මෙම වසරේ පැවැති WWDC event එක අතරතුර, Apple සමාගම ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Lossless සහ Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් නිවේදනය කළ බව මීට පෙර ද අප ඔබව දැනුවත් කරනු ලැබුවා.

Android සඳහා වන Apple Music App එක සඳහා Lossless සහ Spatial Audio සහාය ලබාදීමට Apple සමාගම කටයුතු කරයි
මෙම වසරේ WWDC event එක අතරතුර[/everything-apple-announced-at-the-wwdc-2021-event/], Apple සමාගම ඔවුන්ගේ musicstreaming service එක වන Apple Music සඳහා Lossless සහ Spatial Audio ඇතුළුවිශේෂාංග කිහිපයක් නිවේදනය කිරීමට කටයුතු කළ අතර මේ වනවිට එම විශේෂාංග beta testersලා හට පමණක් සීමාවෙමින් Android සඳහා…

එම පහසුකම beta testers ලා හට පමණක් සීමාවෙමින් Android පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට Android පරිශීලකයන් හටද එම Lossless සහ Spatial Audio පහසුකම් මෙන්ම, Automatic Crossfade සහ library enhancements කිහිපයක්ම හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වනවිට Android device හි Apple Music භාවිතා කරන පරිශීලකයන් හට දැන් Google Play Store හරහා ඉහත පහසුකම් ඇතුළත් නවතම update එක ලබා ගැනීමට පුලුවන්.

Apple Music - Apps on Google Play
Experience music like never before. Apple Music gets you closer to the songs, albums and artists you love. Get unlimited access to millions of songs and your entire music library. All ad-free and available across all your devices. Try 3 months free today. There’s no commitment - cancel anytime. Str…

කෙසේ වෙතත් iOS device එකකට සාපේක්ෂව මෙහි Spatial Audio පහසුකමේ සීමිත බවක් දැකගත හැකි වන අතර විශේෂයෙන් ඕනෑම headphone එකක් සමග ක්‍රියා කිරීමට හැකි වුවත්, Apple සමාගම පවසන ආකාරයට Spatial Audio පහසුකම ක්‍රියා කිරිම සදහා ඔබගේ Android smartphone එක Dolby Atmos සදහා සහාය දැක්විය යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.