ඔබත් සංගීත නිර්මාණ ශිල්පියෙක් හෝ සංගීත නිර්මාණ අයිතිකරුවෙක් නම්, දැනටමත් ඔබට අයිති නිර්මාණ Spotify, Apple Music වැනි services සඳහා බෙදාහරින ආකාරය පිළිබඳව උනන්දුවක් ඇත්නම් මෙම ලිපිය පරිශීලනය කිරීම මඟින් ඔබට වඩාත් ගැලපෙන music distribution services කුමක්දැයි තෝරා ගැනීමට උපකාරි වේ.

Music distribution services යනු?

සාමාන්‍යයෙන් සංගීත නිර්මාණ ශිල්පියෙක් හට ඔහුගේ නිර්මාණ YouTube, Facebook වැනි platforms සදහා සෘජුවම upload කර publish කිරීමේ හැකියාව තිබුනත්, Spotify, Apple Music, YouTube music සහ VEVO වැනි සේවාවන් සඳහා එලෙස සෘජුවම තම නිර්මාණ upload කිරීමට හැකියවක් නොමැති වෙනවා. ඒ සඳහා අදාල සංගීත නිර්මාණ අයිති පුද්ගලයින් විසින් Music distribution services එකක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා.

මේ වන විටත් ලොවපුරා විවිධ වූ පහසුකම් සහිතව තම සේවාවන් ලබාදෙන Music distribution services ‍රැසක් අපට බලාගැනීමට හැකියාව ලැබෙන අතර ප්‍රධාන වශයෙන් බොහෝ පරීශිලකයන් ප්‍රමාණයක් භාවිතා කරන සේවාවන් කිහිපයක විස්තර අප පහත දක්වා තිබෙනවා.


DistroKid

DistroKid සේවාව මඟින් ඉතාමත් පහසුවෙන් ඔබගේ සංගිත නිර්මාණ බෙදාහැරීමට අවස්ථාව ලබාදෙන අතර ඔබ විසින් ඔබගේ නිර්මාණ බෙදාහැරීමට පෙර වසරකට $19.99ක මුදලක් ගෙවා ඔවුන්ගේ සේවාව මිලදී ගත යුතු අතර ඉන්පසුව ඔබට unlimited albums සහ songs upload කිරීමට සහ බෙදාහැරීමට අවස්ථාව හිමි වෙනවා. එසේම ඔබට ලැබෙන royalties වලින් 100% ම ඔවුන් විසින් ඔබට ලබාදීමටත් කටයුතු කරනවා.

DistroKid සේවාව පිළිබඳ තවත් විස්තර සහ ඔවුන්ගේ ඇති අනෙකුත් plans පිළිබඳ විස්තර ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට පිවිසිම මඟින් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

CD Baby

1998 වර්ෂයේදි CD Baby සේවාව ආරම්භ කර ඇති අතර මේ වන විට ලොව පුරා independent music artist ලා මිලියනකට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නිර්මාණ බෙදාහැරීම සඳහා මෙම සේවාව භාවිතා කරනු ලබනවා.

කෙසේ නමුත් ඔබ මෙම සේවාව භාවිතා කිරීම සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන අතර ඔවුන් විසින් වාර්ෂිකව ඔබගෙන් මුදල් ලබාගන්නේ නැත. ඒ වෙනුවට ඔබ විසින් albums සහ songs බෙදාහරින අවස්ථාවේදි පමණක් මුදල් අය කිරීමට CD Baby සේවාව කටයුතු කරනු ලබනවා.

CD Baby සේවාව පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට ඔබට ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය පරීශිලනයෙන් හැකියාව ‌තිබෙනවා.

Release Your Music Everywhere - No Recurring Fees | CD Baby
CD Baby - Independently distribute to Spotify, Apple Music, iTunes, Amazon, YouTube, Tiktok, Pandora & more. Make money from your songs worldwide on 150+ trusted platforms.
Vydia

Supply chain, global distribution, analytics, rights management සහ music video distribution වැනි සේවාවන් කිහිපයක්ම Vydia සේවාව මඟින් සපයනු ලබන නමුත් ඉහත කි සේවාවන් වල මෙන් ඔබට සෘජුවම මුදල් ගෙවා ඔවුන් සමඟ සම්බන්ධ විමට නොහැක.

Vydia යනු Invite Only platform වන නිසාවෙන් ප්‍රථමෙන් ඔබ ඔවුන් සමඟ join වීම සඳහා අවසර ඉල්ලා සිටිය යුතු අතර, ඉන්පසුව ඔබගේ ඉල්ලීම ඔවුන් විසින් සලකා බලා ඔවුන්ගේ නිර්ණායක සම්පුර්ණ කරනවා නම් ඔබට ඔවුන් සමඟ සමබන්ධ වි ඔබගේ නිර්මාණ බෙදාහැරීමට හැකියාව ලබාදෙනවා.

Vydia සේවාව පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට ඔබට ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය පරීශිලනය කළ හැකි වෙනවා.

Vydia - Empowering Independent Music Labels
Vydia is an end-to-end platform that monetizes content and handles its own supply chain, distribution, data pipelines, complex rights management, and payments.
TuneCore

TuneCore යනු ලොවපුරා ඉතාමත් ජනප්‍රිය සේවාවක් වන අතර music stores 150කට අධික සංඛ්‍යකට ඔබගේ නිර්මාණ බෙදාහැරීමට මොවුන් විසින් අවස්ථාව ලබාදෙනු ලබනවා.

වසරකට $14.99 මුදලක් ගෙවා ඔබට TuneCore සේවාව භාවිතා කිරීම ආරම්භ කළ හැකි අතර ඔවුන්ගේ සේවාව පිළිබඳ තවත් විස්තර සහ ඇති අනෙකුත් plans පිළිබද විස්තර TuneCore නිළ වෙබ් අඩවියට පිවිසීම මඟින් ඔබට පරිශීලනය කිරීමට හැකිය.

The Orchard

The Orchard ල‍ොවපුරාම බොහ‍ෝ පරිශීලකයන් විසින් නිර්දේශ කරනු ලබන සේවාවක් වන අතර මෙය Label distributor යන කාණ්ඩයට අයත් සේවාවක් වෙනවා. The Orchard සඳහා සම්බන්ධ විම තරමක් අපහසු අතර ඔවුන් සමඟ එක්ව ඔබගේ albums හෝ songs බෙදාහැරීමට අවස්ථාව ලබාදෙන්නේ තෝරාගත් පරීශිලකයන් සඳහා පමණක් විම විශේෂත්වයක්.

The Orchard - Music Distribution
Technology-driven leader in music distribution and artist & label services. Empowering artists in 45 markets worldwide.

ඉහත සඳහන්කර ඇති music distribution services වලට අමතරව තවත් music distribution services විශාල ප්‍රමාණයක් ඇති අතර ඔබට එම සේවාවන් පිළිබඳ Spotify ආයතනය විසින් පළකර ඇති Provider Directory නම් ලිපිය පරිශීලනය ‍මඟින් දැනගැනීමට හැකියාව ලැබෙනවා.

Provider Directory – Spotify for Artists
Here you’ll find a list of our preferred and recommended providers, all of which meet our standards for delivering music to our platform.