Apple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 11.30 ට “One More Thing” නමින් තවත් virtual event එකක් පවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

Apple Event
One more thing. Join us for a special Apple Event on November 10, 2020 at 10 a.m. PST.

මෙම event එක ඔස්සේ Apple සමාගම ඔවුන්ගේ Apple Silicon වලින් බලගැන්වෙන Mac නිෂ්පාදන පෙළක් එළිදක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පසුගිය ජුනි මාසයේදී පැවැත්වූ WWDC 2020 event එකේදී Apple සමාගම ඔවුන්ගේ mac පරිගණක සඳහා Intel processors වෙනුවට තමන්ගේම ARM-based CPU වෙත මාරු වීමට සූදානම් බව ප්‍රකාශ කරනු ලැබුවා.

එමෙන්ම, නොවැම්බර් මාසයේදී මෙම Apple Silicon මත පදනම් වුණු mac පරිගණක එළිදැක්වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ අතර දැනට වාර්තා වී ඇති නිළ නොවන තොරතුරු වලට අනුව, අඟල් 12 ක MacBook එකක් ARM-based chipset එකකින් බලගැන්වෙන පළමු mac device එක වනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, අඟල් 13 ක MacBook Pro එකක් හෝ නව අඟල් 24 ක iMac එකක් ARM-based chipset එකකින් බලගැන්වෙන පළමු mac device එක වනු ඇති බවයි.

Apple සමාගම විසින් නොවැම්බර් 17 වැනි දින ARM-powered Macs එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි
Apple සමාගම විසින් ඔවුන්ගේ Mac පරිගණක සඳහා Intel processors වෙනුවට ARM-basedchips භාවිතයට යොමුවීමට සූදානම් වෙමින් සිටින බව මින් පෙර ලිපියක් හරහා අප ඔබවදැනුවත් කළා මතක ඇති. Apple ආයතනය විසින් Mac පරිගණක සඳහා Intel වෙනුවට ARM-based processors භාවිතයටයොමු වන ලකුණුApple සමාගම මේ මාසයේ පැවැත්වීමට නිය…

මෙම event එක ඔබට Apple සමාගමෙහි Events වෙබ් අඩවියෙන් මෙන්ම, YouTube සහ Apple TV හරහාද නැරඹීමට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, macrumors වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.