2017 වසරේදී Nokia වෙළඳනාමය HMD Global සමාගම යටතට පත් වීමත් සමඟම Android මෙහෙයුම් පද්ධතිය ඔස්සේ Nokia දුරකථන නිකුත් කිරීම සිදුකළ බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.

මේ අනුව අභාවයට යමින් තිබුණු Nokia වෙළඳනාමය වසර කිහිපයක් ඇතුලත නැවතත් ජංගම දුරකථන ලොව පෙරමුණට ගෙන ඒමට මොවුන් සමත් වූ අතර, පසුගිය දිනෙක ලොව විශ්වාසනීයම ජංගම දුරකථන නිෂ්පාදකයා ලෙස කිරුළු දරන්නට ද සමත් වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Counterpoint සමීක්ෂණ ආයතනය නිකුත් කළ Trust Ranking ශ්‍රේණිගතකිරීම් අනුව Nokia දුරකථන පළමු ස්ථානයට පත්වෙයි
Counterpoint සමීක්ෂණ ආයතනය විසින් 2020 වසරට අදාළ Trust ranking ශ්‍රේණිගතකිරීම්වාර්තාව නිකුත් කර තිබෙන අතර එයට අනුව Nokia ජංගම දුරකථන එහි පළමුවැනි ස්ථානයට පත්වී තිබෙනවා. Update speed, Hardware durability ආදී Category යටතේ මෙම සමීක්ෂණය සිදු කර තිබෙනඅතර, සියලුම Android වෙළඳනාම අභිබවා මෙලෙස Nokia වෙ…

මීට අමතරව සමාගමේ අතිශය ජනප්‍රිය පැරණි දුරකථන වල නව මාදිලි නිකුත් කිරීමටද මෙලෙස HMD සමාගම සමාගම කටයුතු කළ අතර ඒ අනුව Nokia 2720, Nokia 3310, Nokia 8110 වැනි මාදිලි මෙලෙස නව මුහුණුවරකින් නිකුත් කිරීම සිදු කෙරුණා.

HMD Global සමාගම විසින් සුප්‍රසිද්ධ Nokia 2720 ජංගම දුරකථනය නැවත වෙළඳපොලට හඳුන්වාදීමට කටයුතු කරයි
Nokia වෙළඳ නාමය ජංගම දුරකථන ලොව කිරුළු පැළඳ සිටි දින වල ලොව පුරා ජනප්‍රියත්වයටපත්ව තිබූ Nokia 3310 ජංගම දුරකථනය HMD Global සමාගම[https://en.wikipedia.org/wiki/HMD_Global] විසින් Nokia නාමය යටතේ 2017 වර්ෂයේදීනැවත නිකුත් කිරීමට කටයුතු කළා මතක ඇති. ඔන්න දැන්, එවැනිම ජංගම දුරකථනයක් වන Nokia 2720 ජංග…

ඒ වගේම KaiOS ඔස්සේ බලගැන්වෙන Nokia 225 හා Nokia 215 යන Feature Phone ද 4G තාක්ෂණයද සහිතව නිකුත් කිරීමට Nokia සමාගම පසුගියදා කටයුතු කර තිබුණා.

මේ අතර සිය අතිශය ජනප්‍රිය පැරණි දුරකථන මාදිලි ද්විත්වයක් වන Nokia 6300 හා Nokia 8000 යන මාදිලිද නැවත නව මුහුණුවරකින් නිකුත් කිරීමට HMD සමාගම සූදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

ඇත්තටම මෙහි KaiOS එක Run වෙනවාද නැතිනම් Symbian OS එක මගින් බළගැන්වෙනවාද යන්න පිළිබඳව පැහැදිලි නැතත්, Nokia විසින් මෑතකදී නිකුත් කල පැරණි මාදිලි වල නව සංස්කරණයන් සියල්ලේම ඇතුළත් වූයේ KaiOS බැවින් මෙම මාදිලි වලටද KaiOS එක ඇතුළත් වනු ඇති බවට විශ්වාස කල හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Nokiamob වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.