පසුගිය වසරේ ජුනි මාසයේදී Raspberry Pi ආයතනය විසින් ඔවුන්ගේ Raspberry Pi 4 board එක හඳුන්වාදීමට කටයුතු කළ අතර, මෙම වසරේ ජුනි මාසයේදී Raspberry Pi 4 සංස්කරණයේ 8GB RAM එක සහිත මාදිලියක් ද හඳුන්වාදීමට කටයුතු කළ බව ඔබට මතක ඇති.

එමෙන්ම Raspberry Pi එක සාමාන්‍යය පරිගණකයක් ලෙස භාවිතා කිරීම පහසු කරවමින් මේ සඳහා නිළ වශයෙන් Ubuntu මෙහෙයුම් පද්ධතිය සමඟින් Ubuntu Desktop එක ලබාදීමට පසුගියදා Canonical ආයතනය විසින් කටයුතු කරනු ලැබුවා.

Ubuntu 20.10 Groovy Gorilla සංස්කරණය සමඟින් Raspberry Pi සඳහා Ubuntu Desktop එක ලබාදීමට කටයුතු කරයි
Ubuntu මෙහෙයුම් පද්ධතියේ හිමිකරු වන Canonical ආයතනය විසින් පසුගිය ඔක්තෝම්බර් 22වැනි දින ඔවුන්ගේ නවතම සංස්කරණය වන Ubuntu 20.10, එහෙමත් නැතිනම් Groovy Gorillaසංස්කරණය එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. ‍මෙම සංස්කරණය සමඟින් Raspberry Pi භාවිතා කරන්නන් හට ඉතාමත් හොඳ පුවතක් වාර්තා වනඅතර, මේ හරහා Rasber…

ඔන්න දැන්, තවත් පියවරක් ඉදිරියට තබමින් Raspberry Pi ආයතනය විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන Raspberry Pi 400 නම් වූ පරිගණකය එළිදැක්වීමට කටයුතු කර ඇති අතර, හෙි විශේෂත්වය වන්නේ මෙය full size keyboard එකකට අන්තර්ගත කොට නිර්මාණය කර තිබීමයි.

මේ පරිගණකය quad-core 1.8 GHz Broadcom Processor එකක් , 4GB LPDDR4 RAM, Gigabit Ethernet, USB 3.0 ports 2 ක් , USB 2.0 port 1 ක් , සහ micro HDMI port 2 කින් සමන්විත වන අතර, micro HDMI port ද්විත්වයකින් ද සමන්විත වෙනවා.

මේ අනුව මෙය සාමාන්‍යය monitor එකකට හෝ TV එකකට සම්බන්ධ කර, සාමාන්‍යය පරිගණකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව මේ සඳහා Raspberry Pi OS එක ද ලබාදෙනු ලබන අතර මේ මෙහෙයුම් පද්ධතියෙ Raspberry Pi 400 පරිගණකයේ අන්තර්ගත වන hardware වලට ගැලපෙන අයුරින් optimize කර ඇති බැවින්, ඉතාමත් smooth ලෙස ක්‍රියාත්මක වන බව ද ඔවුන් පෙන්වා‍ දෙනවා.

මේ හුරුබුහුටි Raspberry Pi 400 computer එකෙහි මිල ඇමෙරිකානු ඩොළර් 70ක් ලෙස සඳහන් කර ඇති අතර, පහත සඳහන් දෑ අඩංගු වන Raspberry Pi 400 Personal Computer Kit එක ඇමෙරිකානු ඩොළර් 100කට අලෙවි කිරීමට ද ඔවුන් සූදානමින් සිටිනවා.

  • A Raspberry Pi 400 computer
  • Our official USB mouse
  • Our official USB-C power supply
  • An SD card with Raspberry Pi OS pre-installed
  • A micro HDMI to HDMI cable
  • The official Raspberry Pi Beginner’s Guide

මීට අමතරව මෙම පරිගණකය හරහා මෙන්ම ඕනෑම Raspberry Pi එකක් ප්‍රයෝජනවත් ආකාරයෙන් භාවිතා කරන ආකාරයන් පිළිබඳව විස්තර අඩංගු වන Raspberry Pi Beginner’s Guide එකේ 4 වැනි සංස්කරණය ද නිකුත් කිරීමට Raspberry Pi ආයතනය මේ වන විට කටයුතු කර තිබෙනවා.

UK සහ US keyboard layout එක ඇති මෙම පරිගණක මේ වන විට ඔවුන්ගේ stores හරහා වෙළඳපොලට නිකුත් කර ඇති අතර ඉදිරියේදී Italian, German, සහ Spanish යන භාශා වලින් ද ලබාදීමට බළාපොරොත්තු වන බවත්, මෙම වසර අවසාන වන විට  India, Australia, සහ New Zealand වැනි රටවල් වලට ද මෙය නිකුත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම 2021 පළමු මාස කිහිපය වන විට ලොව පුරා සිටින Raspberry Pi ලෝලීන් හට මෙය පහසුවෙන් මිලදීගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද එම ආයතනය සඳහන් කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Raspberry Pi වෙබ් අඩවිය, Raspberry Pi Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.