Ubuntu මෙහෙයුම් පද්ධතියේ හිමිකරු වන Canonical ආයතනය විසින් පසුගිය ඔක්තෝම්බර් 22 වැනි දින ඔවුන්ගේ නවතම සංස්කරණය වන Ubuntu 20.10, එහෙමත් නැතිනම්  Groovy Gorilla සංස්කරණය එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

‍මෙම සංස්කරණය සමඟින් Raspberry Pi භාවිතා කරන්නන් හට ඉතාමත් හොඳ පුවතක් වාර්තා වන අතර, මේ හරහා Rasberry Pi සඳහා full desktop experience එකක් ලබාදීමට මේ Ubuntu 20.10 සංස්කරණය හරහා කටයුතු කර තිබෙනවා.

Ubuntu for Raspberry Pi | Ubuntu
The Raspberry Pi is an ARM computer for everybody. Perfect for teaching, coding, surfing the web or simply as a desktop for anyone, anywhere. The Raspberry Pi with Ubuntu is a gateway to the world of open source invention.

මේ අනුව පසුගිය වර්ෂයේදී එළිදැක්වුණු Raspberry Pi 4 මාදිලිය මත මෙන්ම 4GB සහ ඊට ඉහළ RAM එකක් ඇති Raspberry Pi 2 සහ 3 යන මාදිලි වලද මෙය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වන අතර ඊට පහළ මාදිලි වලටද මෙය install කළහැකි වුවත්, එය ඉතාමත් slow අත්දැකීමක් වනු ඇති බව ද වාර්තා වෙනවා.

මීට අමතරව 2-in-1 devices සඳහා ද on-screen keyboard එක සහ තවත් බොහෝමයක් devices සඳහා fingerprint readers ද ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Install Ubuntu on a Raspberry Pi 2, 3 or 4 | Ubuntu
Ubuntu is an open-source operating system for cross platform development, there’s no better place to get started than with Ubuntu on a Raspberry Pi.
Download Ubuntu for Raspberry Pi 2,3 and 4

ඉහත link එක හරහා ගොස් ඔබගේ Raspberry Pi මාදිලියට ගැලපෙන Ubuntu සංස්කරණය download කරගත හැකි අතර ඒ සඳහා අවශ්‍යය වන tutorial එකක් ද ලබාදීමට Canonical ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Ubuntu වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.