COVID-19 වසංගත තත්වය හේතුවෙන් මාස ගණනාවක් ප්‍රමාදයට පත්ව තිබුණු Google සමාගමේ 2020 වර්ෂය සඳහා හඳුන්වාදීමට නියමිතව තිබුණු Pixel 4a ජංගම දුරකථනය ඊයේ දිනයේදී නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.

Pixel 4a ජංගම දුරකථනය එක් වර්ණයකින් සහ එක් size එකකින පමණක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය වර්ෂයේ නිකුත් කළ Pixel 3a ජංගම දුරකථනයටත් වඩා අඩු මිළකට වෙළඳපොලට නිකුත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

Google Pixel 4a Specifications
  • Dimensions - 144 x 69.4 x 8.2mm
  • Display - 5.81″ OLED display at 2340×1080 resolution
  • CPU - Qualcomm Snapdragon 730G
  • GPU - Adreno 618
  • RAM & Storage -6GB LPDDR4X + 128GB UFS 2.1
  • Battery - 3,140mAh
  • Charging - 18W USB Type-C Power Delivery
  • Rear Camera - 12.2MP Sony IMX363, f/1.7 aperture lens, 1.4µm pixels, 77° field-of-view, Dual Pixel Phase Detection, OIS, EIS, Dual LED flash
  • Front Camera - 8MP Sony IMX355, f/2.0 aperture lens, 1.14µm pixels, 84° field-of-view, EIS, fixed focus
  • Ports - USB Type-C port / 3.5mm headphone jack
  • Android Version - Android 10 ( 3 years of Android OS upgrades )

Design

මේ Pixel 4a ජංගම දුරකථනය plastic body එකකින් නිර්මාණය කර ඇති අතර, Pixel 4 ජංගම දුරකථනයේ මෙන්ම පසුපස camera එක සහ ද්විත්ව flashers කොටු හැඩැති camera bump එකක් තුල පිහිටුවා තිබෙනවා.

මීට අමතරව මෙහි fingerprint module එක ජංගම දුරකථනයේ පිටුපසින් පිහිටුවා ඇති අතර උඩින් 3.5mm headphone jack එකත්, පහලින් USB-C port එකත් දැකගැනීමේ හැකියාව තිබෙනවා.

Display

Hole-punch display cutout එකක් සහිතව Google සමාගම විසින් නිපදවූ පළමු ජංගම දුරකථනය Pixel 4a ජංගම දුරකථනය වන අතර මෙහි ඉදිරිපස වම් කෙරවරේ කැමරාව පිහිටා තිබෙනවා. එමෙන්ම මේ සඳහාම නිර්මාණය කළ wallpapers රැසක් ද Google ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

Pixel 4a දුරකථනයේ bezels Pixel 3a සහ 3a XL හී යොදා ඇති bezels වලට වඩා කුඩා වන අතර අඟල් 5.81ක FHD+ (2340×1080) display එකක් මෙම දුරකථනයට ලබාදී ඇති නමුත් Pixel 4a සඳහා ලබාදී ඇත්තේ refresh rate එකකින් යුතු standard 60Hz OLED panel එකකි.

Camera

මෙහි camera එක විශේෂත්වයක් ගන්නේ Pixel 3, 3A, සහ Pixel 4 යන ජංගම දුරකථන වල primary camera එකට යොදාගෙන ඇති Sony 12-megapixel IMX363 sensor එක mid-range ජංගම දුරකථනයක් වූ Pixel 4a ජංගම දුරකථනයේ ද අන්තර්ගත කර තිබීම නිසාවෙනුයි.

මේ හරහා ලබාගන්න ඡායාරූප මෙහි flagship model එක වන Pixel 4 ජංගම දුරකථනයෙන් ලබාගනු ලබන ඡායාරූප වලට සෑම ලෙසකින්ම සමාන වන බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

f/1.7 aperture එකක් ඇති මේ 12.2MP Sony IMX363 image sensor එක 1.4µm pixel size එකකින් ද, 77° field-of-view එකකින් ද, Dual Pixel Phase Detection පහසුකමින් ද, OIS සහ EIS යන පහසුකම් වලින් ද සමන්විත වෙනවා.

මෙහි front-facing camera එක සඳහා 8MP Sony IMX355 image sensor එකක් සහිත කැමරාවක් භාවිතා කර ඇති අතර එය f/2.0 aperture එකකින් සමන්විත fixed focus lens එකකින් යුතු වෙනවා. මෙම camera එක 1.14µm pixel size එකකින් ද, 84° field-of-view එකකින් සහ EIS පහසුකම සඳහා සහාය දක්වනවා.

මීට අමතරව ජංගම දුරකථන වලට ඇති හොඳම camera app වලින් එකක් වන Google Camera app එක හරහා Live HDR+, dual exposure controls, Night Sight with astrophotography, Social Share, Portrait Mode වැනි අනෙකුත් Pixel camera පහසුකම් සියල්ලක්ම මෙහි අන්තර්ගත වෙනවා.

Performance

Google Pixel 4a දුරකථනය බල ගැන්වෙන්නේ Qualcomm Snapdragon 730G SoC එකකින් වන අතර මෙය octa-core CPU එකකින් සමන්විත වෙනවා. මෙහි අන්තර්ගත වන cores 8 සකස් වී තිබෙන්නේ 2.2GHz high-performance cores දෙකකින් සහ 1.8GHz cores 6කින් ලෙසයි.

මෙහි GPU එක සඳහා Qualcomm Adreno 618 chip එක අන්තර්ගත කිරීමට Google ආයතනය විසින් කටයුතු කර ඇති අතර 6GB LPDDR4X RAM එකකින් සහ 128GB UFS 2.1 storage එකකින් මෙම දුරකථනය සමන්විත වෙනවා.

Power

Google සමාගම ප්‍රකාශ කරන ආකාරයට, මේ Pixel 4a ජංගම දුරකථනය එක් වරක් charge කළ පසු පැය 24ක කාලයක් දක්වා භාවිතා කළ හැකි වන අතර, මෙයට 3,140mAh battery එකක් ඇතුලත් කර තිබෙනවා.

විශේෂයෙන්ම මේ ජංගම දුරකථනය Qualcomm Snapdragon 730 chipset එකකින් බළගැන්වෙන බැවින් processing කටයුතු සඳහා බොහෝ අඩු බැටරි ධාරිතාවක් භාවිතා කරනු ලැබෙනවා.

එමෙන්ම මේ Pixel 4a ජංගම දුරකථනය USB Type-C port එකක් හරහා 18W USB Power Delivery පහසුකම සඳහා සහාය දක්වන නමුත්, wireless charging සඳහා සහාය නොදක්වන බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Software

Google Pixel devices බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙහි ඇති pure Android experience එක වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ අනුව මේ Pixel 4a ජංගම දුරකථනය Android 10 සංස්කරණය සමඟින් නිකුත් වන අතර අනෙකුත් Pixel ජංගම දුරකථන වලට මෙන්ම වසර 3ක කාලයක් දක්වා software updates ලබාදීමට කටයුතු කරනු ලබන බවද Google සමාගම ප්‍රකාශ කරනවා.

මීට අමතරව Google Now Playing පහසුකම, අලුත් Google Assistant on-device recognition පහසුකම, වැඩිදියුණු කරන ලද Live Captions පහසුකම, Google Recorder app එක, Personal Safety app එක, Always on Display පහසුකම වැනි අනෙකුත් Google Pixel වලට ආවේණික වූ සියළුම පහසුකම මෙයට අන්තර්ගත වන නමුත්, Google Active Edge පහසුකම මෙම ජංගම දුරකථනයේ ඇතුලත් වන්නේ නැහැ.

Pixel 4a සඳහා වසර 3 ක Android OS upgrades ලබාදීමට Google සමාගම විසින් පොරොන්දු වී ඇති නිසාවෙන් Android 11, Android 12 සහ Android 13 අනිවාර්යෙන්ම මෙම දුරකථනයට ලැබෙන අතර වසර 3 ක් සඳහා monthly Android security patch updates Pixel 4a දුරකථනය සඳහා ලබාදීමටද Google ආයතනය විසින් කටයුතු කරනු ලබනවා.

Google Pixel 4a Review - Marques Brownlee

Google Pixel 4a Pricing සහ Availability

දැනට Google Pixel 4a දුරකථනය ලබාගැනීමට හැකිවන්නේ Just Black වර්ණයෙන් පමණක් වන අතර ඉදිරියේදී Basically Black, Blue Confetti සහ Static Grey යන වර්ණ වලින්ද නිකුත් කිරීමට නියමිතව ති‍බෙන බව දැනගන්නට ලැබෙනවා.

Google Pixel 4a දුරකථනය ඇමෙරිකානු ඩොලර් 349 කට වෙළඳපොලට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර Amazon, Google Fi, Google Store සහ Best Buy මඟින් pre-order කිරීම හරහා 2020 අගෝස්තු 20 වන දින සි‍ට ලබාගත හැකි වෙනවා.

මීට අමතරව මීළඟට නිකුත් කිරීමට නියමිත Google Pixel 4a 5G මාදිලිය ඇමෙරිකානු ඩොලර් 499ක මුදලකට වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත වෙනවා.

Google Store
Shop the latest Google devices

Pixel 4a දුරකථනය 2021 අප්‍රියෙල් 30 වන දිනට පෙර මිලදී ගෙන සක්‍රිය කරන පරිශීලකයින් හට මාස 3ක YouTube Premium, Google Play Pass සහ Google One (100GB/month) ලබාදීමට Google සමාගම සුදානමින් සිටිනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා නිළ Google Store වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.