OnePlus සමාගම විසින් පසුගියදා OnePlus 9 series එක එළිදැක්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

Hasselblad කැමරා සමඟ නවතම OnePlus 9 series එක එළිදැක්වීමට OnePlus සමාගම කටයුතු කරයි
මාර්තු මස 23 වෙනිදා OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 9 series එළිදැක්වීමටනියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති. මාර්තු 23 වැනි දින OnePlus 9 series එක එළිදැක්වීමට කටයුතු කරන බව OnePlus සමාගමනිළ වශයෙන් නිවේදනය කරයිOnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ ජංගම දුරකථන මාදිලි…

මෙම OnePlus 9 series එකෙහි ඇති OnePlus File Manager app එකෙන් File Dash විශේෂාංගය ඉවත් කර තිබෙන බව පසුගියදා Reddit පරිශීලකයින් කිහිපදෙනකු විසින් සඳහන් කළ අතර එම අවස්ථාවේ File Dash විශේෂාංගය ඉවත් කළ හේතුවක් OnePlus සමාගම විසින් ඉදිරිපත් කර තිබුණේද නොමැති වුණා.

නමුත් දැන් OnePlus සමාගම විසින් මේ පිළිබඳව හේතු දැක්වීමට කටයුතු කර ඇති අතර ඔවුන් සඳහන් කරන ආකාරයට, Android devices අතර පහසුවෙන් සහ බාධාවකින් තොරව files transfer කරගැනීම සඳහා “File Dash” විශේෂාංගය Google සමාගම විසින් ලබාදුන් “Nearby Share” විශේෂාංගයෙන් ආදේශ කර ඇති බවත්, files transfer කිරීම සඳහා ඔබට Nearby Share පහසුකම භාවිතා කළ හැකි අතර, යම් හෙයකින් ඔබගේ දුරකතනය ඒ සඳහා සහාය නොදක්වන්නේ නම්, පරිශීලකයන් හට bluetooth මගින් හෝ වෙනත් third-party app එකක් හරහා files transfer කරගැනීමට හැකියාව තිබෙන බවත් OnePlus ආයතනය පෙන්වාදෙනවා.

File Dash යනු peer-to-peer fast wireless transfer විශේෂාංගයක් වන අතර එමඟින් පරිශීලකයින් හට OnePlus File Manager app එක භාවිතයෙන් අවශ්‍ය files ඉක්මනින් එකිනෙකා වෙත transfer කිරීමට හැකියාව තිබෙනවා.

ඒ සඳහා Google account එකක් අවශ්‍ය නොවන අතර ඔබට OnePlus device එකක් නොතිබුණද File Dash වෙතින් share කරන files receive කිරීමට හැකියාව තිබෙනවා.

File Dash විශේෂාංගය 2016 අග භාගයේදී OnePlus 3 ජංගම දුරකතනය සඳහා Oxygen OS 3.5.5 සමඟ හඳුන්වා දුන් අතර එය Google Play (2.6.4.0) වෙතින් ලබා ගත හැකි නවතම update එකත් සමඟින් OnePlus 8T හි OnePlus File Manager එක හරහා තවමත් භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත්, app එකෙහි 2.6.4.5 version එක සහිත OnePlus 9 series එකේ මෙම විශේෂාංගය දැකගැනීමට නොහැකි වෙනවා.

OnePlus File Manager - Apps on Google Play
• Quick browsing through categories like: file type, downloads, recent files, and large files.• Check available storage with just a glance on a simple dashboard.• Password-protect private files, assign a password or fingerprint to files in the Lockbox.• View all files in Internal storage and Driv…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.