ලොව පුරා බොහෝ සෙයින් ජනප්‍රිය TikTok app එක මේ වනවිට downloads බිලියන 3 සීමාව පසු කළ පළමු non-Facebook app එක බවට පත්වී තිබෙන බව Sensor Tower blog අඩවියේ නවතම වාර්තා මගින් පෙන්වා දෙනවා.

TikTok Becomes the First Non-Facebook Mobile App to Reach 3 Billion Downloads Globally
Sensor Tower data reveals that TikTok has now surpassed 3 billion installs globally, the first non-Facebook app to do so.

මෙලෙස downloads වාර බිලියන 3 පසු කල Facebook සමාගමට අයත් නොවන පළමු app එක TikTok app එක වෙනවා මෙන්ම, downloads වාර බිලියන 3 පසු කල පස්වෙනි non-gaming app එක බවට පත්වීමටද TikTok app එකට හැකියාව ලැබී තිබෙනවා.

මීට පෙර downloads වාර බිලියන 3 පසු කළ Non-Gaming apps හතරම Facebook ආයතනය සතු WhatsApp, Messenger, Facebook සහ Instagram යන apps වෙනවා.

Sensor Tower Store දත්ත මගින් පෙන්වා දෙන ආකාරයට, TikTok app එක 2021 මුල් භාගයේදී ගෝලීය වශයෙන් වැඩිම downloads ප්‍රමාණයක් සහ වැඩිම ආදායමක් උපයාගත් non-game app එක වන අතර 2021 මුල් භාගයේදී TikTok app එක downloads මිලියන 383 කට ආසන්න ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙනවා.

මෙම දත්තවලට අනුව, TikTok හි adoption rate එක 2021 වසරේදී ඉහළ ගොස් ඇති අතර first-time downloads ප්‍රමාණය 2020 සිව්වන කාර්තුවේ සිට 2021 පළමු කාර්තුව දක්වා 17% කින්ද, 2021 පළමු කාර්තුවේ සිට 2021 දෙවන කාර්තුව දක්වා 16% කින්ද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත්, 2020 මුල් භාගයේ ලබාගත් downloads මිලියන 619 ට සාපේක්ෂව මේ වන විට TikTok app එකේ download ප්‍රමාණය වසරින් වසර 38%කින් පහළ වැටී තිබෙන අතර එයට ප්‍රධානතම හේතුව වූයේ TikTok app එක ඉන්දියානු app store එකෙන් ඉවත් කිරීම බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ගෝලීය වශයෙන්, TikTok හි consumer spending මේ වනවිට ඩොලර් බිලියන 2.5 ඉක්මවා ඇති අතර 2014 වසරේ සිට මේ දක්වා ඩොලර් බිලියන 1 කට වැඩි දළ ආදායමක් උපයා ඇති non-game apps 16 ක් පමණ ඇති අතර ඉන් ඩොලර් බිලියන 2.5 කට වඩා වැඩි සීමාවකට ළඟා වී ඇත්තේ Tinder, Netflix, YouTube සහ Tencent Video යන apps පමණයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා SensorTower blog අඩවිය, GizmoChina වෙබ් අඩවිය සහ macrumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.