Raspberry Pi Foundation එක විසින් ඔවුන්ගේ Raspberry Pi 4 මාදිලිය මීට වසරකට පමණ පෙර නිකුත් කිරීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Raspberry Pi Foundation එක විසින් ඔවුන්ගේ අලුත්ම Raspberry Pi 4 Board එක හඳුන්වා දෙයි
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මිලෙන් අඩු Raspberry Pi 3A board එක හඳුන්වාදීමටකටයුතු කළ බව [/raspberry-pi-made-a-cheaper-version-of-its-most-powerful-pc/] අපිඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන්, Raspberry Pi Foundation එක[https://en.wikipedia.org/wiki/Raspberry_Pi_Foundation] විසින් ඔවුන්ගේ Raspb…

මේ ​වන විට ලෝකය පුරාම මේ මාදිලියෙන් units මිලියන 3ක අලෙවිකරණ සීමාවක් පසු කර ඇති අතර Raspberry Pi module එක බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී.

දැනට ඔවුන්ගේ නවතම මොඩියුලය ලෙස වෙලද පොලෙහි ඇති Raspberry Pi 4 මාදිලියේ ඇති සංස්කරණ වල අන්තර්ගත වන RAM ධාරිතාව පිළිවෙලින් 2GB සහ 4GB වන අතර මේ වන විට මේ සංස්කරණ අතරට 8GB මාදිලියක් ද එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

Raspberry pi 4 model B 1GB,2GB,4GB

මූලිකව නිකුත් කෙරුණු Raspberry Pi 4 මාදිලියේ අන්තර්ගත වුණු BCM2711 chipset එක 16GB දක්වා වන LPDDR4 SDRAM එකකට සහාය දක්වනු ලැබුවත්, 2019 වර්ෂය වන විට මීට සරිලන memory module එකක් නිෂ්පාදනය කර‍න්නෙකු නොසිටි බවත්, කෙසේ නමුත් මේ වන විට Micron සමාගම විසින් මීට සරිලන 8GB LPDDR4 SDRAM එකක් නිකුත් කිරීමට කටයුතු කිරීම නිසාවෙන් මේ 8GB RAM එකක් සහිත Raspberry Pi 4 module එකක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණු බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Image credits: TechCrunch

​මේ වන විට මේ අලුත් Raspberry Pi 4 (8GB) මොඩියුලය වෙලඳපොල වෙත නිකුත් කර ඇති අතර මෙහි මිල ඇමෙරිකානු ඩොලර් $75 ලෙස සටහන් වෙනවා.

  • Raspberry Pi 4 (2GB RAM) - $35
  • Raspberry Pi 4 (4GB RAM) - $55
  • Raspberry Pi 4 (8GB RAM) - $75

මේ අලුතින් නිකුත් කළ මාදිලියෙහි අන්තර්ගත වන 8GB RAM එකෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා Raspbian operating system එකේ 64bit සංස්කරණයක් ද නිකුත් කිරීමට සූදානමින් සිටින අතර මේ වන විට එය Beta මට්ටමේ පවතිනවා.

දැනට පවතින Raspbian OS එක 32bit සංස්කරණයක් වන අතර, විශේෂයෙන්ම 32bit operating system එකකට තාක්ෂණිකව භාවිතා කළ හැකි උපරිම memory ප්‍රමාණය 4GB වන බැවින්, මොවුන් මේ අලුත් 64bit සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මේ Raspbian operating system එකේ අලුත් සංස්කරණයත් සමඟින් මෙය Raspberry Pi OS ලෙස නම් කිරීමට ද Raspberry Pi Foundation එක තීරණය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Raspberry Pi Blog එක, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.