන අතර, Facebook සමාගම මඟින් Funny Memes, Rap Videos වැනි general pages සඳහා verification Badge එක ලබා නොදේ.
  3. සම්පුර්ණ භාවය - ඔබේ profile එක හෝ business page සක්‍රියව තිබිය යුතු අතර about section එක, profile photo වැනි දේවල් සම්පුර්ණ වී තිබිම අත්‍යාවශ්‍යය වෙනවා.
  4. සැලකියයුතු ප්‍රමාණයක ප්‍රසිද්ධියක් තිබිය යුතු වීම - ඔබේ profile එක සුප්‍රසිද්ධ, බොහෝ විට අනෙකුත් පුද්ගලයින් විසින් Facebook හරහා search කරනු ලැබූ, පුද්ගලයෙකු, වෙළඳ නාමයක් හෝ ආයතනයක් නියෝජනය කළ යුතුය.

මා ඉහතින් සඳහන් කර ඇති පළමු කරුණු 3 සම්පුර්ණ කර ගැනීම ඉතාමත් පහසු වන අතර 4 වන කරුණ සැපිරිම තරමක් අපහසු කාරණයක් වෙනවා.

Verification request කිරීමේ පියවර

ඔබගේ profile එක හෝ page එක Blue Badge verification එක ලබා ගැනීමට සුදානම් වූ පසු පහත පියවර අනුගමනය කළ යුතු වෙනවා.

  1. මා ඉහතින් සඳහන් කර ඇති link එකට ගොස් verification contact form එකට පිවිසෙන්න.
  2. Verify කර යුත්තේ ඔබගේ profile එක ද, page එක ද යන්න තෝරන්න.
  3. මීළඟට Profile එකක් නම්, රජය විසින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පතක් හෝ ආයතනයක් නම්, tax return document එකක්, Business registraion එකක්, utility bill එකක් වැනි documents upload කරන්න.
  4. Additional Information textbox එකෙහි ඔබව verify කර යුත්තේ ඇයිද යන්න පැහැදිලව සඳහන් කරන්න. මෙය සඳහන් කරන ආකරය අනුව ඔබට Blue badge එක ලැබෙනවාද නැද්ද යන්න තීරණය වෙනවා.
  5. එම from එක submit කර දින 2 ත් 30 ත් අතර ඔබට Blue Badge එක ලැබෙනවාද නැද්ද යන්න Facebook සමාගම විසින් ඔබව දැනුවත් කරනු ලබනවා.
Verified badge එක සල්ලි වලට ලබාගත හැකිද?

Facebook Blue Verification Badge එක කිසිසේත්ම මුදලට ලබාගත නොහැකි අතර verified badge එක විකිණීමට ඉදිරිපත් වන කිසිවෙකු සමඟ කිසි විටෙකත් සම්බන්ධ නොවන්න යැයි Facebook සමාගම විසින් සඳහන් කර ති‍බෙනවා.

තවදුරටත් ඔවුන් සඳහන් කර ඇත්තේ එසේ විකිණීමෙන් Verification Badge එක ලබාගත් ඕනෑම ගිණුමකට අදාල Badge එක ඉවත් කරනු ඇති බවයි.

Verification Badge එක ලබාදීමේ හා එය ඉවත් කිරීමේ සම්පුර්ණ බලය Facebook ආයතය මත පවතිනවා.

තවත් ඔබ දැන ගත යුතු වැදගත් කරුණක් නම් මේ වන විට එකම පුද්ගලයෙකු හට තමාගේ Profile එක‍‍ට සහ Page එකට Verification Badge එක ලබාගැනිමට අවසර ලබා දී නැති අතර අතිතයේදී එලෙස Profile එක‍‍ට සහ Page එකට Verification Badge එක ලබාගත් අය සඳහා ඔවුන්ගේ Profile එකෙන් හෝ page එකෙන් badge එක ඉවත් කරගන්නා ලෙස දන්වනු ලබනවා.

බොහෝ විට ඉදිරිය ගැන සිතන්නේ නම්, වඩාත් ඵලදායි වන්ගේ තමාගේ Page එකට Blue Verification Badge එක ලබාගැනිම බව සිහියේ තබාගත යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook help වෙබ් අඩවිය සහ Alejandro Rioja වෙබ් අඩවිය භාවිතා කළ හැක.