මහා සිකුරාදාවට වඩා අද වෙද්දී ජනප්‍රිය දිනයක් බවට ‘කළු සිකුරාදා’ හෙවත් ‘Black Friday’ පත් වෙලා අවසන්. සාමාන්‍යයෙන් සෑම නොවැම්බර් මසකම හතරවන සිකුරාදා දිනය Black Friday ලෙසින් හැඳින් වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහොමයක් බටහිර රටවල් නත්තල වගේම එළඹෙන නව වසර වෙනුවෙන් සාප්පු සවාරි යන්න ජනතාව පොලඹව ගන්නා දිනයක් ලෙසින් මෙය සරලව හඳුන්වන්න පුළුවන්.

අද වෙද්දී මේ දිනය ලංකාව ඇතුළු ලෝකයේ අනෙක් රටවල් තුළත් ජනප්‍රිය දිනයක් බවට පත්ව තිබෙනවා. ඒවගේම ලෝකයේ බොහෝ සමාගම් අදහාගත නොවූ විරු අන්දමින් වට්ටම් සහ දීමනා ලබා දෙන දිනයක් ලෙසින් දැන් මේ දිනය පත් වෙලා තියෙනවා. මෙන්න මේ නිසාම ලෝකයේ බොහෝ දෙනෙක් නත්තලට සහ නව වසරට බඩු භාණ්ඩ ගන්න මේ දිනය එනකම් ඉන්නේ නොඉවසිල්ලෙන්.

මේ තදබදය අස්සේ ඇතිවන ගැටුම් හා ආරවුල්- thegreenhubonline.com

1952 දී පමණ තමයි මේ දිනය Black Friday ලෙසින් ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්හ වූ බවට සැලකෙන්නේ. සැම වසරකම නොවැම්බර් මාසයේ හතරවන බ්‍රහස්පතින්දා දිනය Thanksgiving Day ලෙස හඳුන්වන අතර එය ඔවුන් අස්වනු නෙලා ගැනීමේ ප්‍රීතිය සැමරීම සඳහා වෙන්කර ගන්නා නිවාඩු දිනයක්. ඉන් පසු එළඹෙන සිකුරාදා දිනය නිල වශයෙන් නිවාඩු දිනයක් ලෙස සළකනවා. ( ප්‍රාන්ත කිහිපයක රජයන් එම ප්‍රාන්තවල නිවාඩු දිනයක් ලෙස මෙදින නම් කර තිබෙන අතර ඇතැම් ප්‍රාන්ත සඳහා නිවාඩු ලැබෙන්නේ නැහැ )

කොහොම වුණත් මේ දිනයට Black Friday නම වැටුණු බවට සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයෙන්ය. මෙදිනට සාප්පු සවාරි යන තරඟකාරී පාරිභෝගිකයන් නිසාම හටගන්නා අධික තදබදය, ඝෝෂාකාරී බව හා එදාට ඉහළ යන සහ ආරක්ෂක අංශ වෙත වාර්තා වෙන ගැටුම්, නීති විරෝධී ක්‍රියාවන් ප්‍රමාණය නිසාම ආරක්ෂක අංශ වෙතින් මෙදින අඳුරු දිනයක් ලෙස හඳුන්වන්නට පටන්ගෙන තිබෙනවා. මෙන්න මේ නම මුලික කරගෙන වෙළඳ සමාගම් එය වාණිජකරණය කරන්න තමයි එදාට මේ විශේෂ නම පට බන්ඳලා තියෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Black Friday වෙබ් අඩවිය සහ History.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.