Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති.

Apple WWDC 21 event එක පැවැත්වීමට නියමිත දිනයන් නිළ වශයෙන් නිවේදනය කිරීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference (WWDC) 2021 event එකonline event එකක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇති අතර, එය පැවැත්වීමට නියමිත දිනයන්නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා. Apple’s Worldwide Developers Conference is back in its all-online formatAppletoday announced i…

මෙවර WWDC event එක අතරතුරදීත් සුපුරුදු පරිදි iOS එකේ අලුත් සංස්කරණය, macOS එක, iPadOS එක මෙන්ම watchOS එකට අලුතින් එකතු වන පහසුකම් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට Apple සමාගම කටයුතු කළා.

iOS 15

iOS 15 පිළිබඳව විස්තර කිරීමේදී එය staying connected, finding focus, using intelligence සහ exploring the world යනුවෙන් category කිහිපයක් යටතේ පැහැදිලි කිරීමට Craig Federighi කටයුතු කරනු ලැබුවා.


Apple devices භාවිතා කරන්නන්ගේ ප්‍රියතම සේවාවක් වන FaceTime වලට මෙවර අලුත් පහසුකම් කිහිපයක් එකතු කර තිබෙන අතර, කතා කරනු ලබන්නාට අදාල video එක screen එකේ තිබෙන location එක අනුව ඔහුගේ/ඇයගේ කටහඬ අදාල පැත්තෙන් ඇසෙන spatial audio නම් පහසුකමක් මෙන්ම, background noise ඉවත් කරන voice isolation පහසුකමක් මෙහිදී හඳුන්වාදෙනු ලැබුවා.

එමෙන්ම FaceTime call එකකදී background එක blur කර, අදාල පුද්ගලයාව focus කරනු ලබන portrait mode එකක් ද එකතු කිරීමට කටයුතු කර ඇති අතර, call එකක් අතරතුරදී music සහ videos share කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා.

View post on imgur.com

අනෙක් විශේෂ කාරණය වූයේ Zoom, Google Meet වැනි සේවාවන් වල මෙන් FaceTime meeting නිර්මාණය කර, ඒවා link එකක් හරහා බෙදාහැරීමටත්, එය Apple ecosystem එකට පමණක් සීමා නොකර Android, Windows හෝ වෙනත් operating system එකක් භාවිතා කරන්නන් හට වුවත් web browser එක හරහා එකතු වීමේ අවස්ථාව ලබාදීමයි.

iOS notification වලට අලුත් පෙනුමක් ලබාදීමට කටයුතු කර ඇති අතර, notification batching නම් වූ පහසුකමක් හරහා විවිධ notifications එකට එකතු කර ඒවායේ වැදගත්කම අනුව අනුපිළිවෙලට සකස් කර පරිශීලකයා වෙත ඉදිරිපත් කරන අලුත් පහසුකමක් ද හඳුන්වාදෙනු ලැබුවා.

මීට අමතරව Focus නම් පහසුකමක් හරහා විවිධ අවස්ථා වලට ගැලපෙන අයුරින් notifications arrange කරගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී Do not disturb, Work, Sleep වැනි විවිධ pre-defined focus ක්‍රම කිහිපයක් ලබාදෙන අතර on-device machine learning භාවිතා කරමින් අදාල mode වලදී ලැබිය යුතු notifications වැනි දෑ තීරණය කිරීම සඳහා උදව් කිරීමට ද අලුත් iOS එකට හැකියාව තිබෙනවා.

එමෙන්ම තමන්ට අවශ්‍යය නම් තමන්ටම අනන්‍යය වූ Focus modes නිර්මාණය කරගැනීමේ හැකියාව ඇති අතර, මෙලෙස සකස් කරනු ලබන සියළුම focus modes ඔබගේ සියළුම Apple devices අතර sync වනු ඇති බවද Apple සමාගම පෙන්වා දෙනවා.

මීට අමතරව messages app එකට updates කිහිපයකුත්, තමන් භාවිතා කරන apps විසින් තමන්ගේ location එක, camera එක හෝ microphone එක වැනි privacy වලට අදාල දෑ access කළ ආකාරය පෙන්වන privacy report එකකුත්, හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iOS Camera app එකට LiveText නම් වූ අලුත් පහසුකමක් හඳුන්වාදෙමින් text, landmarks, සතුන් වර්ග වැනි දෑ හඳුනාගැනීමේ හැකියාව ලබාදී ඇති අතර, මෙලෙස හඳුනාගනු ලබන text copy කිරීම, translate කිරීම හෝ search කිරීමේ හැකියාව ද පරිශීලකයා හට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම පහසුකම ක්‍රියාත්මක වන්නේ on-device intelligence සහ deep neural networks භාවිතා කරමින් වන බවත්, මෙම තොරතුරු cloud එකට නොයවා device එක තුළම process කරනු ලබන බවත්, iPhone, iPads සහ Mac පරිගණක වලදී මෙය භාවිතා කළ හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Apple Wallet එක වැඩිදියුණු කරමින් home, office හෝ hotel keys Apple Wallet එක තුළ save කර, ඒවා සඳහා සහාය දක්වන දෙරවල් විවෘත කිරීමේ හැකියාව ලබාගත හැකි බවත්, ඉදිරියේදී රියදුරු බළපත්‍රය වැනි දෑ ද මේ ආකාරයට iPhone එක තුළ save කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරනු ලබන බවද Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.

මේ පහසුකම් සියල්ලම සමඟින් විස්තර නොකළ තවත් කුඩා පහසුකම් රාශියක් ද ඇතුලත්ව iOS 15 සංස්කරණය පහත devices සඳහා නිළ වශයෙන් ලබාදීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

  • iPhone 12, iPhone 12 Mini, iPhone 12 Pro, iPhone 12 Pro Max
  • iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max
  • iPhone XS, iPhone XS Max
  • iPhone X, iPhone XR
  • iPhone 8, iPhone 8 Plus
  • iPhone 7, iPhone 7 Plus
  • iPhone 6S, iPhone 6S Plus
  • iPhone SE (first and second generation)
  • iPod Touch (seventh generation)

iPadOS 15

iPadOS එක මෙවර වැඩි වශයෙන්ම multi-tasking පිළබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බව දැකගත හැකිවූ අතර, මේ සඳහා අලුත්ම multi-tasking menu එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

iPadOS එක සඳහා iOS වල දැනට තිබෙන home screen widgets පහසුකම ලබාදීමටත්, App Library පහසුකම එකතු කිරීමටත් Apple සමාගම කටයුතු කර ඇති අතර, system-wide ලෙස gesture එකකින් access කළ හැකි Quick Notes නම් වූ පහසුකමක් ද හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම system-wide text translation පහසුකමක් මෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු කතා කරමින් සිටින විට එම coversation එක real-time ලෙස translate කිරීමේ හැකියාව ද iPadOS එකට එකතු වෙනවා.

View post on imgur.com

iPadOS එකට එකතු වන තවත් විශේෂිත අංගයක් වන්නේ Swift Playground පහසුකම වන අතර, ඒ හරහා apps නිර්මාණය කිරීමටත්, ඒවා App Store එකට submit කිරීමේ හැකියාව ලබාදීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iPadOS 15 සංස්කරණය පහත සඳහන් iPad සඳහා ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.

  • iPad Pro 12.9-inch (first through fifth generation)
  • iPad Pro 11-inch (first through third generation)
  • iPad Pro 10.5-inch
  • iPad Pro 9.7-inch
  • iPad (fifth through eighth generation)
  • iPad Mini (fourth and fifth generation)
  • iPad Air (second through fourth generation)

Apple සමාගමේ Mail app එකට සහ Safari Browser එකට අලුත් security පහසුකම් කිහිපයක් එකතු කර ඇති අතර, විශේෂයෙන්ම email එක යවන්නාගේ IP address එක සහ location එක hide කිරීමටත්, marketing mails වලදී ඒවා view කරනු ලැබුවේද නැද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා එවනු ලබන trackers disable කිරීමටත් එයට හැකියාව ලැබෙනවා.

මීට අමතරව iCloud Plus නම් වූ subscription එක හරහා දැනට iCloud වල paid plan එකක් භාවිතා කරන පරිශීලකයින් හට ‍අමතර මුදලක් නොගෙවා භාවිතා කළ හැකි VPN පහසුකමක් සහ Hide My Email නම් වූ random email address භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට ද Apple සමාගම කටයුතු කරනු ලබනවා.

එමෙන්ම Siri speech recognition පහසුකම මින් අනතුරුව audio recording Apple servers වලට නොයවා අදාල processing කටයුතු device එක තුලදීම කරනු ඇති අතර, මේ හරහා internet connection එකක් නොමැති අවස්ථා වලදී වුවත් Siri පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ සමඟින්ම Siri සේවාව third-party devices සඳහා අන්තර්ගත කිරීමේ හැකියාව ලබාදෙනු ඇති අතර, ඉදිරියේදී Apple සමාගම විසින් නිශ්පාදනය නොකරන devices වලින් පවා Siri සේවාව access කිරීමේ හැකියාව මේ අනුව ලැබෙනු ඇත.


iOS 15 සමඟින් iPhone එකකට walking steadiness එක, එහෙමත් නැතිනම් පියවර තැබීම පිළිබඳව දත්ත analyze කිරීමේ හැකියාව ලැබෙන අතර, health app එක හරහා step count එක, heart rate එක වැනි දෑ monitor කර ඒවායේ trend එක පිළිබඳව තොරතුරු පරිශීලකයාට ලබාදීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම මෙම health data සියල්ල පවුලේ අනෙකුත් අය සමඟ share කරගැනීමේ හැකියාව ලැබෙන අතර මේ හරහා තම දෙමාපියන් සුවෙන් සිටීද වැනි කාරණා ඉතාමත් පහසුවෙන් දැනගැනීමට හැකියාව දරුවන් හට ලැබෙනවා.

watchOS 8

Apple සමාගම විසින් ඔවුන්ගේ watchOS එකට ද වැඩිදියුණු කිරීම් කිහිපයක් එකතු කර ඇති අතර, මේ වන විට watchOS එක හරහා respiratory rate එක, එනම් ඔබ මිනිත්තුවකට හුස්ම ගන්නා වාර ගණන track කිරීමේ හැකියාව ලබා දෙනවා.

එමෙන්ම watchfaces සඳහා portrait-mode භාවිතා කරමින් layer කිහිපයකින් යුතු අලංකාර watchfaces නිර්මාණය කරගැනීමේ හැකියාව ද watchOS එක වෙත එකතු වෙනවා.

මීට අමතරව Scribble handwriting recognition පහසුකම සෑම text view එකකටම හඳුන්වාදෙනු ඇති අතර, මේ හරහා පරිශීලකයා හට ඕනෑම text view එකක් මත cursor එක තබා තමන්ට අවශ්‍යය අකුරු වල හැඩය watch එක මත ඇඳීමෙන් text input කිරීමේ හැකියාව ලැබෙනවා.

watchOS 8 සංස්කරණය පහත සඳහන් Apple Watches සඳහා ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ඇත.

  • Apple Watch Series 3
  • Apple Watch Series 4
  • Apple Watch Series 5
  • Apple Watch Series 6
  • Apple Watch SE

macOS Monterey

macOS මෙහෙයුම් පද්ධතියේ මීලඟ සංස්කරණය macOS Monterey නමින් හඳුන්වනු ඇති අතර, එය අලුති පහසුකම් රැසකින් සන්නද්ධ කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙලෙස macOS එකට අලුතින් එකතු කළ පහසුකම් අතරින් ඉතාමත් සිත්ගන්නාසුළු පහසුකමක් වන්නේ Universal control යන නමින් හඳුන්වන, Mac පරිගණකයේ keyboard එක සහ mouse එක හරහා iPads control කිරීමේ හැකියාවයි.

මේ පහසුකම භාවිතා කිරීම සඳහා ඔබගේ iPad එක MacBook එක අසලින් තැබීම පමණක් ප්‍රමාණවත් වන අතර, Mac පරිගණකය විසින් ස්ව්‍යංක්‍රීයව එක හඳුනාගැනීමට කටයුතු කරනවා.

මීට අමතරව iOS වෙත හඳුන්වාදුන් FaceTime SharePlay පහසුකම, Shortcuts පහසුකම මෙන්ම Mac පරිගණකයේ display එකට AirPlay හරහා content stream කිරීමේ හැකියාව ද ලබාදීමට නියමිත වෙනවා.

එමෙන්ම Safari browser එකේ UI එක සම්පූර්ණයෙන්ම පාහේ අලුත් කිරීමටත්, තමන්ගේ browser tabs group කළ හැකි tab groups පහසුකම හඳුන්වාදීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙලෙස නිර්මාණය කරන tab groups, ස්ව්‍යංක්‍රීයවම තම iCloud ගිණුම සමඟ සම්බන්ධ කර ඇති devices අතර sync වන බවද Apple සමාගම වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබුවා.

macOS Monterey සංස්කරණය පහත සඳහන් වන mac පරිගණක සඳහා ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ඇත.


මෙම event එක අතරතුරදී එළිදක්වනු ලැබූ පහසුකම් සියල්ලක්ම පාහේ Android, Windows හෝ අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් හට අලුත් දෙයක් නොවුවත්, M1 chip එක තමන්ගේ device family එකටම හඳුන්වාදීම හරහා Apple සමාගම තැබූ දැවැන්ත පියවර හමුවේ අනෙකුත් සමාගම් වලට ඒ තත්ත්වයට ළඟා වීමට තවත් වසර ගණනාවක් ගතවිය හැකි බව දැකිය හැකි වෙනවා.

තමන්ගේ software වලට ගැලපෙන hardware තමන් විසින්ම නිශ්පාදනය කිරීමට අමතරව, මේ වන විට එකම architecture එකක් මත ක්‍රියාත්මක වන devices family එකක්ම Apple සමාගම සතු වෙනවා.

මේ හරහා software updates ලබාදීම, අලුත් පහසුකම් ලබාදීම ඉක්මණින් සහ සාපේක්ෂව අඩු මහන්සියකින් ලබාදිය හැකි වන අතර, Android හෝ Windows වල දැනට ජනප්‍රියව පවතින පහසුකම් iOS, iPadOS මෙන්ම macOS වලට එකතු කිරීම මෙන්ම ඒවා අභිබවා යමින් අලුත්ම පහසුකම් ලබාදීමත් ඉදිරියේදී දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Software, Hardware වලට අමතරව සෑම essential කටයුත්තකටම අවශ්‍යය කරන Services ද first-party ලෙසම ලබාදෙමින්, ඒවා seamless ලෙස එකිනෙක සම්බන්ධ කරමින් Apple devices භාවිතා කරන්නන් තම ecosystem එකෙන් පිටතට යෑම හෝ පිටත තවත් දේ ඇති බව දැනගැනීමට හෝ ඉඩ නොතැබීමට Apple සමාගම මේ වන විටත් බොහෝ දුරට සමත් වී ඇති බව දැකගත හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.