OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය වන OnePlus Nord ජංගම දුරකථනය AR Event එකක් හරහා මෙම මස 21 වැනි දින එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event එකක් හරහා නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි
OnePlus සමාගම විසින් එළිදැක්වීමට නියමිත OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳවතොරතුරු රාශියක්ම පසුගිය සති කිහිපය පුරාවට අන්තර්ජාලය තුළ දැක ගැනීමට හැකි වූ අතරමීට දින කිහිපයකට පෙර OnePlus සමාගම විසින් OnePlus Nord ජංගම දුරකථනය pre-orderකිරීමට පවා අවස්ථාව ලබා දුන් බව අප ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. අලුත…

බළාපොරොත්තු වූ පරිදිම ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය, 90Hz Display එකක්, rear camera 4ක් සහ selfie camera දෙකක් ඇතුළුව 5G තාක්ෂණය ද සහිතව ඊයේ දිනයේ එළිදැක්වීම කටයුතු කරනු ලැබුවා.

මෙම OnePlus Nord ජංගම දුරකතනයට flagship මට්ටමේ features කිහිපයක්ම ගෙන ඒමට OnePlus සමාගම කටයුතු කර ඇති අතර 90Hz refresh rate එකක් සහිත AMOLED display එකක්, 48MP Sony IMX586 primary rear camera එක, Warp Charge 30T, Sub-6GHz 5G සඳහා සහාය දැක්වීම, Android-based OxygenOS එක මේ අතර කැපී පෙනෙනවා.

තරමක් කණගාටුවට කරුණ වන්නේ OnePlus Nord ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Snapdragon 765G processor එකක් මගින් වීම වන නමුත් mid-range ජංගම දුරකථනයක් වශයෙන් එය ඉතාමත් හොඳ chipset එකක් වෙනවා.

OnePlus Nord ජංගම දුරකතනයේ specs:

  • Screen: 6.44-inch OLED, 2400 x 1080 resolution with a 20:9 aspect ratio
  • Rear cameras: wide-angle 48-megapixel, ultrawide 8-megapixel (119-degree) lens, 2-megapixel macro camera, 5-megapixel depth sensor
  • Selfie camera: wide-angle 32-megapixel, ultrawide 8-megapixel (105-degree) camera
  • Dimensions: 73.3 x 158.3 x 8.2 mm, 184g
  • Processor: Qualcomm Snapdragon 765G
  • Memory: 8GB or 12GB RAM
  • Storage: 128GB to 256GB
  • Battery: 4,115mAh
  • OS: OxygenOS 10.5 based on Android 10
  • Connectivity: Wi-Fi 802.11a/b/g/n/ac, Bluetooth 5.1 with AptX, AptX HD, LDAC, and AAC, Sub-6GHz 5G, LTE
  • Biometric authentication: fingerprint sensor
  • Fast charging: Warp Charge 30T

මෙම ජංගම දුරකථනය USB Type-C port එකකින් සමන්විත වන අතර 3.5mm headphone jack එකක් සහ wireless charging පහසුකමද අන්තර්ගත නොවන බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් OnePlus ජංගම දුරකතන බොහොමයකට ආවේණික alert slider එක OnePlus Nord වලද දැකගැනීමට හැකියාව ඇති අතර, OnePlus සමාගම විසින් Snapdragon 765G processor එකත් සමඟ විශාල ප්‍රමාණයේ LPDDR4X RAM එකක් සහ හොඳ UFS 2.1 storage සමඟ ඒකාබද්ධ කර ඇති බැවින් මෙම ජංගම දුරකථනය ඉතාමත් වේගවත් සහ smooth වනු ඇත.

OnePlus සමාගම විසින් මේ Nord ජංගම දුරකථනයෙහි camera setup එක පිළිබඳව විශාල විශ්වාසයක් තබා ඇති බව දැකගත හැකි වන අතර මෙහි ඇති primary camera එක OnePlus 8 දුරකතනේ ඇති කැමරාවට සමාන වේ.

Primary sensor එකත් සමඟ ultra-wide-angle camera එකක්, dedicated depth sensor එකක් සහ macro camera එකක් අන්තර්ගත වන අතර, මෙහි ඉදිරිපස primary sensor එක ලෙස 32MP camera එකක් සහ 8MP wide-angle camera එකක් අන්තර්ගත වෙනවා.

OnePlus Nord ජංගම දුරකථනය Android 10 මත පදනම් වූ OxygenOS 10.5 සංස්කරණය මගින් බළගැන්වෙන අතර මොවුන්ගේ OxygenOS එක සමඟින් ඔබට ඉහළ වැඩිදියුණු කිරීම් කිහිපයක් සමඟ clean Android experience එකක් ලබාගත හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.

එමෙන්ම මෙම ජංගම දුරකථනය සඳහා වසර දෙකක් දක්වා software updates සහ වසර තුනක් දක්වා security updates ලබාදෙන බවට OnePlus සමාගම ප්‍රකාශ කර සිටිනවා.

OnePlus Nord ජංගම දුරකතනය Blue Marble සහ Gray Onyx යන වර්ණවලින් තෝරාගත් කලාපවල පමණක් ලබා ගත හැකිය. මෙහි මිල පිළිබඳව අවධානය යොමුකිරීමේදී,

යුරෝපය සඳහා

  • 8GB + 128GB: යුරෝ 399 | 12GB + 256GB: යුරෝ 499 ලෙසත්,
  • එක්සත් රාජධානිය සඳහා 8GB + 128GB: පවුම් 379 | 12GB + 256GB: පවුම් 469 ලෙසත්,

ඉන්දියාව සඳහා

  • 6GB + 64GB: ඉන්දියානු රුපියල් 24,999 (සැප්තැම්බර් මස නිකුත්වන අතර Gray Onyx colour එක පමණක් ඇත) (~$335)
  • 8GB + 128GB: ₹27,999 (~$375) | 12GB + 256GB: ₹29,999 (~$402) ලෙසත් මිල නියම කර තිබෙනවා.

මෙම ජංගම දුරකථනය 2020 අගෝස්තු මස 4 සිට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ඇති අතර ඉන්දියාවට පමණක් විශේෂ 6GB සහ 64GB variant එකක් ඉන්දියානු රුපියල් 24,999 ($ ​​335) ක මුදලකට අලෙවි කිරීමට නියමිත වන නමුත් මෙම device එක මිලදී ගැනීමට හැකියාව ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයේදීය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක